කෝබේ බ්‍රයන්ට් යනු කවුද? (Who is Kobe Bryant?)

කෝබේ බ්‍රයන්ට් යනු කවුද? (Who is Kobe Bryant?)

- in All, Social, Sports
152
0

NBA (National Basketball Association) පුරාවෘත්තයක් වන කෝබේ බ්‍රයන්ට් (41) සහ ඔහුගේ දියණිය ජියානා (13) කැලිෆෝනියාවේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් පසුගියදා ජීවිතක්ෂයට පත්විය. 41 හැවිරිදි බ්‍රයන්ට් පෞද්ගලික හෙලිකොප්ටරයක ගමන් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ලක්ව ඇති අතර, එම අනතුරින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

කෝබේ බ්‍රයන්ට් යනු කවුද?

සිය වෘත්තීය දිවියේ 5 වතාවක් NBA ශූරයා වූ කෝබේ (2000, 2001, 2002, 2009 සහ 2010); 2009 සහ 2010 දී NBA අවසන් මහා තරඟයේ වටිනාම ක්‍රීඩකයා ලෙස තෝරා ගන්නා ලදී.

කෝබේ බීන් බ්‍රයන්ට් උපත ලැබුවේ 1978 දීය. ඔහු NBA ඉතිහාසයේ වැදගත්ම පැසිපන්දු ක්‍රීඩකයෙකි. උසස් පාසලෙන් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසුව බ්‍රයන්ට් විශ්ව විද්‍යාලයට නොගොස් කෙලින්ම NBA Los Angeles Lakers ක්‍රීඩා සමාජය සමඟ සම්බන්ධ විය. උසස් පාසල් අවධියේදී වසර වාර්තා බිඳ දැමූ කෝබේ, 1996 NBA Charlotte Hornets කණ්ඩායම සදහා තේරී පත් වූ නමුත් පසුව Lakers සඳහා හුවමාරු විය.

කෝබේ වයස අවුරුදු 24 දී NBA ශූරතා 3 ක් දිනාගත්තේය. එම ශූරතා 3 න් වසර 7 කට පසු, 2008-2009 වාරයේදී ඔහු 4 වන ශූරතාව දිනා ගැනීමට සමත් වූ අතර, NBA අවසන් මහා තරඟයේ වටිනාම ක්‍රීඩකයා ලෙස ඔහු තෝරා ගන්නා ලදී. මීට අමතරව, කෝබේ 2009-10 වාරය ශූරයකු ලෙස සම්පූර්ණ කරමින් සිය වෘත්තීය දිවියේ 5 වන ශූරතාව ලබා ගත් අතර පිට පිට දෙවන වරටත් අවසන් මහා තරඟයේ වටිනාම ක්‍රීඩකයා බවට පත්විය. NBA ඉතිහාසයේ වයස අවුරුදු 34 ක් වූ විට ලකුණු 30,000 සීමාව ඉක්මවා ගිය ලාබාලතම ක්‍රීඩකයා බ්‍රයන්ට් ය.


කෝබේ 2005-2006 නිත්‍ය වාරයේ දී ටොරොන්ටෝ රැප්ටර්ස් පිලට එරෙහිව ලකුණු 81 ක් ලබා ගනිමින් NBA ඉතිහාසයේ, තරඟයකදී වැඩිම ලකුණු රැස්කල ක්‍රීඩකයන් අතර දෙවන ස්ථානයට පත්විය. මීට පෙර ෆිලඩෙල්ෆියා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 100 ක් ලබා ගත් විල්ට් චැම්බර්ලේන්, එහි පළමුවැනියායි..

2007-2008 වාරයේ දී ඔහු NBA වටිනාම ක්‍රීඩකයා සම්මානය ද දිනා ගත්තේ ය. 2008 චීනයේ පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලේදී ඔහු එක්සත් ජනපදයේ ජාතික පැසිපන්දු කණ්ඩායම සමඟ රන් පදක්කම දිනා ගත්තේය. ඔහු 2012 ගිම්හාන ඔලිම්පික් උළෙලේදීද සිය ජාතික කණ්ඩායම සමඟ රන් පදක්කමක් දිනා ගත්තේය.

NBA All Star සංවිධානයේ සිව් වතාවක් (2002, 2007, 2009, 2011) වටිනාම ක්‍රීඩකයා ලෙස කෝබේ බ්‍රයන්ට් නම් කරන ලදී. කෝබේ බ්‍රයන්ට් 1998-2013 අතර කාලය තුළ 15 වතාවක් NBA ඕල් ස්ටාර් සංවිධානයේ වාර්තා බිඳ දැමීය. මීට අමතරව, NBA වසරේ හොඳම ක්‍රීඩකයන් පස් දෙනා අතරට 15 වතාවක්,  ඕල් ස්ටාර් සඳහා 15 වතාවක් සහ NBA හොඳම ආරක්ෂක කණ්ඩායම සඳහා 11 වතාවක් තෝරා ගන්නා ලදී.

2013 අප්‍රියෙල් 12 වන දින ගෝල්ඩන් ස්ටේට් වොරියර්ස් සමඟ ක්‍රීඩා කළ තරගයේදී ඔහුට දිගු ආබාධයක් සිදුවිය. 2013 දෙසැම්බර් 8 වන දින ඔහුගේ ආබාධයෙන් පසු ඔහු සිය පළමු NBA තරගයට සහභාගි විය..

2016 වසරේ දී පැසිපන්දු පිටියෙන් සමුගන්නා කෝබි බ්‍රයන්ට් ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගන්නා තෙක් පුරා වසර 20කට ආසන්න කාලයක් නියෝජනය කළේ සුප්‍රසිද්ධ ලොස් ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායම වන අතර දෙවතාවක් NBA ශූරතාව ලේකර්ස් කණ්ඩායමට දිනා දෙමින් ඔහු දැක්වූ දක්ෂතාවන් අදටත් බොහෝ දෙනා අතර කථා බහට ලක්වේ.

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *