International

ජාත්‍යන්තරය කළඹවන ඇමරිකානු හා චීන එදිරිවාදිකම්

0
A staff member adjusts an American flag before the opening session of the US and China Strategic and Economic Dialogue at the US Department of State July 10, 2013 in Washington, DC. Officials from the United States and China are meeting in Washington for the 5th US and China Strategic and Economic Dialogue. APF PHOTO/Brendan SMIALOWSKI (Photo credit should read BRENDAN SMIALOWSKI/AFP via Getty Images)

ඇමරිකාව සහ චීනය යනු ලෝකයේ අනෙකුත් සියලුම රාජ්‍යයන්ට යම්කිසි වූ බලපෑමක් ඇති කිරීමට තරම් හැකියාවක් ඇති ලෝකයේ සුපිරි බලවතුන් ලෙස නැගී සිටින රාජ්‍යයන් වේ. ලෝකයේ බලවත්ම රාජ්‍යය බවට පත් වීම මෙම රාජ්‍යයන්හි ප්‍රධානම අරමුණක් වන අතර ඒ සඳහා අවශ්‍ය දේශපාලනික, ආර්ථික, යුධමය හා සමාජීය යන සාධක තව තවත් ශක්තිමත් කරගැනීමට ඔවුන් දරන උත්සහයන්හි ප්‍රතිඵලයක් වශයෙන් ඇමරිකාව සහ චීනය අතර සීතල යුද්ධයක් පැන නැගී තිබීම ජාත්‍යන්තර පද්ධතිය තුළ කාගේත් අවධානයට ලක් වී තිබේ. ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන සමය තුළ (2016 – 2020) චීනය සමඟ සීතල යුද තත්ත්වය ඇති විය. මතුපිටින් දෙරටේ නායකයින් අතර සුහදතාවයක් පෙන්වමින් සිටිය ද යම් යම් ගැටලු විටින් විට මතුවන්නට විය. මෙම තත්ත්වය හුදෙක් වෙළඳ යුද්ධයක ස්වරූපයක් ගන්නා ලදී. හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අයත් වූ රිපබ්ලිකන් පක්ෂය සහ වත්මන් ජනාධිපති අයත් වන ඩිමොක්‍රටික් පක්ෂය ඇමරිකානු ධනපති පන්තියට අයත් වන අතර මෙම පක්ෂ දෙකේම විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්තිය බොහෝ දුරට සමානය. ඇමරිකාවේ දේශපාලන බලය මෙහෙයවනු ලබන්නේ මෙම ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ඒකාධිකාරී ජාතික ධනේශ්වර පන්තියයි.

2016 සහ 2020 දී පැවති ඇමරිකානු ජනාධිපතිවරණ දෙකම මින් පෙර තිබූ ජනාධිපතිවරණවලට වඩා වෙනස් වූ ස්වරූපයක් ගත්තේ ය. ඊට හේතු වූ ප්‍රධානම ජාත්‍යන්තර සාධකය වූයේ නැගී එන චීනය බව විද්වත් මතයයි. පළමුවන ලෝක යුද්ධයෙන් පසු ජාත්‍යන්තර සාධකය වූයේ හිරු නොබසින අධිරාජ්‍යය වූ මහා බ්‍රිතාන්‍යයයි. ඉන් බාහිරව පැවති සාධක ලෙස ප්‍රංශය, ජර්මනිය සහ සෝවියට් දේශය දැක්විය හැක. 1945 දෙවන ලෝක යුද්ධයෙන් පසු එවකට ප්‍රධාන ජාත්‍යන්තර සාධකය වූයේ සෝවියට් දේශයයි. ඒ අනුව අනෙකුත් රාජ්‍යන්හි විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්ති තීරණය කරනු ලැබුවේ මෙම ජාත්‍යන්තර සාධකයන්ට අනුව විම වැදගත් වේ. සෝවියට් දේශය බිඳ වැටීමෙන් අනතුරුව, ඇමරිකාව ලොව සුපිරි බලවතා වූ හෙයින් ඇමරිකානු රජයට බලපෑම් එල්ල කළ හැකි වෙනත් රාජ්‍යයක් එවකට බිහි වී නොතිබුණි.  එම තත්ත්වය 21වන සියවසේ සිට ක්‍රමානුකූලව වෙනස් වෙමින් පැමිණ, 2015 වන විට චීනය ලෝක ආර්ථිකයේ දෙවන බලවතා බවට පත්විය.

වසර ගණනාවක් පුරා ලෝක බලවතුන් අතර විවිධ මතවාදයන් එල්ල කරන ලද චීනයේ නැගී සිටීමේ අවස්ථාව යථාර්ථයක් බවට පත් කරමින් අද වන විට චීනය ලෝකයේ ශක්තිමත්ම ආර්ථිකය සහිත රාජ්‍ය බවට පත්වී හමාරය. ලෝක බලවතෙකු වීමේ අවශ්‍යතාවය සපුරා ගෙන යමින් පසුවන මාර්ගයේ, චීනය අනුගමනය කරනු ලබන උපායමාර්ගයන් අතර ඔවුන් භාවිත කරනු ලබන මෘදු බලය සහිත ආර්ථික උපායමාර්ග විශේෂ වන අතර ඔවුන් වැඩි වශයෙන්ම අවධානය යොමු කරන්නේ තම ආර්ථිකය තව තවත් ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාවය සාක්ෂාත් කර ගැනීම පිළබඳවයි. වන් බෙල්ට් වන් රෝඩ් ව්‍යාපෘතිය (One Belt One Road) හරහා චීනය තම ආර්ථික උපාය මාර්ග ලෙස තම මෘදු බලය භාවිත කරමින් ආසියාවේ දියුණු වෙමින් පවතින රාජ්‍යයන් තමා වෙත නතු කර ගැනීම මේ සඳහා කදිම නිදසුනක් වේ. චිනයේ මෙම ක්‍රියාවලිය පිළිබඳව ආසියාවේ තවත් බලවත් රාජ්‍යයන් දෙකක් වන ජපානය සහ ඉන්දියාව සඳහන් කර සිටින්නේ මෙය චීනයේ ණය උගුලක් එසේත් නැතිනම් ආර්ථික උගුලක් වශයෙනි. චීනයේ මෙම ආර්ථික උපායමාර්ග හෙළා දකිමින් ඔවුන් පවසා සිටින්නේ චීනය ආසියාවේ බලවතා වීමට සහ ඉන්දියානු සාගරය ඉලක්ක කර ගත් වෙළඳ අරමුණු ඉටු කරගැනීමට උත්සාහ දරන බවයි.

 

මේ අනුව චීනය ආර්ථිකය අතින් නැගී සිටීම ඇමරිකාවට ද බලපෑම් එල්ල කිරීමට තරම් හැකි වන ජාත්‍යන්තර සාධකයක් බවට පත් විය. එම නිසා චීනය සහ ඇමරිකාව අතර  එදිරිවාකම් මතුවන්නට විය. එහි දී ප්‍රධාන වශයෙන් ම ඇමරිකාව විසින් චීනයේ සමාජවාදී දේශපාලනික පසුබිම ප්‍රතික්ෂේප කිරීම ප්‍රබලව සිදු විය. නමුත් මෙම එදිරිවාදිකම් මෑතකාලීන ඉතිහාසය තුළ දෙරට අතර වෙළඳ යුද්දයක් ඇති කිරීමට සමත් විය.

මෑත දශක කිහිපය තුළ චීනයේ ආර්ථික බලය වැඩි වීමත් සමඟම 21 වන සියවස ආරම්භයේ දී ගෝලීය නිෂ්පාදනයේ සහ ජාත්‍යන්තර වෙළඳාමේ එක්සත් ජනපදයේ කොටස් පහත වැටීමත් සමඟ ලෝකයේ භූදේශපාලනය වෙනස් වීමට සහ මෙම එදිරිවාදී කණ්ඩායම් දෙක මතුවීමට හේතු විය. ලෝක විද්වතුන්ගේ අදහසට අනුව ඇමරිකානු හා චීන වෙළඳ යුද්දයේ දී ඇමරිකාව බලාපොරොත්තු වන අරමුණු වන්නේ, ද්විපාර්ශ්වික වෙළඳාමේ හිඟය අඩු කිරීමට සහ රැකියා සංඛ්‍යාව වැඩි කිරීමට, චීන සමාගම්වලට ඇමරිකානු තාක්‍ෂණයට ප්‍රවේශ වීම සීමා කිරීම සහ චීනයේ ඩිජිටල් නවීකරණය වැළැක්වීම, ෆෙඩරල් අයවැය හිඟය අඩු කිරීම සඳහා චීනයේ මිලිටරි ශක්තිය වර්ධනය වීම වැළැක්වීම ආදියයි.

2015 දී චීනය භාණ්ඩ අපනයනයේ ප්‍රමුඛයා වූ අතර ජාත්‍යන්තර වෙළෙඳාමේ ප්‍රමුඛයා බවට පත්විය.  චීනයේ නිරපේක්ෂ නාමික දළ දේශීය නිෂ්පාදිතය ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් 16.1%  ක් වූ ඇමරිකානු ඩොලර් මිලියන 14092 ක කොටසකට ළඟා විය. මීට අමතරව කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග ලෝකය වෙනස් වී ඇති බව ඇමරිකානු රජයට දැනෙන්නට පටන්ගෙන තිබේ. තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන පරිදි  2020 වසරේ දී මුළු ලොවම ඍණ ආර්ථිකයකට පත්වූ අතර ආර්ථික වර්ධනයක් පෙන්වූයේ චීනය පමණක් බවත් චීනය, ඇමරිකාව අභිබවා ඉදිරියට පැමිණ, ආර්ථික ක්ෂේත්‍රයෙහි ලොව බලවතා වූ බවත් ය.

කෙසේ වුව ද ඇමරිකානු හා චීන වෙළඳ යුද්දය කිසිවිටෙකත් කිසිදු පාර්ශවයකට ජයග්‍රහණයක් අත්කර නොදෙන බව විද්වතුන් තවදුරටත් සඳහන් කරනු ලබයි.

කුඩා පරිමාණ කර්මාන්තවල මූල්‍ය කළමනාකරණ අංශය අවිධිමත් වීමට බලපාන සාධක

Previous article

First night in Meemure (Sinhala: මීමුරේ)

Next article

Comments

Leave a reply

Your email address will not be published.

You may also like