වෙනස් වෙලා නම් වෙනස් වෙන්න

වෙනස් වෙලා නම් වෙනස් වෙන්න

- in Social
751
0

මේ ලෝකේ වෙනස් නොවෙන කිසිම දෙයක් නෑ. ඉර හඳ පවා වෙනස් වෙනවා. එහෙම ගත්තම ඉක්මනටම වෙනස් වෙන්නේ මොකක්ද? ඒ තමයි හිත. ඉර හඳ අහස වෙනස් වෙනවාට වැඩිය වේගයෙන් හිත කියන එක වෙනස් වෙනවා. මොහොතින් මොහොතට එක එක දේවල් එක්ක හිත වෙනස් වෙනවා. ඒක පාලනය කරගන්න ක්‍රමය අනුව තමයි කෙනෙක්ගේ සාර්ථක අසාර්ථක බව තීරණය වෙන්නේ.

ගොඩාක් වෙලාවට life එකම තීරණය වෙන්නේ ඒ හිත කියන එකේ වෙනස් වීම දරාගන්න පුළුවන් කෙනාට විතරයි. හැමෝගෙම හිත් එක වගේ එකම වේගෙට වෙනස් වෙනවා. එහෙට යනවා මෙහෙට යනවා. මේක හොඳයි කියලා හිතනවා. අරක හොඳයි කියලා හිතෙනවා. මෙයා හරි නෑ කියලා හිතෙනවා. අරයා තමයි හොඳ කියලා හිතෙනවා. මේ එක ක්ෂණයකින් වෙනස් වෙන හිතින් තමයි අපි තෝරාගැනීම කරන්නේ. ගොඩාක් වෙලාවට “ඌ පට්ට එකෙක්” කියලා යාළුකම් තීරණය වෙන්නේ.  “මට ගැලපෙන එකම කෙනා” කියලා හිතලා ආදරය ගැන තීරණ ගන්නේ, රැකියාවන්, ඉගෙන ගන්න දේවල්, ව්‍යාපාර, මේ ආදී හැම එකකටම අපි තීරණ ගන්නේ මේ කියන වෙනස් වෙන වේගය හොයාගන්න බැරි හිතින් තමයි. එහෙම ගැලපෙන හරියටම හරියන මිනිස්සු ලොකේ කෙහේවත් නෑ. සිද්ධවෙන්නේ ඒ ඒ මිනිස්සුන්ගේ වුවමනාව මත අනිකාට හරියන්න සිතුවිලි ගලපාගන්න එක. එහෙම බලහත්කාරයෙන් ගලපගෙන ඉන්න සිතුවිලි ඇතුළේ ජීවත් වෙන්නේ real character එක නෙවෙයි බොහෝ වෙලාවට.

එදිනෙදා මුණුගැහෙන මිනිස්සු අතරින් යාළුවො කියලා අපි තීරණය කරලා සමීප වෙන්නේ කීප දෙනෙකුට විතරයි. ඒ අතරිනුත් නිතර දෙවේලේ හැම දේටම ළඟ ඉන්න යාළුවෝ සෙට් එකක් වෙනමම ඉන්නවා. අපි හිතින් පිළි අරං තියෙනවා මෙයාලා තමයි හොඳම යාළුවෝ කියලා. කවදාවත් වෙනස් වෙන්නේ නෑ කියලා. එත් එක සුළු සිද්දියක් ඇති යාළුකම නැති වෙන්න. හැබැයි එහෙම යාළුකම් සුළු සිද්ධියකින් නැති වෙනවා නම් ඒ යාළුකමේ වටිනාකම ගැන අපිට හිතන්න වෙනවා. කවුරුහරි යාළුවෙක් හරි පෙම්වතා හරි පෙම්වතිය හරි ඈත් වෙන්න හදන්නේ මොකක් හරි එක් හේතුවක් මුල් කරගෙන. එතකොට ඒ මත අර තරම් වටිනවා කියලා අපි හිතන් හිටපු ප්‍රබල බැදීම් නැති කරන්න පුළුවන් කියන්නේ එයා ඔයාට ඇත්තටම close නෑ කියන එක. එයාට ඔයාගේ relationship එක වටින්නේ නෑ කියනෙක.

love affiar එකකදි වුනත් එහෙමයි. කවුරු හරි give up කරලා යන්න හදනවා නම් කවදාවත් ඒ කෙනාට තමන්ගේ වටිනාකම ගැන කියලා දෙන්න යන්න හොඳ නෑ. Ignore කරනකොටම ඒක තේරුම් ගන්න ඕන. ඒකෙන් කියන්නේ එයාට තව ඔයාගෙන් වැඩක් නෑ කියන එක. එහෙම නම් ඒ සිතුවිල්ලම ඇති හිත හදාගන්න. ගොඩාක් දුරට disappointments නිසා love affairs bareak වෙනවා. එහෙම නම් disappointments කියන්නේ මොකක්ද? අපේක්ෂාව සහ යථාර්තය අතර වෙනස.

එයා ඔයාගෙන් දාහක් දේවල් බලාපොරොත්තු වෙනකොට ඔයා ඒ දාහෙන් නවසිය අනු නවයක් කරලා එකක් මිස් වෙනවා. සමහර විට අර එක හොඳටම ඇති affair එක bareak වෙන්න. එහෙම කෙනෙක් එක්ක තියෙන affair එක break වීම හරි relationship එක නැතිවීම ගැන හරි හිතලා දුක් වෙන කාලය අපරාදේ.

එහෙම නම් අතපසු වුන එකට වඩා ලැබුන නවසිය අනූ නවය ගැන සෑහිමකට පත්වෙන කෙනෙක් වෙන්න. එතකොට ලෝකය කොයි අතට කැරකුණත් තනියම හරි හිතේ සැනසිල්ලේ ජීවත් වෙන්න පුළුවන්.

අරවින්ද ඉන්ද්‍රජිත්

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *