Touch by the GOD

Touch by the GOD

- in All, Sports
108
0

Pele, Backenbauer, Charlton, Zidane වගේ අතීත ක්‍රීඩකයෝ ගත්තත් Messi,Ronaldo වගේ වර්තමාන ක්‍රීඩකයෝ ගත්තත් අනාගතයේදී Mbappe , Sancho වගේ ක්‍රීඩකයෝ උනත් මේ ක්‍රීඩාවේ අමරණීය චරිත වෙන්න පුලුවන්. මෙතන නම් කරපු අයගෙන් බහුතරයක් legends ලා. ඒ උනාට මැරඩෝනා ?

මැරඩෝනා කියන්නේ වෙනම පුරාවෘත්තයක්. මැරඩෝනා කියන්නේ දේව පුරාවෘත්තයක්. අදටත් මුලු නාපෝලියම වන්දනාමාන කරන , ආර්ජන්ටිනාවම ආදරය කරන , Napoli club එකේ No. 10 shirt එක සදාකාලිකව තමන්ට ලියාගත්ත කෙනෙක් තමා මැරඩෝනා කියන්නේ

මැරඩෝනා ගේ ඒ අසම සම career එකේ හොදම තරගය මට 1986 එංගලන්තයට එරෙහිව තිබ්බ quarter final එක. අද මේ ලියන්නේ ලෝක කුසලාන ඉතිහාසයේ ජනප්‍රියම ගෝලය ලෙස ඉතිහාස ගත උන මෙම තරගය ගැන.

1986 දී එංගලන්තය ලෝක කුසලානයට පිවිසෙන්නේ අවුරුදු 20 කට පස්සේ නැවත මෙම කුසලානය තම රටට ගෙන එන්න. ඒ දේ කරන්න පුලුවන් හොද කණ්ඩායමක් එංගලන්තයට හිටියා. විශේෂයෙන්ම තරගාවලිය පටන් ගත්තට පස්සේ Gary Linekar පෙන්වූ ඒ දක්ෂතා එංගලන්ත බලාපොරොත්තු තවත් වැඩිකරනවා.

Miracle වලට වගේම ලෝකේ ජනප්‍රියම තරග වලට මුල් වුන ground එකක් තමා මෙක්සිකෝවේ Aztec එක කියලා කියන්නේ . මේ තරගය පැවැත්වුනෙත් මෙම ක්‍රීඩා පිටියේමයි. ලක්ෂයකට අධික ප්‍රේක්ෂක පිරිසක් මැද ආර්ජන්ටිනාවට එරෙහිව එංගලන්තය ජූනි 22 තරගයට අවතීර්ණ වෙනවා

මීට දින කිහිපයකට පෙර ආර්ජන්ටිනාව උරුගුවේ පරාජයට පත් කරපු kit එක ක්‍රීඩකයන් ප්‍රතික්ෂේප කරන්නේ දැඩි අව් රශ්මිය නිසා. මෙක්සිකෝවේ සාමාන්‍ය සාප්පුවකින් නිල් පැහැති ජර්සි වගයක් coaching staff එක ගෙනා පසු ඩියේගෝ මැරඩෝනා ” මේක මරු මේකෙන් අපි එංගලන්තෙ පරද්දමු” කියා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අනුව මෙම තරගයට ඔවුන් අදින්නේ official kit එක නෙමෙයි.

තරගය පටන් ගත් මොහොතේ ඉදලා ඉතාමත් තියුණු ලෙස තරගය පැවැත්වෙනවා. මුලු එංගලන්ත කණ්ඩායමම කෙසේ හෝ මැරඩෝනාව පාලනය කිරීමට උත්සහ දැරුවේ එය ඔවුන්ගේ ජයග්‍රහණයට ප්‍රමාණවත් බව හිතලා. එම නිසා තරගය පටන් ගත් මොහොතේ සිට hard tackle ඔස්සේ මැරඩෝනාව පාලනය කිරීමට එංගලන්තය උත්සහ දරනවා. කෙසේ වුවත් පළමු අර්ධය නිමා වෙන්නේ 0-0 ලෙස තරගය සම මට්ටමෙන්.

දෙවන අර්ධය පටන් ගැන්මෙන් පසුව තරගය පාලනය කිරීමට ආර්ජන්ටිනාවට හැකියාව ලැබෙනවා. තරගයේ 54 වන මිනිත්තුවේදී එංගලන්ත කණ්ඩායමේ මැදපෙල ක්‍රීඩකයෙක් වුන hodge විසින් පන්දුව එංගලන්ත penalty box එකෙන් clear කිරීමට යාමේදී එය එක්වරම මිස් කික් වෙලා උඩ යනවා. මේ වෙලාවේදී අඩි 6 ක් උස එංගලන්ත ගෝල රකින්නා උනා shilton ඉතා පහසුවෙන් මෙය අල්ලාගන්නට ගියත් මැරඩෝනා ක්ෂණයකින් ක්‍රියාත්මක වෙනවා shilton ට වඩා අගල් 8 ක් කොට මැරඩෝනා කෙසේ හෝ පන්දුව හිසේ වද්දාගෙන ගෝලය තුළට යවනවා. එහිදී එංගලන්ත ක්‍රීඩකයන් එය hand ball ලෙස ඉල්ලුවද එම ඉල්ලීම සාර්ථක වෙන්නේ නෑ. පසු රූප රාමුවලින් පෙන්වන පරිදි එය අතේ වැදී යන ගෝලයක් වෙනවා. කෙසේ නමුත් ආර්ජන්ටිනාව 1-0 ක් ලෙස තරගයේ lead එක ලබාගන්නවා. මේ සම්බන්ධව පසුව මැරඩෝනා පවසන්නේ ” a little with the head of maradona and little with hand of god” ලෙසයි. ලෝක ප්‍රසිද්ධ hand of god ගෝලය නිර්මාණය වෙන්නේ මේ විදිහට

තරගය නැවත ආරම්භ වෙනවා

58 වන විනාඩියදී මැරඩෝනා සිටින්නේ එංගලන්ත penalty box එකට අඩි 60 ක් පිටුපසින්. ක්ෂණයකින් ක්‍රියාත්මක වන මැරඩෝනා Beardsley, Reid, Butcher , Fenwick යන ක්‍රීඩකයන් ට dribble කරමින් තත්පර 10 ක් තුළ එංගලන්ත ගෝල සීමාවට යනවා. අවසානයේදී shilton ට feint එකක් දාන මැරඩෝනා ගෝලය තුළට පන්දුව යවනවා. ආර්ජන්ටිනාව ගෝල 2-0 . මේ ගෝලය ලෝක ඉතිහාසයේ අමරණීයම ගෝලය බවට පත්වෙනව. Pele ගේ overhead kick, Muller ගේ lightning speed goal දැකලා තිබ්බ මුලු ලෝකයම අවිවාදයෙන් මෙය Goal of the Century ලෙස පිලිගන්නවා. ලෝක කුසලාන ඉතිහාසයේ ජනප්‍රියම ගෝලය එලෙස නිර්මාණය වෙනවා.

81 වෙන මිනිත්තුවේදී තරගාලිය පුරා සාර්ථක වූ Linekar ගෝලයක් ලබා ගත්තද එංගලන්තයට එක ප්‍රමාණවත් වෙන්නේ නෑ. තරගය අවසානයේදී ආර්ජන්ටිනාව ගෝල 2-1 ක් ලෙස ජයගන්නේ පසුව ලෝක කුසලානයද ලබා ගනිමින්.

ඒ අනුව සියවසේ ගෝලයද සමග මේ තරගය ඉතිහාසයට එකතු වෙන්නේ මැරඩෝනාව දේවත්වයට පත් කරමින්…

 

~Charuka Madusanka

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *