ඉන්දියානු මහා මැතිවරණය – 2019

ඉන්දියානු මහා මැතිවරණය – 2019

- in All, Politics
421
0

2014 වර්ෂයේ පැවති 16 වන ඉන්දියානු ලෝක් සභා මැතිවරණය අවසන් වූයේ භාරතීය ජනතා පක්ෂය ආසන 282 ක් ජයග්‍රහණය කරමින් නරේන්ද්‍ර මෝදි එරට අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරවමින් ය. ඉන් වසර 5 ක් ගත වන තැන එනම් 2019 වර්ෂයේදී 17 වන ඉන්දියානු මහා මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබූ අතර අප්‍රේල් මස 11 වන දින සිට මැයි 19 දක්වා මැතිවරණය පැවැත්වුණා

ඉතින් ආසන 542 ක් සදහා සටන් වැදුණු ඉන්දියානු මැතිවරණ ඉතිහාසයේ අතිශය සුවිශේෂි මහාමැතිවරණයක තොරතුරු ඉතා සරලව පැහැදිලි කිරීම මෙම ලිපිය තුළින් බලාපොරොත්තු වෙනවා

තරග වැදුණු ප්‍රධාන පක්ෂ

ලෝක් සභාවේ පැවති ආසන 542 සදහා මෙවර ප්‍රධාන සංධාන දෙකකට අමතරව තවත් පක්ෂ රාශියක් තරග වැදුනා. මෙහිදී භාරතීය ජනතා පක්ෂය නායකත්වය සැපයූ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සංධානය ආසන 352 ක් ජයගනිමින් ලෝක් සභාවේ බහුතර ආසන ප්‍රමාණයක් තමන් සතු කරගත්තා. භාරතීය ජනතා පක්ෂය ආසන 303 ක් ජයගත් අතර එය 2014 ට වඩා ආසන 28 ක වැඩි වීමක් ලෙස දක්වන්නට පුලුවන්. ඒ අනුව දෙවන වතාවටද භාරතීය ජනතා පක්ෂයට නායකත්වය දැක්වූ නරේන්ද්‍ර මෝදි මහාමැතිවරණය ජයග්‍රහණය කරා.

අනෙක් අතට ඉන්දියාවේ පැරණිතම මෙන්ම විශාලම පරාසයක පැතිරී ගිය පක්ෂය වන ඉන්දියානු ජාතික කොංග්‍රසය එක්සත් ප්‍රගිතිශීලී සංධානයට නායකත්වය දැක්වූවා. එහි නායකයා ලෙස රාහුල් ගාන්ධි මැතිවරණයට එක්වූයේ තම පැරණි ප්‍රෞඪ දේශපාලන පවුලෙන් බිහිවන තවත් අග්‍රාමාත්‍යවරයෙකු වීමේ සිහිනයද ඇතුවයි. කෙසේ නමුත් මැතිවරණය අවසානයේ ඉන්දියානු ජාතික ක්‍රොංග්‍රසය ආසන 52 ක් පමණක් ජයගනිද්දි එක්සත් ප්‍රගිතිශීලී සංධානය ආසන 91 කට සීමා වුනා

අවසානයේදී ඉන්දියානු කොංග්‍රසය ඉතිහාසයෙ ලද දරුණුම පරාජයක් සනිටුහන් 2019 මැතිවරණය අවසන් වුනා.

මැතිවරණයට පෙර කාල සීමාව

මේ වසරේ ජනවාරි මස 12 වන දින භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ කරගත් සංධානය තම මැතිවරණ ප්‍රචාරණය ආරම්භ කරා. මෙහිදී භාරතීය ජනතා පක්ෂය් ජාතික ආරක්ෂාව මූලික කරගනිමින් ඔවුන්ගේ වසර 4 ක පාලනය වඩාත් ප්‍රචාරණයට ලක් කරනු ලැබුවා. ඊට අමතරව

  • 2022 වන විට කෘෂිකාර්මික අංශයට අදාල යටිතල පහසුකම් දියුණු කිරීමට ,
  • ද්වීතියික පාසල් රජයේ නියාමනයට ගැනීම හා පවත්වාගෙන යාම ,
  • වෛද්‍ය විද්‍යාල 75 ක් ආරම්භ කිරීම ,
  • පරිසර ආරක්ෂාව
  • සියලුම නිවාස වලට විදුලිය ලබා දීම ප්‍රධාන යෝජනා වුනා.

එමෙන්ම ලොව වේගවත්ම ආර්ථික වේගය පවතින රට ලෙස එම තත්වය ඉදිරියට ගෙන යාමද පොරොන්දු වුනා. 2019 වර්ෂයේ කමල් නාත් නම් කොංග්‍රස් මන්ත්‍රීගේ නිවස ආදායම් වාර්තා කොමිසම විසින් පරීක්ෂා කිරීමේදී ඇමරිකන් ඩොලර් මිලියන 41 මූල්‍ය අක්‍රමිකතා සිදුකර ඇති බවට වාර්තා වුනු අතර එයද තම වාසියට හරවා ගැනීමට මෝදී සමත් වුනා. අනෙක් අතට ඉන්දීය කොංග්‍රසය ප්‍රබල වශයෙන් පසුගිය කාලයේ සිදුවූ අක්‍රමිකතා ගැන තම ප්‍රචාරණයේදී කතා කරනු ලැබුවා. එහිදී

  • කෘෂිකාර්මික අංශයේ බිද වැටීම ,
  • දැඩි සේවා වියුක්තිය ගැන මෙන්ම අනවශ්‍ය වියදම් ගැනද ප්‍රචාරයට ලක් කරා
  • එමෙන්ම ‘නියුන්ටාම් ආයි යෝජනා’ ලෙස දුප්පත් පවුල් වල කාන්තාවන්ගේ ආර්ථික හැකියාව වැඩි කිරීම ,
  • මිලියනයක් වූ රජයේ රැකියා ,
  • අද්‍යාපනයට 2024 වන විට 12% ක් වෙන් කිරීම ,
  • අධිවේගී මාර්ග නිර්මාණය , ව්‍යවස්ථාවේ 370 සහ 350 වගන්ති අනුව ජම්බු කාශ්මීර ප්‍රදේශයට අයිතිවාසිකම් ලබා දීම ඒ අතර වැදගත් උනා.

ජාතික ආරක්ෂාව

ජාතික ආරක්ෂාව මෙම මැතිවරණයේදී වැදගත් අතිශය සාධකයක් උනා. විශේෂයෙන්ම ජාතික කොංග්‍රසය ආරක්ෂා ව සදහා වූ අධික වියදම් විවේචනය කරා. ඒ අතර තුර ඇති වූ පුලවාමා ප්‍රහාරය මෙන්ම ඉන්දීය ගුවන් යානා දෙකක් පකිස්තාන හමුදා විසින් බිම දැමීමද එයට මෝදි දැක්වූ ක්‍රියාකලාපය ද ඉන්දීය සමාජය තුළ දැඩි අප්‍රසාදයට ලක් වුනා.

ඒ උනත් අප්‍රේල් 21 ලංකාවට එල්ල වූ අයි එස් ප්‍රහාරය මෙන්ම එහිදී ඉන්දීය බුද්ධි අංශ වල කාර්යභාරය තම වාසියට හරවා ගැනීමට මෝදී සමත් උනා. ලංකාවට එල්ල වූ ප්‍රහාරය මෙන් ප්‍රහාරයක් ඉන්දියාවට එල්ල නොවන බවද එරට ආරක්ෂක අංශ වල ශක්තිමත් භාවයද මෝදී වඩ වඩා ප්‍රකාශයට පත් කරා. අවසාන ප්‍රථිපලයට බලපෑ ආසන්නතම කාරණාව ලෙසද මෙය පැහැදිලි කරන්න පුලුවන්.

ජන්දය ප්‍රකාශ කිරීම

මිලියන 900 ක් ජන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ මෙම මැතිවරණයේදී මිලියන 600 ක් එනම් 67% ක ප්‍රමාණයක් තම ජන්දය ප්‍රකාශ කර තිබෙනවා. එය ඉතිහාසයේ ජන්දය ප්‍රකාශ කරනු ලැබූ වැඩිම ප්‍රතිශතය ලෙස දක්වන්න පුලුවන්. එමෙන්ම කාන්තාවන් වැඩිම ප්‍රමාණයක් ජන්දය භාවිතා කරපු අවස්ථාවද මෙය ලෙස සදහන් වෙනවා.

සුවිශේෂි සිදුවීම්

මැතිවරණයේ සිදුවූ සුවිශේෂිම සිදුවීම ලෙස ඉන්දීය ජාතික කොංග්‍රසයේ නායක රාහුල් ගාන්ධි තම අමෙතී ප්‍රදේශයට අදාල ආසනය ප්‍රසිද්ධ නිලි ශ්‍රීමතී ඉරානි ට පරාජය වීම දක්වන්න පුලුවන්. මුලු ඉතිහාසයේම කොංග්‍රසය මෙම ආසනය පරාජය වී තිබුනේ තුන් වතාවක් පමණයි.

අවසානය

දකුණු ඉන්දියානු රාජ්‍යය ලෙස දේශපාලනයේ පවුල් වාදය අපිට අමුතු අලුත් දෙයක් නෙමෙයි. බණ්ඩාරනායක , සේනානායක වගේම ඉන්දියාවේ ගාන්ධි බංග්ලාදේශයේ රහමාන් වගේ ප්‍රභල දේශපාලන පවුල් බොහෝ විට ඒ රටවල දේශපාලනය හසුරවනු ලැබුවා. ඒ උනත් විචාරකයන්ට අනුව ගාන්ධි ලැබූ දැවැන්ත පරාජය සමග ඉන්දියාවේ පවුල් වාදයේ අවසානය ආරම්භ වූ බව සනිටුහන් වෙනවා

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *