Sports

Azzurri (The Blues)

0

යුරෝ තරගාවලිය පටන් ගන්න ඉතාමත් කෙටි කාලයක් තියෙන්නේ. ඉතින් තෝරගත්ත කණ්ඩායම් කිහිපයක් ගැන පොඩි article series එකක් කරන්න හිතුවා. ඒකේ පලවෙනි එක අද මේ විදිහට පටන් ගන්නවා.

යුරෝපානු පාපන්දුව ගැන කතා කරද්දී කතා නොකරම බැරි කණ්ඩායමක් තමා ඉතාලි කණ්ඩායම කියන්නේ. පෞද්ගලිකව මන් හිතනවා යුරෝපයේ දෙවනි සාර්ථකම පාපන්දු ක්‍රීඩා කරන රට ඉතාලිය කියලා. 2006 පාපන්දු ලෝක කුසලානය, Baggio ගෙ පෝනි ටේලය, Grosso ගේ 119 මිනිත්තුවේ ගෝලය, Balotelli ගේ ඒ අයිකනික් celebration එක වගේ මතක රැසක් ලෝක පාපන්දුවට ලබා දුන් රටක් ඉතාලිය කියන්නේ. අද කතා කරන්නේ ඉතාලියේ යුරෝ දක්ශතා ගැන

ඉතාලිය පලමු වතාවට යුරෝපා කුසලානය සදහා සුදුසුකම් ලැබුවේ 1968 වසරේදී. ඔබ විශ්වාස කරන්න එම වසරේදීම ඉතාලියට හැකියාව ලැබෙනවා යුරෝපා කුසලානයේ ජයග්‍රහණය කර එය තමන් සතු කරගන්න. යුගොස්ලෝවීයාට එරෙහිව එම ජයග්‍රහණය තමන් සතු කරගත්තත් ඉතාලි පාපන්දු ඉතිහාසය තුළ ඔවුන් ජයග්‍රහණය කල එකම යුරෝ කුසලානය උනෙත් ඒකම තමා. 1980 දී සහ 1988 දී පිළිවෙලින් සිව්වන හා තෙවන ස්තාන ලබා ගත්තත් අවසාන මහාතරගයට සුදුසුකම් ලබන්න බැරි වෙනවා.

වසර 32 කට පසුව 2000 වසරේදී යුරෝ කුසලානයේ අවසාන මහතරගයට සුදුසුකම් ලැබීමට ඉතාලිය සමත් වෙනවා. රොමේනියාව නෙදර්ලන්තය පරාජය කර අවසන් මහා තරගයට යන ඉතාලිය 55 වන මිනිත්තුවේදී තරගයේ වාසිය තමන් සතු කරගන්නේ ගෝලයක් රැස් කරමින්. ඒ උනත් 90 වන මිනිත්‍තුවේදී ප්‍රංශයේ Wiltord රැස් කල ගෝලය සමග අතිරේක කාලය ආරම්භ වෙනවා. මේ වෙද්දී තිබ්බේ Golden Goal රූල් එක. ඒ කියන්නේ අතිරේක කාලයේ මුලින්ම ගෝලය රැස් කරන කණ්ඩායම ජයග්‍රහණය කරනවා. ඉතින් 103 වන මිනිත්‍තුවේදී Trezeguet රැස් කල ගෝලය සමග ප්‍රංශය යුරෝ ශූරයන් වන්නේ ඉතාලියට අවසන් මහා තරගයේ පරාජය උරුම කරමින්.

ඉන්පසුව ඉතාලිය නැවතවතාවක් අවසන් මහාතරගයට සුදුසුකම් ලබන්නේ 2012 දී. විශේෂයෙන්ම ප්‍රභල එංගලන්ත හා ජර්මානු කණ්ඩායම් පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවත් ස්පාඤ්ඤ කණ්ඩායම හමුවේ ගෝල 4-0 ක් ලෙස දරුණු පරාජයකට ලක් වෙන්න සිදුවන්නේ ඉතාලි පාපන්දුවේ අමිහිරිම මතකයක් හිමි කරදෙමින්.

2012 න් පසු ඉතාලි කණ්ඩායම දරුණු පසුබෑමකට ලක්වුනා කියන එක රහසක් නෙමේ. ඒ උනත් 2018 වසරේදිඋ Roberto Mancini ඉතාලි පුහුනුකරු ලෙස පත්වීමත් සමග ඉතාලි පාපන්දුව නැවත ඉපදෙනවා. 2020 වසරේ සිට ඔවුන් මේ දක්වා තරග 13 ක් අපරාජිතව ක්‍රීඩා කර තියෙනවා. 2021 දී තරග සියල්ල ජයග්‍රහණය කල අතර එහිදී ගෝල 17 ක් රැස් කරේ කිසිදු ගෝලයක් අනෙක් පිලට රැස් කිරීමට ඉඩ ලබා නොදෙමින්.

Donnarumma, Bonucci, Chiesa, Insigne, Immobile, Jorginho වැනි සුපිරි ක්‍රීඩකයන් ගෙන් සමන්විත මෙම කණ්ඩායමට Chiellini නායකත්වය දෙනු ඇත.

ඉතින් පසුගිය වසර වල පසුබෑම අමතක කරලා ඉතාලි කණ්ඩායම මෙවර යුරෝ කුසලානය දිනා ගැනීමට සමත් වෙයිද කියලා අපි බලමු.

ඔවුන් කණ්ඩායම් වටයේදී
ජූනි 12 වන දින තුර්කියට
ජූනි 17 වන දින ස්විට්සර්ලන්තයට හා
ජූනි 20 වන දින වේල්සයට එරෙහිව ක්‍රීඩා කරනු ඇත.

ඇමරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණය

Previous article

කවුද මේ Ahmed Waseem

Next article

Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

You may also like