අප හමු වූයේ නැත

අප හමු වූයේ නැත

- in All, Arts
371
0
දාහකුත් එකක් ලියන්ට ඇති වෙලේ මා මොනාව කුරුටු ගානවාද මං ම දැනං උන්නෙ නැත.
අහේතුක සත්‍ය නම් මහ පාන්දරම අදටත් මා දකින්නට, ආසා කරන සුබම සුබ දසුන ඔහුය. ඒ සිනහවය.ඒ සිනහව වරක් දෙවරක් නොව ලක්ශ වාරයක් මට ජීවීත්වීම ආස කරවන හේතුවක් දෙන්නට ඇත.
ජීවිතය විසින් මා හෙම්බත් කරවන්නට යෙදුනු මොහොතක “චුට්ටක් හිනා වෙන්න” කෝ ඒක එච්චර හරි නැ වෙන එකක් බලන්න ”
දහසකුත් එකක් කියමින් ඒ සිනහව කච ගත කර ගෙන්වා ගත් චායාරූප, රහස්‍ය ගොනුවක මා එක්ක හින හෙමින් උන්නා ය. ප්‍රේමය නම් අයිති කර ගැනීම හෝ නොගැනීමද යන්න මා හරියටම දැන උන්නෙ නැත. දැනුදු දන්නේ නැත.
මා දන්නා එකම එක දෙය නම්
#අයිතියක්_නොමැතිව_ද_ප්‍රේම_කල_හැකි බව පමණි. ප්‍රේමයේ පුරුදු රාමුවට ඒ ආදරය මට ගොනු කර ගන්නට නොහැකි විය.
ගොනු කර ගන්නටද නූමනා ය.
ගොනු කර ගන්නට හැකිදැයි දැන සිටියේද නැත.මීටර් පනහක කොරිඩෝවේ ඒ කෙලවරින්
ඒ රුව මතු වද්දී කලින් කතා කරගත් ලෙස ගෙල විසින් මූහුන බිමට නවයිතප්පරයෙන් අඩකදීසුවද ,,
කොරිඩෝව මැදදී
මා මුන ගැහී ද
මා පසුකර ද යයිඒ අවසරයෙන් ගර්ත කුහර වලින් රිංගාගෙන හුස්ම හා ලේ වලට මූ වන සුවඳ
හෘද කුටීර හතරේහිම ඩොල්කි ද නටන්නේය

*සුවඳයී නේහ්
+කෝහ් ??
*ඔය එන්නෙ 
+කෝ මොකද්ද බං ඔය උඹට විතරක් හැමදාම මෙතනිං යද්දි එන සුවඳ ??

පෙනහලු පිරෙන්ට සුවඳ පුරෝගන්නා මම ආයෙම හුස්ම ඉහිල් කෙරෙවේ පෙනහලු පිපිරෙන්ට ඔන්න මෙන්න තියාය.

++++++++

පසු කලෙක , ඔහු ඔහුගේ සිනහවද
තවත් සිනහවක් ද රැගෙන සරසවියෙන් නික්මිනි.

නිදිවර්ජිත රැයවල් කීහිපයක් ද
නිද්‍රාශීලි දහවල් කීහිපයක් ද
(අ)හේතුක නම නොදන්නා අපහසුවකින් ගෙවනු ලදුව
කොරිඩෝව වෙනුවට පඩිපෙල ඔස්සේ දේශන ශාලවට
ගමන් ගතීමි.

______________________________________

පසුව
මා විසින් මා සොයා යනු පිණිස
අදින් වසර ගනනකට පෙර සරසවියෙන් ද කටුනායකින් ද නික්මිනි…

බොහෝ තන්හී සැරීසැරූවෙමි
පැරීසියේ ද
වැනීසියේ ද
ඉස්තරම්ම විලවුන් සාප්පු වල මම වරු ගනන් ලත වීමී..
එහෙත්
තවමත් මට
කොරිඩෝවේ මා පසු කර ගිය
තෙතට හුරු
කොලොං සුවඳ ද
සොයා ගත
.
.
.
.
.
.
නොහැකි විය.

__________________________________
අවසන් කෝපි උගුර ගෙන
මේසය මත විසිරී තිබූ කොල මිටකට එක්කාසු කර
ශිත සෘතුවද පසු කරන
තේම්ස් නදිය දෙස පැති කවුලුවෙන් බලා සිනාසී මම මේසේ ලිවීමී

ඉතින්

අප හමු වූයේ නැත.

ඒනිසාම

වෙන් වුයේද නැත.

#කුරුටුsona

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *