La Celeste

La Celeste

- in All, Sports
66
0

මහද්වීපික තරගාවලියක් මෙන්ම ලෝක කුසලාන තරගාවලියකද ආරම්භක තරගාවලි දෙකම ජයග්‍රහණය කරපු කණ්ඩායමක් ඉන්න පුලුවන්ද ? ඔව් එහෙම කණ්ඩායමක් ඉන්නවා. ඒ තමා අද ලිපියෙන් කතා කරන උරුගුවේ පාපන්දු කණ්ඩායම. La celeste එහෙම නැත්තන් sky blue යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන උරුගුවේ පාපන්දු කණ්ඩායම තමා පළමු ලෝක කුසලාන තරගාවලිය මෙන්ම පළමු ලෝක කුසලාන තරගාවලියද ජයග්‍රහණය කරනු ලැබුවේ. ඒ වගේම අද මේ කතා කරන උරුගුවේ කණ්ඩායම තමා කෝපා ඇමරිකානු තරගාවලියේ Record Champions ලා වෙන්නෙත් . ඒ තරගාවලිය 15 වතාවක් ජයග්‍රහණය කරමින්.

කෝපා ඇමරිකානු තරගාවලියේ උරුගුවේ කණ්ඩායමේ දක්ෂතා ගැන කතා කරද්දි පළමු අවස්ථා 4න් තුනකදීම ඔවුන් ජයග්‍රාහී කණ්ඩායම වෙනවා. ඒ පිළිවෙලින් 1916 , 1917 හා 1920 වසර වලදී. ඉතින් මේ කාලේ මෙම තරගාවලිය හදුන්වපු නම තමයි දකුණු ඇමරිකානු තරගාවලිය ලෙස. ඊට අමතරව 1923 හා 1924 වසර වලද සත්කාරකත්වය සමගම තරගාවලිය ජයගැනීමට මොවුන් සමත් වෙනවා. 1925 දී තර්ගාවලියට සහභාගී නොවුනු මෙම උරුගුවේ කණ්ඩායම 1926 දී නැවත වතාවක් ජයගත්තේ තරගාවලි ත්‍රිත්වයක ජයග්‍රහණයන් සම්පූර්ණ කරමින්. 1935 , 1942 , 1956 , 1959 හා 1967 වසර වලදීද ඉන්පසුව දකුණු ඇමරිකානු තරගාවලිය මොවුන් ජයගන්නවා. මෙහි සුවිශේෂි කාරනාව තමා සත්කාරකත්වය දරපු සෑම අවස්ථාවකම මොවුන් තරගාවලිය ජයගැනීම.

ඉන්පසුව තරගාවලිය කෝපා ඇමරිකා ලෙස නම් කරනු ලැබුවයින් පසුවද 1983 , 1987 , 1995 හා තම අවසාන ජයග්‍රහණය 2011 දී සනිටුහන් කිරීමට උරුගුවේ කණ්ඩායම සමත් වෙනවා. 2011 වසරේදී තර්ගාවලියේ හොදම ක්‍රීඩකයා බවට පත්වන්නේද Luis Suárez විසින්.

ඉතින් මෙවර උරුගුවේ කණ්ඩායමේ පුහුණුකාරීත්වය Óscar Tabárez විසින් දරනු ලබන අතර කණ්ඩායම් නායකත්වය හිටපු Atletico Madrid ක්‍රීඩක Diego Godín විසින් දරනවා. Godin උරුගුව වෙනුවෙන් වැඩිම තරග ගණනකට ක්‍රීඩා කල ක්‍රීඩකයා ලෙසද ඉතිහාසගත වෙලා ඉවරයි. එමෙන්ම උරුගුවේ වෙනුවෙන් වැඩිම ගෝල රැස් කල Luis Suárez මෙන්ම Edinson Cavani හා Stuani ද උරුගුවේ ඉදිරි පෙල ශක්තිමත් කරනු ඇති. Suarez මේ season එකේදීද බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන් ගෝල 25 ක් රැස් කර අතරම Cavani විසින් PSG කණ්ඩායම වෙනුවෙන් ගෝල 23 ක් රැස් කරනු ලැබුවා. මීට අමතරව Carlos Sánchez , Arsenal කණ්ඩායමේ Lucas Torreira හා Inter කණ්ඩායමේ Matías Vecino මැද පෙළද José Giménez හා Godin සමග Laxalt පසුපෙළද ආරක්ෂා කිරීමට ක්‍රීඩාකරනු ඇත.

වසර 8 කට පසු උරුගුවේ කණ්ඩායමට නැවත වතාවක් කෝපා ඇමරිකානු කුසලානය තම දේශයට රැගෙන යාමට හැකිවෙයිද යන්න තව නොබෝ කලකින් බැලීමට හැකිවෙයි.

Charuka Madusanka

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *