InternationalNews

තූසීඩිඩීස්ගේ උගුල : ඇමරිකාව හා චීනය

0

මානව සංහතියේ දියුණුතම අවදිය විදිහට අපිට ග්‍රීක යුගය දකින්න පුලුවන්. ග්‍රීසිය කියලා කියන්නේ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරපු රටක්. හැබැයි ඒ රාජ්‍ය තුලද වසර 30 ක් පුරාවට ක්‍රියාත්මක වුනු පෙලොපේනිසියානු යුද්ධය දැක ගැනීමට පුලුවන් උනා. එවකට පෞර රාජ්‍ය වුන ඇතෑන්ස් හා ස්පාර්ටා අතර ක්‍රියාත්මක වුනු මෙම යුද්ධය දැකපු එවකට සිටි දේශපාලන දාර්ශනිකයෙකු වූ තූසීඩිඩීස් ප්‍රකාශ කලේ ” මෙම යුද්ධය නොවැළැක්විය හැකි වූයේ ඇතීනියානු බලයේ වර්ධනය සහ ස්පාටාව තුළ ඇති වූ බිය නිසා ” යනුවෙනි. ඉතින් මේ කාරනාව ආරක්ශක උභතෝකෝටිකය එහෙම නැත්තන් Security dilemma තත්වය ඉතිහාසගත උනේ තුසිඩීඩස්ගේ උගුල යන අනුවරථ නාමයෙන්.

තුසීඩීඩියස්

පෙලොපේනිසියානු යුද්ධය අවසන් වෙලා මේ වෙද්දී අවුරුදු 1000 කට ආසන්න කාලයක් ගත වෙලා. ඒ උනත් නැවත එවැනි යුද්ධයකට අවකාශය නිර්මාණය වෙලා තියෙනවා. ඒ ඇමරිකාව හා චීනය අතර. චීනයේ ආර්ථිකමය හා දේශපාලනික නැගී සීටමට ඇමරිකාව දක්වන ප්‍රතිචාරය මත ඒ බව තීරණය වනු ඇත.

දෙවන ලෝක යුද්ධය අවසානයත් සමග ඇමරිකාව ලෝක සුපිරි බලවතෙක් බවට පත්වෙන්නේ සෝවියට් රුසියාව සමග. එතැන් පටන් සාර්ථක සීතල යුද්ධ සමයකට පසුවත් ලෝක බලවතා කියන නාමයට තරගයක් දෙන්න පුලුවන් රටක් ඔවුන්ට විරුද්ධව සිටියේ නෑ. ඒ උනත් Xi Jinping ගේ ආගමනයත් සමග තම ගමනේ U turn එකක් ගහපු චීනය one belt one road වැනි නව සංවර්ධන ක්‍රමෝපායන් සමග ලෝක බලවතා යන නාමයට තීරණාත්මක බලපෑමක් එල්ල කිරීමට සමත් වෙනවා

මේ වන විට ඩොලර් ට්‍රිලියන 12.24 ක දළ ජාතික නිෂ්පාදිතයකට උරුමකම් කියන චීනය ලොව ඕනෑම ආර්ථිකමය වාර්තාවක ඉදිරියෙන්ම ඇමරිකාව සමග තරග වදිමින් සිටිනවා. ඒ උනත් ඇත්තටම මේ රටවල් දෙක තුසීඩීඩියස් ගේ උගුලට අහුවෙයිද ?

රාජ්‍ය දෙකේ දළ දේශීය නිෂ්පාදිතයන්හි සංසන්දනය

ඒක සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ ඇමරිකාව මත. ඇතෑන්ස් වල නැගීම ස්පාර්ටා දේශයට තර්ජනයක් උනා වගේම චීනයේ නැගීසිටීමද තර්ජනයක් වෙන්නේ ඇමරිකාවට. ඒ සදහා ඔවුන් මුහුන දෙන ආකාරය මත මේ සියලුම දේ තීරණය වනු ඇත. චීනය සමග ක්‍රියාත්මක දරුණු ආර්ථික ඝට්ටනයේ ප්‍රතිඵලයක් ලෙස චීන ඇමරිකානු ආර්ථික යුද්ධයක් මේ වෙද්දිත් ආරම්භ වෙලා ඉවරයි. Huawei සදහා Google Play store ලබා නොදීම අපට දැනෙන ඉතාමත් කුඩා ප්‍රතිඵලයක් විතරයි මේ යුද්ධයේ

අවසන් වතාවට මේ වගේ ආරක්ෂක උභතෝකෝටිකයක් ලෝකේ ඇති උනේ බ්‍රිතාන්‍ය හා ජර්මනිය අතර. ඒකේ ප්‍රතිඵලය උනේ පළමු ලෝක යුද්ධය

ඒ උනත් ආර්ථික හමුදාමය න්‍යෂ්ටික දේශපාලනික රටවල් දෙකක් වෙන ඇමරිකාවයි චීනයයි තුසිඩීඩස්ගේ උගුලට අහු උනොත් ?

වෙන දේ හිතන්න ඔබට බාරයි

https://charuka99.blogspot.com/2019/09/blog-post_14.html

admin

සියුස් සහ දෙවියන් වහන්සේ

Next article

Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

You may also like