ජීවිතය වෙනස් කරන හැරවුම් ලක්ෂ්‍යය

ජීවිතය වෙනස් කරන හැරවුම් ලක්ෂ්‍යය

- in All, Social
1043
0

ඔබගේ මගේ හැම අයෙකුගේම එකම පැතුම එකම අධිෂ්ඨානය තම ජීවිතය සාර්ථකත්වයට පත්කර ගැනීමයි. ජීවිතය සාර්ථකත්වයට පත්කර ගැනීම අපගේ පැතුම හා අධිෂ්ඨානය වුවත් ලෝකයේ ජීවත් වන මිනිසුන්ගෙන් 5% අඩු ප්‍රමානයකි තමාගේ ජීවන සිහින සැබෑකර ගන්නේ. එසේ නම්… ඔබත් ඔබගේ ජීවිත සිහින සැබෑකර ගන්නකු වීමට කැමතිද? ඔබ සිහින තුල තබාගෙන සිටියාට ඒවා සැබෑවන්නේ නත. ඔබ දෙවියන්ට හෝ වෙනත් අයෙකුට යැදීමෙන්ද ඔබට ඔබගේ සිහින සැබෑකර ගත නොහැක. ඔබගේ හඳහන හොඳ වු පලියට ඔබට සිහින සැබෑ කරගත නොහැක. එසේනම් ඔබගේ අනාගත ජීවිත සිහින සාර්ථක කර ගැනීමට හැකි පූර්වාදර්ශයන් පිළිබඳ ඉඟි සපයන මෙම ලිපි මාලාව ඔබගේ ජීවන ගමනේ සාර්ථකත්වය උදෙසා කිසියම් පිටුවහලක් සපයනු ඇතිය යන්න මාගේ විශ්වාසයයි. එමගින් ඔබට ඔබගේ ශක්‍යතාවය නැතහොත් ඔබගේ සැගවුනු ශක්තීන් අවදිකර ඔබගේ ඉලක්කයන් කරා පහසුවෙන් ලඟා වීමට ඉඩකඩ සලසනවා ඇත.

ඔබට ඔබගේ ජීවිත්ය බරක්ද? නැතිනම් ජීවිතය සුන්දරව විඳිමින් සිටිනවාද? අප රටේ බහුතරයක් තරුණ තරුණියන්ගෙන් තම නිසි වයසේදී තම්මගේ සාර්ථකත්වයට පැමිනෙන්නේ අතලොස්සකි. බහුතරය මානසික පීඩනයෙන් හා අසහනයෙන් ජීවත් වේ. නමුත් එලෙස ජීවත් වීමෙන් සිදුවන්නේ තම්මගේ වටිනා ජීවිතය තවතවත් අදුරින් අදුරට තල්ලු කර ගැනීමයි.

අප රටේ මෙන්ම විදේශයන්හිද ඉතා අසාර්ථක තට්වයේ තිබු තම ජීවිත අතිශය සාර්ථකත්වය කරා මෙහෙය වූ අය පිළිබදව අපි ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

අම්මා අහිමි වූ සිය කීදේ නාහන දඟකාර දරුවාට තාත්තා පුංචි අම්මා කෙනෙක් ගෙදරට ගෙනාවේය. බොහෝ අය සිතුවේ කුඩම්මා කෙනෙක් ගෙදරට ගෙනා ව්ට දරුවාට තවදුරටත් ආදරය අහිමි වී අකීකරු දරුවා තව තවත් දඩබ්බරයකු වනු ඇති බවයි. දරුවාගේ පියා පවා සිය දෙවන බිරිඳට අනතුරු ඇගවූයේ ඔහුගේ දඟකාර දඩබ්බර ගති පැවතුම් වලින් ප්‍රවේසම් වන ලෙසයි. එහෙත් දරුවාගේ කුඩම්මා මේ දඩබ්බර කොලු පැටියාට අතිශයින් ආදරය කළාය. මවගෙන් පවා නොලැබුණු තරමේ ඒ ආදරය හමුවේ හිලෑ වු කොලු පැටියා පසුව ලෝක ප්‍රසිද්ධියට පත් වන්නේ විශිෂ්ඨ දේශකයකු ලෙසය. නැපෝලියන් හිල්ගේ හැරවුම් ලක්‍ෂ්‍යය වූයේ ඔහුට කුඩා කාලයේ දැඩි ලෙස දැණුනු ඔහුගේ කුඩම්මගේ ආදරයය.

එබැවින් අපට යමක් දෙස බැලු බැල්මට එය අවාසියක් සේ දුටුවත් එය තුළට ඔබ යොමු වූ විට එය ඔබට අවාසියක් නොව ජීවිත පරිවර්ථනයකට හේතු වන කරුණක් විය.

ලංකාවේ රත්නපුර හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක දෙකටම මායිම් වූ අති සුන්දර වූ පලාතක් ඇත. එම ප්‍රදෙශය සූරියකන්ද ප්‍රදේශයයි. මෙම කන්දට සූර්යා පතිත වීමෙන් අතිශය සුන්දර පරිසරයක් නිර්මානය කිරීම හේතුවෙන් මෙම නම භාවිත වන බව කියවේ. මෙම ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියක් පෙර පාසලක් පවත්වාගෙන ගියාය. ඇය නමින් මංජුලාය.

මංජුලා පෙර පාසල් ගුරුවරියක් ලෙස කටයුතු කළ අතර ස්වාමි පුරුෂයා රජයේ ආයතනයක නිලධාරියකු ලෙස රැකියාව කළාය. මංජුලා පෙර පාසැල් ගුරුවරියක් වුවද එම ගුරු වෘත්තියෙන් ලැබෙන ආදායම අභිබවා යන ණය බරක් ඇය හා ස්වාමියා වෙත පැටවී තිබිනි. මේ තත්වයෙන් ගොඩ ඒමට විකල්ප සෙවු මංජුලා තමාගේ පෙර පාසල අවසන් වීමෙන් පසු ඉතිරි කාලය ව්‍යාපාරයක් ඇරඹීම හා සාර්ථකව කරගෙනයාම පිළිබඳ පුහුණු පාඨමාලාවකට සහභාගී වීමට වෙන් කළාය. මෙම පාඨමාලාව සති 2කට ආසන්න කාලයක් පැවැත්වුනි. එම වැඩසටහන අවසන් වීමෙන් පසු මංජුලා අළුත්ම අදහස් ඇති වෙනසකට කැමති කාන්තාවක් බවට පත්විය.

මංජුලාගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යය වූයේ ඇය මුහුන දුන් උග්‍ර ණය බරයි. ඊට විසඳුමක් සොයා ඇය සහභාගී වූ පුහුණු වැඩසටහනයි. උග්‍ර ණය බරට විසදුමක් සොයන්නට උත්සුක නොවන්නට අදටත් ඇය මසකට රු. 6000-8000 අතර වැටුපක් ගන්නා අයෙක් බව පැහැදිලිය. නමුත් මෙම දිරිය කත හදහන හා වෙනත් බලවේග පසෙකට දමා තම්මගේ නිර්මාණශීලී සිතිවිලි පාවිච්චිකර තමාගේම ව්‍යාපාරයක් ඇරඹීය. එය සකුරා තල කැරළි ව්‍යාපාරයයි. අදවනවිට හංවැල්ල ආදී ප්‍රදේශවල ඇයගේ තලකැරලි නිෂ්පාදන වෙළෙඳපලේ මිලට ගැනීමට ඇත. මංජුලාගේ යටතේ අදවන විට සේවකයින් 20 ආසන්න ප්‍රමානයක් සේවයේ නියුතුව සිටී. මංජුලා ඇයට අතිරේක ආදායමක් පමණක් නොව ගමේ තම අසල්වැසියන්ට රැකියා අවස්ථාවන්ද ලබා දී ඇත.

ඇයගේ මෙම ජීවිත වෙනසට හැරවුම් ලක්‍ෂ්‍යය බවට පත්වූයේ ඇය ජීවිතයට අළුත් ආදායමක් එකතු කර ගැනීමට සිතේ පහළ වූ උනන්දුව හා ඒ ඔස්සේ ඇය සහභාගී වූ ව්‍යාපාර කළමනාකරණ පාඨමාලාවයි. ඔබටත් ඔබ ජීවිතය වෙනසකට ලක්කර ගැනීමට අවශ්‍ය නම් ඔබත් ඔබගේ හැරවුම් ලක්‍ෂ්‍යය සොයාගන්න.

මේ ආර්ථික දුෂ්කරතා, ණයබර නිසා බහුතරය තම දිවිය පවා තොරකර ගැනීමට කල්පනා කරන කාලයකි. නමුත් ඇතැමකු එසේ නොසිතා තම ජීවිතය එතෙක් ආ මගින් වෙනස් කොටගෙන නව මාවත් විවර කර ගැනීමට වෙහෙසේ. ඔබත් එවැනි මානසික ශක්තිවන්තයකු වීමට අදිටන් කරගන්න. එමගින් ඔබ ජීවිතයට අළුත් ආලෝකයක් ලැබෙනු ඇත.
අප රටේ බොහෝ අය අවස්ථා තුළ පවා දකිනියේ දුෂ්කරතාය. එනම් යමෙකුට අළුත් යමක් කිරීමට අවශ්‍ය වූ විට ඒක හරිම අමාරුයි. උදව්කරන්න කෙනෙක් නෑ, මට මේ ගැන අත්දැකීම් අඩුයි. වැනි සෘණ අදහස් වලින් ඔබම ඔබගේ ඉදිරි ගමන වලකාලයි. නමුත් ඉතා සුළු පිරිසක් දුෂ්කරතා තුළින් අවස්ථා දකී. ඔබත් එවැන්නකු වී තමන්ට ලැබෙන අවස්ථාවන්ගෙන් සහ නව මාවත් විවර කර ගැනීමට උත්සුක වීමෙන් ජීවිතයේ නව වර්ණයන් සොයා ගනී. ඔබත් එවන් අයකු වීමට අදිටන් කරගන්න. වහාම දැන් දැන්ම ඔබගේ ජීවිත හැරවුම් ලක්‍ෂ්‍යයට සොයායන්න. එතුළින් ඔබගේත් අපගේත් ජීවිත් සුඛිත මුදිත කර ගැනීමට හැකි වෙනවා ඇත.

ආචාර්ය ප්‍රේමසිරි ගමගේ
සභාපති – ව්‍යාපාර සංවර්ධන කේන්ද්‍රය

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *