Social

නික/ අස්සැද්දුම ප්‍රාථමික විද්‍යලයේ අධ්‍යාපනය හා සිසු දිවිය

0

නිකවැරටිය අස්සැද්දුම ප්‍රාථමික විද්‍යාලය
ස්වභාව සෞන්දර්යයෙන් අනූන වූ පරිසරයකට හිමිකම් කියන වයඹ පළාතේ නිකවැරටිය අධ්‍යාපන කලාපයේ අස්සැද්දුම ප්‍රාථමික විද්‍යාලය අස්සැද්දුම ග්‍රාමයේ මිණි පහනයි. 2022 වර්ෂය වන විට මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 51ක් වූත් ඔවුනට ගුරුහරුකම් ලබා දීම උදෙසා ඇපකැප වී සිටින සයදෙනෙකුගෙන් යුත් ගුරුමඬුල්ලකින් සමන්විත මෙම ආදර්ශමත් විද්‍යාලය සෑම වසරකම ශිෂ්‍යත්ව විභාගය සමත් හපනුන් අපේ රටට දායාද කිරීමට සමත් වී තිබේ.

පොතේ පතේ අධ්‍යාපනය මෙන්ම දරුවන්ගේ ගුණධර්ම වඩවමින් ඔවුන් ගුණ නැණ සපිරි අනාගත පුරවැසියන් කිරීමේ මෙහෙවර මෙම විද්‍යාලය මැනවින් ඉටු කරනු ලබයි. අස්සැද්දුම ප්‍රාථමික විද්‍යාලය විසින් තම විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ගේ දෙමාපියන් සමඟ ඉතාමත් සහයෝගයෙන් කටයුතු කරනු ලබන අතර දරුවන්ගේ අනාගතය වඩාත් සුබදායී වීමට නම් ඔවුන්ගේ දෙමාපියන්ට ද තම පාසල අත්වැලක් විය යුතු බව විශ්වාස කරයි. එම නිසාම මෙම විද්‍යාලයේ ගුරුවරුන් හා දෙමාපියන් අතර ඇති අන්‍යෝන්‍ය බැඳීම ඉතා අගනා බව පැවසිය යුතුමය.

මෙම සියලු සුන්දරත්වයන් හමුවේ වුව ද නිකවැරටිය අස්සැදුම විද්‍යාලයීය දරුවන් දුෂ්කරතා රාශියකට මුහුණපාමින් සිටී. අප රටේ දියුණු පාසල් හා සසඳන විට මෙම පාසලේ ඉතාමත් සීමිත සම්පත් ප්‍රමාණයක් පමණක් තිබීම කණගාටුවට කාරණයකි. අස්සැද්දුම පාසලේ දරුවන් හට පරිහරණය කිරීමට පුස්තකාල පහසුකම් නොමැති බව ඔවුන් දන්වා සිටියේ මහත් කනස්සල්ලෙනි. එමෙන්ම දරුවන් හට පරිහරණයට ඇති වැසිකිළි පද්ධතිය අලුත්වැඩියා කටයුතු සිදු කිරීමට අවශ්‍ය මට්ටමක පවතී.

ප්‍රාථමික විද්‍යාලයක ඉගෙනුම ලබන්නේ අවුරුදු 6ත් 10ත් අතර කුඩා ළමුන් වන අතර මෙම කුඩා වයසට ඔවුන්ට අධ්‍යාපනික පසුබිමට අමතරව ඔවුන්ගේ විවේක කාලය ඵලදායී ලෙස ගත කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කරදීම ද ඉතා වැදගත් වේ. නමුත් මෙම දරුවන් හට ක්‍රීඩාකිරිමට හොඳ තත්ත්වයේ ක්‍රීඩා උපකරණ නොමැතිකම ද ඔවුන් මුහුණපා ඇති ගැටලුවකි.
තවද ස්වභාවික ආපදාවන් නිසා ද මෙම විද්‍යාලයීය දරුවන් විවිධ වූ බාධකවලට මුහුණදෙනු ලබයි. අධික වර්ෂාපතනයක් ඇති කාලවල දී මෙම පාසල පිහිටි ප්‍රදේශය අසල ඇති ඔය පිටාර ගැලීම නිසා ගංවතුර උවදුරට ලක්වේ. එවැනි කාලවල දී පාසල වසාදැමිමට ද සිදුවන අවස්ථා ඇත. එමෙන්ම අතැම් කාලවල දී වන අලි උවදුරුවලට මුහුණදීමට ද ඔවුන්ට සිදු වේ.
මෙම පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමව්පියන් තම ජීවනෝපායමාර්ගය වශයෙන් කෘෂීකර්මාන්තයේ නිරත වේ. ඔවුන්ගේ ආර්ථික තත්ත්වය එතරම් ශක්තිමත් නොවන අතර දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සහ අනෙකුත් සියලු වියදම් දරාගැනීමට තරම් හැකියාවක් නො පවතී. ගංවතුර උවදුර මෙන්ම වන අලි උවදුර නිසා ඔවුන් තම ගොවිතැන් කටයුතු දැඩි දුෂ්කරතා හමුවේ සිදුකරනු ලබන අතර ජීවත්වීමට අවැසි කරම් වූ ආදයාමක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතී. නමුත් ඔවුන් හැකි උපරිම අයුරින් තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපකිරීම් සිදු කරනු ලබයි. මෙම දරුවන්ගේ අධ්‍යාපනයට අත්වැලක් වීමට හැකි වේ නම් එය දෙමව්පියන්ට මහත් වූ අස්වැසිල්ලක් වනු ඇත.

අස්සැද්දුම ප්‍රාථමික විද්‍යාලය නිසියාකාරව සංවර්ධනය කිරීමටත් එම දරුවන්ට පරිපූර්ණ අධ්‍යාපනයක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකර දීමත් ඉතා වැදගත් වේ. පිපෙන්නට වෙර දරන ඒ පුංචි මල් කැකුළු පරනොවී විකසිත කරන්නට ඔබත් අත්වැලක් වෙන්න!

අළු මතින් නැවත ඇරඹෙන රුසියානු – යුක්‍රේන අර්බුධය

Previous article

Are you looking to upgrade your skills in Tourism & Hospitality?

Next article

Comments

Leave a reply

Your email address will not be published.

You may also like

More in Social