Password එක එයා ළඟ

Password එක එයා ළඟ

- in Social
1112
0

“මචං ඔන්ලයින් ඉන්නේ මම නෙවෙයි.Hi කිව්වොත් චුට්ටක් පරිස්සමින් Chat කරපං “

ළඟදි මගේ යාළුවෙක් මට ‍Call කරලා කිව්ව කථාවක් මේ. මේ කියන්නේ ඌ ළඟදි set වුන කෙල්ලට තමන්ගේ facebook password එක දීලා තමන්ගේ පිරිසිදුකම ඔප්පු කරන්න. දැන් මේ password හුවමාරු සෙල්ලම කොල්ලෝ කෙල්ලෝ අතර ජනප්‍රිය වැඩක්. මේක කරන්නේ විශ්වාසය කියන එක භෞතිකව ඇති කර ගන්න. විශ්වාසය කියන්නේ හිතේ තියෙන දෙයක් මිසක් ඒක ඇඳලා පාටකරලා ඉරි ගහලා කොටු ගහලා password දිලා පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි.

අනික් පැත්තට කොල්ලගේ හරි කෙල්ලගේ හරි password එක ගත්තම පට්ට ෂුවර් ද? 100% ක් විශ්වාසයිද? ඇයි කාටහරි fake එකක් හදාගෙන අවශ්‍ය දේවල් කර ගන්න බැරිද? නිතරම වගේ Chat clear කරන්න බැරිද? ඒ නිසා මේ technology එකත් එක්ක password එක ඉල්ලන එක පොඩි ග්‍රාමීය මැටි concept එකක් වෙනවා. මටනම් හිතෙන්නේම ඔය password ඉල්ලන සෙල්ලම කියන්නේ අර virginity එකෙන් හොඳයි ද නැද්ද කියලා මනිනවා වගේ ගොං වැඩක්.

එහෙම ආත්මීය පාවාදීම් කරන්න එපා තමන්ව තේරුම්ගන්න අඳුනගන්න බැරිනම් යන්න කියන එක තමයි හොඳ. මොකද ආදරේ කියලා තමන්ව මරාගෙන කාගේවත් වහලෙක්, වහලියක් වෙලා රෑකඩයක් වගේ ජීවත් වෙනවට වඩා හොඳයි යන්න කියන එක. එහෙම උන් එක්ක ජීවත් වෙන්නත් බයයි නේ facebook එකේ case එකක් නම් password එක දීලා ෂේප් වෙන්න පුළුවන්. එත් එහෙම නෙවෙයි නම් මොකක් පෙන්නලා ෂේප් වෙන්නද? එදාට ඔයා ඔයාව දාලා යනවා නේද? එහෙනම් password ඉල්ලපු ගමන්ම යන්න කියන එක හොඳ නැද්ද?

මේ ලෝකේ අපි හැමෝම බිහිවෙලා තියෙන්නේ එකම විදිහට. එකම අවයව ඔක්කොටම තියෙන්නේ. හැමෝටම ජීවිතයක් කියලා වෙනම එකක් තියෙනවා හැමෝටම තව කෙනෙකුට වහල් වෙන්නේ නැතුව, යටත් වෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. දැන් වෙලා තියෙන්නේ ආදරේ කරන්නේ කසාද බඳින්නේ යටත් විජිත ක්‍රමයට. ඇයි යාළු වුනොත් ඉන්නේ අවුරුදු ගාණක් දෙමව්පියෝ දුක් මහන්සි වෙලා හදපු තමන් විදිහට නොවෙයි මාස කීපයකට කළින් හම්බ වුන එකා කැමති විදිහට. “එයා කැමති නෑ අනේ එහෙම අඳිනවට”, “එයා එපා කිව්වා යන්න” මේ විදහට තමන්ගේ ජීවිතයේ තව එකෙකුට යට වෙලා විහින් හිරගත වෙලා ගොඩාක් උන් ඉන්නේ. මෙහෙම යටත් විජිත විදිහට කොල්ලගේ හෝ කෙල්ලගේ වහලෙක් වෙලා ඉන්නකොට තමයි අර password එක දෙන්න වෙන්නේ. ඇයි සැකකරයි කියලා බයයි. දාල යයි කියලා බයයි. දාලා යන්න කියන්න එකයි ද ඉන්නේ ලෝකෙටම. අනික තනිකම කියන්නේ හරිම තාවකාලික සංකල්පයක්

කවුරු කොහොම “අනේ මං එයාට ඔක්කොම කියලා තියෙන්නේ එයාට හංගන කිසි දෙයක් නෑ” කිව්වට ඕන එකෙක්ගේ life එක 3D නෑ. ඕන කෙනෙක්ගේ hidden පැත්තක් තියෙනවා ජීවිතයේ. සමහර විට කාටවත්ම නොකියන ඒ hidden space එකේ ගොඩාක් උන් ජීවිතේ lol එක ගන්නේ. එතන තමයි ඇත්ත තමන් ජීවත් වෙන්නේ. හරියට ‍bathroom එක වගේ. මොන තරම් පණ දෙන්න කථා කරත් ඒ hidden space එළියට දාන්නේ නෑ කවුරුත්. ඒ hidden space එකේ ප්‍රමාණය එක එකාට වෙනස්. ඇත්ත තමන්ට එහෙම වටිනාකමක් තියෙන එක මරු. ඒ නිසා password දීලා ඒ වටිනාකම නැති කරගන්න එපා. මොකද මේ මිනිස් ආත්මේ ඔයාට ආපහු ලැබෙයිද දන්නේ නෑ. ඒ නිසා ලැබුණ ආත්මෙදි වත් ඇත්ත තමන්ව ජීවත් කරවන්න try එකක් දෙන්න ආදරෙයි කියලා වහලෙක් හරි වහලියක් හරි නොවී.

By Araage Adipaara

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *