ඉරිතැලුණු භූමියේ මල් පිපෙන යුගය වැඩි ඈතක නොවේ

ඉරිතැලුණු භූමියේ මල් පිපෙන යුගය වැඩි ඈතක නොවේ

- in Politics
895
0

සංවේදී මොහොතක්… රටට අලුත් පනක් දුන් නායකයෙකුට මෙසේ නික්ම යාමට සිදු වනු දැක මගේ හදවත දැඩි කම්පනයක පසු වේ.. ජයග්‍රාහී මොහොතක්…. රටට වෙනසක් අවශ්‍ය අවස්ථාවක ඒ අරගලය ජයග්‍රණය කල නිමේෂයක්… මේ සියල්ලත් සමග හැඟීම් කළවම් වූ හදවතකින් මේ ලිපිය ලියන්නට සිදු වීම සතුටකට කරුණක් ද දුකකට කරුණක් ද මම නො දනිමි. නමුත් සත්ය වශයෙන් ම මේ වෙනස ඔබටත් මටත් අත්‍යවශ්‍ය ම දෙයක් විය. ඒ සදහා වූ සටන අපේ කාලයේ නිදහස් අරගලයක් වූවාට නොඅනුමානය. ඒ අපේත් ඔබේත් අරගලයක් බවට පත් වූයේ කෙසේද? සැබවින්ම එය ඉබේ වූ දෙයක් නොවෙයි. සමාජ ආර්ථික දේහය තුල ජනයාට දරන්නට වන පීඩනය කිසියම් මොහොතක දරුණු ලෙස පුපුරා යා හැකි බවට ලෝක ඉතිහාසය අපිට කියා දෙයි. නමුත් ඒ ඉතිහාසයේ සියළු දේට වඩා අද ඉතා සුවිශේෂී දිනයකි. එයට හේතු සාධක වන කරුණ ඉතා තීරණාත්මකය. ඒ ශ්‍රී ලාංකික ජනයා පාලම්, බෝක්කු වලට වඩා නීතිය, පරමාධිපත්‍ය තමන්ට වැදගත් බව ලොවට හඩඟා කියූ දිනය අද වන නිසාවෙනි. පසු කරන ලද වසර 4 අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින යාන්ත්‍රණ දේශපාලනය ඉදිරියේ නිරුවත් කරන ලද කාලයකි. ඒ හරහා සමාජ යාන්ත්‍රණයම දේශපාලනීකරණය වන්නට වූ අතර, ගමේ පන්සලේ සිට පාසලේ විදුහල්පති දක්වාම අපිට දැනෙන අපේ සංස්කෘතියේ කොටසක් බවට පත්ව තිබූ යාන්ත්‍රණ දේශපාලන වුවමනා මත ක්‍රියාත්මක වන්නට වීම ඔබටත් මටත් මේ දේශපාලන ක්‍රමය එපා කරවන්නට බරපතල ලෙස හේතු විය. කෙසේ වෙතත් අවසානයේ පීඩිතයන් එක්ව පොදු සතුරා පැරදවීමට කටයුතු කළහ.

විශේෂම කාරණය වන්නේ අරගලයේ මෙහෙය වන්නේද පීඩකයෙකු විසින් වීමයි. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාද වසර ගනණක් පීඩනයෙන් පෙලෙන්නෙකු බවට පත් වූයේ ද වත්මන් බල ලෝභී දේශපාලන ක්‍රමයයි. රජයේ හිටපු ජ්‍යේෂ්ඨ ම ඇමතිවරයෙකුටත් ඒ දේශපාලන රාමුව තුල කොටු වන්නට සිදු වූයේ නම්, අහිංසක අපි ගැන කවර කතාද. මේ අරගලයට කලාකරුවන්, නීතිඥයන්, මාධ්‍යවේදීන් වැනි වෘත්තිකයන්, සමස්ත සිවිල් ජන සමාජයම සමග රොද බැද ගත්තේ ඒ පීඩනයේ තරම කියාපාමිනි. අවසානයේ පොදු ජනයා විප්ලවය ජයග්‍රහණය කලෝය. ඇත්තටම එසේ සිතා සිටියොත් එය තවත් දේශපාලන වරදකට අත වැනීමකි. විප්ලවය තවමත් අවසන් නොමැත. විප්ලවයේ හොදම ටික පටන් ගන්නේ අද සිටය. අද සිට අපිම පිහිටුවා ගත් පාලනය අපි විසින්ම විවේචනය කල යුතුව ඇත. අද සිට ගොඩනැගෙන රජයටද පිස්සු කෙලීමට ඉඩ දිය නොහැක. ඉතා බලවත් විධායක ශක්තියක් පොදු අපේක්ෂකයාට ලබාදී ඇත. එය නැවත වරක් වැරදි මඟ යාමට කිසිසේත් ඉඩ දිය නොහැක. මන්ද යත් එසේ වුව හොත් ඒ සදහා ජාතියට වගකීමට ඔබත් මමත් බැදී සිටින නිසාවෙනි. පක්ෂ පාට භේද නොමැතිව සිදු කල සටනක වටිනාකම ආරක්ෂා වන්නේ එවිටය.

නමුත් රටේ සමස්ත තරුණ ප්‍රජාවගේ එක් බලාපොරොත්තුවක් ඇත. එනම් රටට නව දේශපාලන සදාචාරයක්, සංස්කෘතියක් උරුම විය යුතු බවයි. එය ගොඩනැගීමට අපි නව පාලනයට සුභ පතන අතර යුද්ධයක් අවසන් කළ නායකයෙකු ගෙදර යවා ඔවුන්ට රට භාර දුන්නේද ඒ විශ්වාසය මත බව ඔවුන් ද මතක තබා ගත යුතුය.ඔවුන් ඒ සඳහා ඉතා වගකීමෙන් ක්‍රියාකල යුතුය. ඒ ඔවුන්ගේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග ප්‍රශ්න කිරීමට බොහෝ දෙනා බලා සිටින නිසාම නොවේ, දැනටමත් FREE Wifi ඉල්ලන්නට තරුණයන් හදිස්සි වී ඇති නිසාම නොවෙයි, ඒ එම වෙනස රටට අවශ්‍ය ම එකක් වන නිසාය. ඒ වෙනස හරහා වසර 4ක් ඉරි තැලුණ අපේ දේශපාලන සංස්කෘතිය තුල මල් පිපෙන තුරු අප බලා සිටින නිසාය.

රාජපක්ෂ පාලනයේ වැරදි අඩුපාඩු පෙන්වීමට මේ සුදුසු අවස්ථාව නොවන නිසා ඒ වෙනුවෙන් මේ ලිපියේ වචන වෙන් කිරීමට බලාපොරොත්තු නොවෙමි. සියල්ලන්ම සිටින්නේ නැවුම් වූ බලාපොරොත්තු පිරුණු හදවත් ද සමගය. පත් වූ නායකයා සිය පොරොන්දු ඉටු කලහොත් නොබෝ දිනකින් 17 ස්ථාපිත වී 18, විධායක ජනාධිපති ධූරය අහෝසි වී රට යහපාලන මාර්ගයකට යොමු වනු ඇත. ඔබටත් මටත් නිදහසේ ජීවත් විය හැකි නීතියක්, යුක්තියක් ඇති රටක් බිහි වනු ඇත. ජාතික ප්‍රශ්නයට විවෘත මනසකින් ක්‍රියාත්මක වන කාටත් සාධාරණ විසදුමක් ලබා දීම ද මේ වෙනස හරහා අපි ඉතා ඕනෑකමින් බලාපොරොත්තු වෙමු. මේ සියල්ල සමඟ නැවුම් වෙනසකට සැරසෙන අපිට ඒ සුභ බලාපොරොත්තු ඉටු වූ ආශ්චර්යමත් ශ්‍රී ලංකාවක් ලගදීම බිහි වනු ඇත. එදිනට අපිටද ඒ කර්තව්යයේ උරුමක්කරුවන් බවට ආඩම්බර විය හැකිය. නමුත් ඒ කර්තව්‍ය පිලිබඳ මේ ලිපිය තුල කතා කිරීමට බලාපොරොත්තු නොවන නමුත් අපි ඒ ගැන දැඩි අවදානයෙන් පසු වන බවද දැන්වීමට කැමැත්තෙමු. අවශ්‍ය විටෙක අවුන් වද විවේචනය කිරීමටද අපි පසුබට නොවෙමු.

නමුත් රටේ සමස්ත තරුණ ප්‍රජාවගේ එක් බලාපොරොත්තුවක් ඇත. එනම් රටට නව දේශපාලන සදාචාරයක්, සංස්කෘතියක් උරුම විය යුතු බවයි. එය ගොඩනැගීමට අපි නව පාලනයට සුභ පතන අතර යුද්ධයක් අවසන් කළ නායකයෙකු ගෙදර යවා ඔවුන්ට රට භාර දුන්නේද ඒ විශ්වාසය මත බව ඔවුන් ද මතක තබා ගත යුතුය.ඔවුන් ඒ සඳහා ඉතා වගකීමෙන් ක්‍රියාකල යුතුය. ඒ ඔවුන්ගේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග ප්‍රශ්න කිරීමට බොහෝ දෙනා බලා සිටින නිසාම නොවේ, දැනටමත් FREE Wifi ඉල්ලන්නට තරුණයන් හදිස්සි වී ඇති නිසාම නොවෙයි, ඒ එම වෙනස රටට අවශ්‍ය ම එකක් වන නිසාය. ඒ වෙනස හරහා වසර 4ක් ඉරි තැලුණ අපේ දේශපාලන සංස්කෘතිය තුල මල් පිපෙන තුරු අප බලා සිටින නිසාය.

නමුත් මේ ලිපියට මම මෙසේ අවසානයක් දීමට සිතුවෙමි. වසර 10කට පෙර මහින්ද රාජපක්ෂ අතට අපේ රටේ බලය අපේ අම්මලා තාත්තලා දුන්නෙත් අද අපි ඉන්නව වගෙම ලොකු බලාපොරොත්තුවකින්. ඔහු ඒ බලාපොරොත්තු ඉටු කරමින් 2009දී අපේ රටින් ත්‍රස්තවාදීන්ගෙන් බේරා නිදහස් රටක් බවට පත් කරගත් ගෞරවනීය නායකයෙකු බව අපි අමතක නොකල යුතු අතර, ඔහුට ඒ උත්තමාචාරය හිමි විය යුතුමය. පසුව ඔහු ඔහුවම සතුරෙක් බවට පත් කරගැනීමේ විපාකය ඔහුම අද අත්විදී. නමුත් දැන් ඔහුට අගෞරව කිරීම අපේ කාර්යයක් නොවිය යුතු බව අපි දැඩිව විශ්වාස කරමු.

ඔහු මෙසේ බල ලොභියෙකු වීමට අපද යම් තරමකින් වගකිව යුතුය. මන්ද යත් එකල සිටම විපක්ෂයටත්, අපිටත් පැහැදිලි හඩක් නොතිබින. වුවමනාවක්ද නොවීය. ඒ හරහා මහින්ද රාජපක්ෂ බලය තමා වටා රැස් කර ගත්තේය. එතෙක් විධායක ක්‍රමයට විරුද්ධ වීමටද අපිට මතක් නොවින. අවසානයේ එය පැරදවීමට විශාල මහන්සියක් දරන්නට සිදු විය. දැන් අපගේ කාර්යභාරය විය යුත්තේ මෛත්‍රීපාල සිරිසේනද තවත් මහින්ද රාජපක්ෂ කෙනෙක් බවට බත් නොකිරීමට වග බලා ගනීමයි. ඒ නිසා මිත්‍රවරුනි, විප්ලවය තවම අවසන් නැත.

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *