Life එක Repair කර ගන්න

Life එක Repair කර ගන්න

- in Social
101443
0

මිනිස්සු විදිහට අපි හැමෝම හීන දකිනවා. සාමාන්‍යයෙන් පිළිගැනීමක් තියෙනවා “මිනිස්සු දවසේ පැය 24න් පැය 20න් විතර මේ හීන දකින්න වැය කරනවා කියලා.කෙල්ලෝ කොල්ලො දකින හීන , වැඩිහිටියෝ දකින හීන, ළමයි දකින හීන, එකිනෙකට වෙනස්.

මේ අතරින් අපි කෙල්ලෝ කොල්ලෝ දකින හීන අරං බැලුවම උඩින් ම තියෙන්නේ ආදරය.පාරේ ලස්සන කෙල්ලෙක් දකිනකොටම කොල්ලෝ හීන මවනවා.ලස්සන කොල්ලෙක් දකිනකොට කෙල්ලෝ හීන මවනවා.හොඳ bike එකක හරි car හරි couple එකක් යනවා දැක්කොත් ඒ ගැන හීන මවනවා. මේ විහට මේ හීනත් එකට එකට වෙනස්. මේ විදිහට ගත්තම love affiar එකක වුනත් හීන මවන කාලේ තමයි ලස්සනම කාලේ කියන්නේ. ඒ කියන්නේ කෙනෙක් තව කෙනෙක් ගැන හිතේ තියාගෙන ඒක කියන්න බැරුව ඉන්න try කරන කාලේ , අදහස කියලා ආදරය කරන කාලේ කාලේ සහ පස්සේ affiar එකක් braek වුනාට පස්සේ කාලේ විදිහට කොටස් 3කට වෙන් කරලා බැලුවම මේ අතරින් සුන්දර සහ ලස්සනම කාලේ, හිතට මතක තියෙන කාලේ වෙන්නේ අර හිතේ තියාගෙන ඒක කියන්න බැරුව ඉන්න try කරන කාලේ. මොකද ඒ කාලේ තමයි එක එක ජාතියේ හීන මවන්නේ. ඒ කියන්නේ ෆැන්ටසියක් තියෙන්නේ.මේ ආදරයේ ෆැන්ටසි මය කාලේ මාරයි. හැරුණත් බැලුවත් ඒ සියල්ල තමන්ට අදාල කරගෙන ෆැන්ටසිය හදා ගන්නවා. හිත රිදෙයි කියලා පට්ට බයයි.ඒ නිසා හිත රිද්දනනේ නැතුව ඉන්න පට්ට try කරනවා. පැය ගණන් එනකල් බලං ඉන්නවා සිතුවිල්ලකින් වත් ඒ ගැන කේන්ති ගන්නේ නැතුව. ඇයි එහෙම වුනොත් එයා නැතිවෙයි, ෆැන්ටසිය කුඩුවෙයි කියලා බයයි.මේ නිසා හරි පරිස්සමට තමයි ආදරේ කරන්නේ.

ඊට පස්සේ කොහොම හරි try කරලා කරලා අදහස කියලා කැමති කරවා ගත්තට පස්සේ ආදරය කරන්න ගන්නවා. ඒත් ඒකේ මුල් කාලේ අර මාර ෆැන්ටසියේ බලපෑමක් තියෙනවා. නිකං ෆැන්ටසියේ පා වෙනවා වගේ දැනෙනවා. මුළු ලෝකෙම ඉන්නේ ඔයයි එයයි විතරයි වගේ දැනෙන්න ගන්නවා.මෙහෙම කාලයක් යනකොට ඔය දෙන්නගේ සංස්කෘතියක් ගොඩනැගිලා ඉවරයි.අදරේට කියන පණ, රත්තරං, පැටියෝ, සුදු මැණික,වස්තු වගේ වචන සහ good morning, good night, tcbs නොවරදවාම කියන එක, කථා කරන වෙලාව, මේ ආදී දේවල් වලට සම්මතයක් සංස්කෘතියක් ගෙඩනැගිලා ඉවරයි.පණ, රත්තරං, පැටියෝ, සුදු මැණික,වස්තු වගේ වචන කියන පලවෙනි සති දෙකේ තුනේ පට්ට කික් එකක් තියෙනවා.මාර lol. නිකං බොක්කටම වදිනවා.

මෙහෙම කාලයක් යනකොට ඕක typical එකක් වෙනවා. දන්නවා මෙයා මේ වෙලාවට කථා කරනවා. good morning wasthu කියලා තමයි පළවෙනි message එකේ තියෙන්නේ. දවල්ට කන්න කලින් call කරනවා.මේ විදිහට අර සංස්කෘතිය typical එකක් එහෙම නැත්තං නියමයක් වෙන්න ගන්නවා. ඊට පස්සේ උදේට “good morning wasthu ” කියනෙක, රෑට නිදාගන්න කලින් call කරන එක.txt කරන එක පුරුද්දක් නැත්තං සිරිතක් වෙනවා.මේ love සිරිත අවධියේ ඔන්න එකිනෙක පරස්පරතා පටං ගන්නවා, මතභේද, මතවාද, වාද විවාද තව ශාරීරික හිංසන වෙනකල් යන්න පුළුවන් වෙලාවල් තියෙනවා.සමහර වෙලාවට මිනී මරා ගැනීම් පවා වෙන්නේ මේ කාලේ. ඇයි දැන් අර ඉස්සර තරම්ම ආදරේ දැනෙන්නේ නෑ.පණ, රත්තරං, පැටියෝ, සුදු මැණික,වස්තු කිව්වට lol එකක් නෑ.අහලම ඇතිවෙලා.මොකද සමහර වෙලාවට බනින්නෙත් ” වස්තු” කියලා. එහෙම වුනාම ඒ වචනේ සිරිතක් වෙනවා. ඒකේ feeling එක ගිහිල්ලා නිකං අකුරු ටිකක් විතරක් වෙලා. මේ නිසා මේ කාලේ වෙනකොට ආදරේ පුරුද්දක් නැත්තං සිරිතක් වෙලා ඉවරයි.මේ සිරිත ටිකක් හරි වෙනස් වෙයි කියලා හිතන ගොඩාක් අය කියන්නේ” නෑ ඕක බැන්දට පස්සේ හරියයි – එතකොට එයා ඉන්නේ මං එක්කමනේ” කියලා හිත හදා ගන්නවා.

මෙහෙම හිතලා අර සිරිතක් වගේ පුරුද්දක් වගේ වෙලා තියෙන තත්වයෙන් මිදෙන්නත් එක්ක කසාද බඳින්න තීරණය කරනවා. ඊට පස්සේ ඒ ගැන හීන මවනවා.ඒක ෆැන්ටසියක් වෙනවා. ඒ ‍ෆැන්ටසිය ඉවර වුනාම ආයෙත් ජීවිතය අර වෙනදට වැඩිය වෙනස් ඒත් typical එකක් නැත්තං සිරිතක් වෙනවා. දෙන්නම ඉරිදට market යනවා, සිකුරාදට එළියෙන් කනවා,පෝය දාට පන්සල් යනවා,උදේට බත් බැඳගෙන office යනවා. හවසට එකට එනවා. මේ විදිහට ඒකත් සිරිතක් වුනාම ගොඩාක් අය කරන්නේ ඒක වෙනස් වෙන්න දරුවෝ හදනවා, ගෙවල් හදනවා. ඊට පස්සේ වෙ‍න්නේ ආයෙත් ජීවිත typical වෙන එක.

මෙහෙම බැලුවොත් කිසි ගැලවීමක් නෑ ජීවිතේ.හැබැයි ගැලවීමක් නැති වුනත් අපිට ගැලපීමක් කර ගන්න පුළුවන්. ඔය typical mode එකෙන් එළියට එන්න.ඒකට ජීවිතේ නිතර තිතර අළුත් වැඩියා කර ගන්න වෙනවා.ඒකාකාරීත්වය කුඩු පට්ටම් කරලා ජීවිතේ එක හැඩයකට කොටු නොකර තියාගන්න පුළුවන් නම් ඔන්න දිනුම්.අඩුම ගානේ වෙන මොකක් වත් බැරිනම් යන එන පාර , කන බොන කෑම, කොන්ඩේ කපන විදිහ ,වගේ දේවල් වත් වෙනස් කරලා ජීවිතේ repair කර ගන්න බලන්න. නැත්තං වෙන්නේ මළා වගේ ජීවත් වෙන්න.

By Araage Adipaara

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *