International

ඇෆ්ගනිස්ථානය කෙරෙහි ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රතිපත්තිමය වෙනසක්

0

2001 සැප්තැම්බර් 11, මුළු මහත් ඇමරිකාවටම ඉතාමත් ඛේදනීය දිනයක් විය. අල්-කයිඩා ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමට සම්බන්ධ සටන්කාමීන් 19 දෙනෙකු ඇමරිකානු ගුවන් යානා 4 ක් පැහැරගෙන එක්සත් ජනපදය ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළහ. එහි දී ගුවන් යානා දෙකක් නිව් යෝර්ක් නගරයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නිවුන් කුළුණු වෙත ද, තුන්වන ගුවන් යානය වොෂිංටන් ඩීසී නගරයට නුදුරින් පිහිටි පෙන්ටගනයට පහරදුන් අතර සිව්වන ගුවන් යානය පෙන්සිල්වේනියාවේ ෂැන්ක්ස්විල් හි පිහිටි පිට්ටනියට කඩා වැටු‚. 9/11 ත්‍රස්ත ප්‍රහාරයේදී 3,000 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර එහි ප්‍රතිපලයක් වශයෙන් ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා එක්සත් ජනපදයේ ප්‍රධාන පියවරයන් ආරම්භ විය. ඒ අනුව, ඇෆ්ගනිස්ථානය 2001 දී එක්සත් ජනපදයේ සැලකිය යුතු විදේශ ප්‍රතිපත්තියක් ලෙස ඉස්මතු විය. ඇමරිකා එක්සත් ජනපදය අල්-කයිඩා සංවිධානයට එරෙහිව මිලිටරි ව්‍යාපාරයක් මෙහෙයවූ වූ අතර එවකට ඇෆ්ගන් තලේබාන් රජය එයට සහයෝගය දුන්නේ ය.

මේ අතර ගතවූ පසුගිය වසර 19 තුළ ඇෆ්ගනිස්ථානය තුළ එක්සත් ජනපද යුද හානි 22,000 කට වැඩි සංඛ්‍යාවක් (මරණ 2400 ක් පමණ ඇතුළත්ව) සිදු වූ අතර එහි ප්‍රතිසංස්කරණය හා ආරක්ෂක අංශ සඳහා කොන්ග්‍රසය විසින් ඩොලර් බිලියන 144 ක් පමණ ලබාගෙන තිබේ. එම කාලය තුළ තලේබාන් සංවිධානය වෙනුවට ඇෆ්ගනිස්ථාන රජයක් තේරී පත් විය. නමුත් ඇෆ්ගනිස්ථානයේ මානව සංවර්ධනය සදහා වූ බොහෝ පියවරයන්හි වර්ධනය සීමිත වන අතර අනාගත ජයග්‍රහණ පිළිබඳ අපේක්ෂාවන් පිළිබ`දව ද පැහැදිලි බවක් නොමැත.

කෙසේ වුව ද එක්සත් ජනපදය සහ එහි ජාත්‍යන්තර හවුල්කරුවන් ඇෆ්ගනිස්ථානයෙන් සිය හමුදා ඉවත් කර ගැනීමට තීරණය කළ බව එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් විසින් 2021 අප්‍රේල් 14 වන දින ප්‍රකාශයට පත් කළ අතර, දශක දෙකකට ආසන්න කාලයක සිට ඇෆ්ගනිස්ථානය තුළ එක්සත් ජනපදයේ මිලිටරි රැඳී සිටීම අවසන් කළ හැකි බව අඟවයි. 2020 පෙබරවාරි මාසයේ දී තලේබාන් සංවිධානය සමඟ ඇති කරගත් එකඟතාවයක දී, ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් 2021 මැයි මාසය වන විට ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර ගැනීමට තීරණය කර තිබූ අතර තලේබාන් සංවිධානය විසින් අල්කයිඩා ඇතුළු අනෙකුත් කණ්ඩායම් ඇෆ්ගන් භූමිය එක්සත් ජනපදයට හෝ එහි පාර්ශවකරුවන්හට තර්ජනය කරන ක්‍රියාකාරකම් ස`දහා භාවිතා කිරීම, පුහුණු කිරීම හෝ අරමුදල් රැස් කිරීම වැළැක්වීම සඳහා එක`ගතාව පළ කරන ලදී. නමුත් එක්සත් ජාතීන්ගේ සම්බාධක නිරීක්ෂකයන්ට අනුව, තලේබාන් සහ ඇෆ්ගනිස්ථාන රජය අතර ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් ඇති අතර, අල්කයිඩා සංවිධානය සමඟ තලේබාන් සබඳතා අඛණ්ඩව පවතින හෙයින් තලේබාන් සංවිධානය එක`ග වූ පරිදි තම පොරොන්දු ඉටු නොකළ බව එක්සත් ජනපද බලධාරීන් ස`දහන් කර සිටී. කෙසේ වුව ද, ඇෆ්ගන් රජයේ නියෝජිතයින් එක්සත් ජනපද-තලේබාන් සාකච්ඡාවලට සහභාගී නොවූහ.

2001 සිට ලබා ගත් යම් සමාජ, දේශපාලන හා මානුෂීය ප්‍රතිලාභ ආරක්ෂා කරන දේශපාලන විසඳුමක් සඳහා එක්සත් ජනපදය තම යුද හමුදා ඉවත් කිරීමට ප්‍රමුඛතාවය දෙන බව ඇතැම් පරීක්ෂකවරු නිගමනය කරනු ලබයි. මාස ගණනක ප්‍රමාදයකින් පසු, 2020 සැප්තැම්බර් 12 දින, ඇෆ්ගනිස්ථාන රජය සහ තලේබාන් නියෝජිතයින් කටාර්හි දෝහාහි දී නිල වශයෙන් හමු වී, එවැනි විසඳුමක් සඳහා වන සිය පළමුවන සාම සාකච්ඡා ආරම්භ කළ අතර, පවතින ඇෆ්ගනිස්ථාන ගැටුම් තුළ විශ්මයජනක ලෙස බලපෑම් ඇති කළ හැකි වැදගත් මොහොතක් වශයෙන් එම අවස්ථාව ස`දහන් කළ හැකි ය. දෙපාර්ශවය අතර මෙම සාකච්ඡා අඛණ්ඩව සිදු වූ නමුත් සැලකිය යුතු තරම් ප්‍රගතියක් ලබා නැති අතර කරුණු ගණනාවක් නිසා මෙම තත්ත්වය තවදුරටත් සංකීර්ණව පවතී.

මීට අමතරව, ඇෆ්ගන් අභ්‍යන්තර සාකච්ඡා අතරමග නතර වීම හේතුවෙන් එක්සත් ජනපදය ඇෆ්ගන් අභ්‍යන්තර ගිවිසුමක් කඩ කිරීම සඳහා සිය උත්සාහයන් දැඩි කළ බව පෙනේ. ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි විසින් ප්‍රතික්ෂේප කරන ලද අතරමැදි ˜සංක්‍රාන්ති˜ ආන්ඩුවක් පිහිටුවීම ඇතුළු විවිධ විකල්ප ඇතුළත් සාකච්ඡා සඳහා වන සාම ගිවිසුම් කෙටුම්පතක් එක්සත් ජනපදය ඉදිරිපත් කළ බව වාර්තා වේ. මෙම උත්සාහයන්හි අරමුණ වූයේ 2021 අප්‍රේල් මාසයේ දී තුර්කියේ පැවැත්වීමට නියමිතව තිබූ ඇෆ්ගනිස්ථානයේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ සම්මන්ත්‍රණයක් පැවැත්වීමයි, නමුත් තලේබාන් සංවිධානය එවැනි හමුවකට සහභාගී වීම නොකඩවා ප්‍රතික්ෂේප කරන ලදී. —ඉස්ලාමීය ආන්ඩුවක්˜ නිර්මාණය කිරීමෙන් ඔබ්බට ඇෆ්ගනිස්ථානයේ අනාගතය ගැන තම දැක්ම විස්තරාත්මකව සඳහන් කර නැති තේරී පත් වූ ඇෆ්ගන් රජය සහ තලේබාන් සංවිධානය යන දෙපාර්ශවයම තෘප්තිමත් කළ හැක්කේ කුමන ආකාරයේ දේශපාලන සැකැස්මකට දැයි පැහැදිලි නොවේ. ඇතැම් එක්සත් ජනපද තක්සේරුවලින් පෙන්නුම් කරන්නේ ඇමරිකානු හමුදා ඉවත් වීම ඇෆ්ගනිස්ථාන යුද බිමේ තලේබාන් තව තවත් වාසි ලබා ගැනීමට හේතු විය හැකි බවයි. කෙසේ වුව ද 2001 සිට මේ දක්වා තලෙයිබාන්වරු රටේ අන් සියල්ලන්ට වඩා ශක්තිමත් තත්වයක පසුවන අතර, ඇෆAගනිස්ථානයේ අඩක් පමණ පාලනය කරති. (ඇමුණුම 1)
ඇමුණුම 1: 2020 ඔක්තෝබර් වන විට ඇෆAගනිස්ථානයේ තලෙබාන් සංවිධානයේ පාලනය

https://fas.org/sgp/crs/row/R45122.pdf

2021 අප්‍රේල් 14 වෙනිදා ජනාධිපති ජෝ බයිඩ්න් නිවේදනය කළේ එක්සත් ජනපදයේ අවසන් ඉවත් වීම මැයි 1 දා ආරම්භ කරන බවත් එය 2021 සැප්තැම්බර් 11 වන විට අවසන් කරන බවත් ය. ඊට ලිඛිත ප්‍රතිචාරයක් වශයෙන්, 2020 පෙබරවාරි ගිවිසුම එක්සත් ජනපදය උල්ලංඝනය කළ බවට තලේබාන් සංවිධානය චෝදනා කළ අතර, එක්සත් ජනපදය මැයි 1 දිනෙන් ඔබ්බට සිටීමට ගත් තීරණය ස`දහා ප්‍රතිපත්තිමය වශයෙන් අවශ්‍ය සෑම ප්‍රතිවිරෝධයක්ම ගැනීමට මාර්ගය විවෘත කර ඇති බවත් එබැවින් සියලූ අනාගත ප්‍රතිවිපාක පිළිබද අනෙකුත් සියලූ පාර්ශව සඳහා ඇමරිකාව වගකිව යුතු බව ස`දහන් කරන ලදී.

ඇමරිකානු හමුදාවන් ඉවත්කර ගැනීම පිළිබ`ද නිවේදනයෙන් පසුව, තලේබාන් සංවිධානය එක්සත් ජනපදයට හෝ එහි මිත්‍ර හමුදාවන්ට එරෙහිව ප්‍රහාර එල්ල කළ හොත් ඇමරිකාව දැඩි ප්‍රතිචාර දක්වන බව ද ස`දහන් කර තිබේ. බැරැක් ඔබාමා සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ද නිශ්චිත දිනයන් අනුව ඇෆ්ගනිස්ථානයෙන් එක්සත් ජනපද හමුදාව ඉවත් කර ගැනීමේ අදහස ප්‍රකාශ කළ නමුත් ඔවුන්ගේ ධුර කාලය තුළ දී එය සිදු නොකළහ. කෙසේ වුව ද එක්සත් ජනපද හමුදා ඇමරිකාවෙන් ඉවත් කර ගැනීමත් සමඟම නේටෝව සහ අනෙකුත් හවුල්කාර රටවල් ද සම්පුර්ණයෙන් ම ඉවත් වීමට නියමිත බව වැඩිදුරටත් ස`දහන් වේ.

 

ඉවත දමන තේ බෑගයකින් රුව ලස්සන කරගන්න හැටි දන්නවාද?

Previous article

මැණික් කර්මාන්තය සහ එහි ආරම්භය

Next article

Comments

Leave a reply

Your email address will not be published.

You may also like