සිංහල වෙදකම

සිංහල වෙදකම

- in All, Science
481
0

ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය සිංහල වෙදකම හෙවත් හෙළ වෙදකම නම්වේ. මෙය අපට වෙනත් කිසිඳු රටකින් හඳුන්වාදෙන ලද්දක් නොව අප රටෙහි සිටි ඉපැරණි යක්ෂ ගෝත්‍රිකයින් විසින් නිපදවූ එකකි. ආයුර්වේදය හා හෙළ වෙදකම යනු දෙකකි.මෙය මහනුවර යුගයේ සිටම පටලවා වටහාගත් දෙයකි. හෙළ වෙදකම යනු ආයුර්වේදයට වඩා ප්‍රබල එමෙන්ම 100% ක් දේශීය වෙදකමකි. නමුත් වර්තමානයේ මේ දෙකෙහි සුළු සුළු සමානකම් ඇත. එයට ඓතිහාසික සිදුවීම් රාශියක් හේතුවේ.යන්ත්‍ර-මන්ත්‍ර භාවිතයෙන් ලෙඩ රෝග සුවකිරීම ආදී නොයෙකුත් විස්මිත ප්‍රතිකාර ක්‍රම රාශියක් මෙහි පවතී.

ඓතිහාසික සිංහල වෙදවරුන්
පුලස්ති ඉසිවරයා
රාවණා රජ
බුද්ධදාස රජු
මහා පරාක්‍රමබාහු රජු
දෙවැනි පරාක්‍රමබාහු රජු

අනුරාධපුර සහ පොළොන්නරු රාජධානි සමයන් හි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඉතා දියුණු මට්ටමක පැවතියද පොළොන්නරු රාජධානිය බිඳ වැටීමත් සමඟඉ එය පසුබෑමට ලක්විය. කෝට්ටේ යුගයෙහි දී පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය යම් පමණකින් හෝ නඟා සිටුවීමට උත්සාහ ගන්නා ලද්දේ 1707 දී රජකමට පත් නරේන්ද්‍රසිංහ රජු විසිනි. එතුමාගේ ආරාධනාව පරිදි වැලිවිට සරණංකර සඟරජ හිමිපාණන් විසින් ” භේසජ්ජ මඤ්ජුසා” නම් පාලි වෛද්‍ය ග්‍රන්ථය සිංහලයට පරිවර්තනය කරන ලදි. සියවස් ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකීය ජනතාව සිය සෞඛ්‍යය පවත්වා ගෙන යාම සඳහා භාවිතා කළ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය1505 දී පෘතුගීසින් ගේ ආක්‍රමණයත් සමඟ සැළකිය යුතු ලෙස අභියෝගයට ලක් විය. පෘතුගීසි පාලන සමයේ කොළඹ, යාපනය සහ මන්නාරම යන නගරයන්හි රෝහල් පිහිටුවන ලදි. ලන්දේසින් විසින් එක් එක් ආරෝග්‍යශාලාවට දේශීය වෛද්‍යවරයෙකු බැගින් පත්කරනු ලැබීය. ඒ ලන්දේසි වෛද්‍යවරයාට සහය වීම පිණිසය. පෘතුගීසි හෝ ලන්දේසි මෙන් නොව බ්‍රිතාන්‍ය පාලකයෝ රට වැසියාට සෞඛ්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වූහ. මේ කාලයේ විවිධ වසංගත රෝග පැගිර යාම සුලභ කරුණක් විය. ඒ නිසා ගම් මට්ටමින් ජංගම බෙහෙත් ශාලා පිහිටුවීමට බ්‍රිතාන්‍ය ජාතිකයෝ පියවර ගත් අතර බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ප්‍රචලිත කරවූහ. 1858දී මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පිහිටු වූ බ්‍රිතාන්‍ය පාලකයෝ බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය රජයේ වෛද්‍ය ක්‍රමය ලෙස දියුණු කළහ. මේ නිසා රට වැසියන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය වෙතින් ඈත් වීමට පටන් ගත්හ.

ශ්‍රී ලංකාවේ වර්තමාන ආයුර්වේද වෛද්‍ය ක්‍රමය

ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවා පුළුල් වශයෙන් ක්‍රියාත්මක වන්නේ බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයයි. නමුත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ද නව පිබිදීමක් දක්නට ඇත. විශෞෂයෙන් ශ්‍රී ලංකාව සංචාරකයන ආකර්ෂණය කරන තෝතැන්නක් බවට පත් වීමට ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය හේතු වී තිබේ. ඒ හැර ශ්‍රී ලාංකිකයන් ද පෙරට වඩා වැඩි උනන්දුවක් ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම සහ වත් පිළිවෛත් කෙරේ දක්වති. වර්තමානයේ ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයන් පුහුණු කිරීම විවිධ ආකාරයෙන් සිදුවේ. ඇතැම් විට බටහිර වෛද්‍ය සම්ප්‍රදායයන් අනුව ද වෛද්‍යවරු සහ හෙදියන් පුහුණු කෙරෙති. දේශීය වෛද්‍ය අමාත්‍යාංශයත් ඒ යටතේ පිහිටුවා ඇති ආයුර්වේද දෙපාර්තමේන්තුවත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සංවර්ධනය කිරීම හා ව්‍යාප්ත කිරීමෙහි ලා ප්‍රධාන කාර්යයක් ඉටු කරයි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඉගැන්වීම හා පුහුණු කිරීම විධිමත් අන්දමින් සිදු කෙරේ. ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයන් ලියාපදිංචි කිරීම මගින් පිළිගැනීමක්,ප්‍රමිතියක් සහ ආරක්ෂණයක් සපයා ඇත. 1961 අංක 31 ආයුර්වේද පනත යටතේ ආයුර්වේද වෛද්‍ය සභාව පිහිටුවා ඇති අතර එමගින් සහ පනත මගින් දක්වන සුදුසුකම් සපුරාලන තැනැත්තන් වෛද්‍ය වෘත්තිකයන් ලෙස ලියාපදිංචි කෙරෙනු ලැබේ. එසේ ලියාපදිංචිය ලබා ගත් වෛද්‍යවරුන්ට පමණක් “වෛද්‍යාචාර්ය” යන නාමය භාවිතා කිරීමට අවසර තිබේ. ආයුර්වේද වෛද්‍ය අධ්‍යාපනය උපාධි මට්ටමින් පිළිගැනීම දේශීය වෛද්‍ය විද්‍යායතනය මගින් සහ ආයුර්වේද වෛද්‍ය සභාව මගින් සිදු කරයි. ශ්‍රී ලංකාවේ කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ආයතනය මගින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සහ යුනානි වෛද්‍ය ක්‍රමය පිළිබඳ උපාධි පාඨමාලා පවත්වා ගෙන යයි.

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *