ශ්‍රී ලංකාවේ ඉන්න අපි බලන්න පුරුදු වෙලා ඉන්නේ යුරෝපය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වෙන Football කිව්වොත් මම හරි. ඒකට ප්‍රධානතම හේතුව වෙන්නෙ එකක් ලෝකෙම ජනප්‍රිය Football තියෙන්නෙ යුරෝපයේ. ලෝකෙ ඉන්න අංක එකේ සුපිරිම ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන්නේ යුරෝපයේ ක්‍රීඩා සමාජ වලට. ඒකට හේතුව තමයි වැඩිපුරම Football වල සල්ලි ගැවසෙන්නේ යුරෝපය කේන්ද්‍ර කරගෙන තියෙන Football Club වලයි.
අනිත් කාරණාව තමයි මේ හේතූන් හින්දම යුරෝපයේ ක්‍රීඩා සමාජ පාපන්දු ලෝකය පුරාම විකාශය කෙරෙනවා. මේක හින්දා ලොකු අපහසුවකින් තොරව අපිට යුරෝපීය ක්‍රීඩා සමාජ තරඟ නරඹන්න පුලුවන්. (සමහර ඒවා කිසිම අවුලක් නැතුව TV එකේම බලන්න පුලුවන්). මේ හේතූන් හින්දම දකුණු ඇමරිකාව මූලික කරගෙන තියෙන Copa Libertadores නරඹන්න ශ්‍රී ලාංකික පාපන්දු ප්‍රේක්ෂකයන් එච්චරම මූලිකත්වයක් දෙන්නෙ නෑ. Barcelona, Real Madrid, Manchester United, Juventus, Bayern Munich වගේ යුරෝපයේ තියෙන දැවැන්ත ක්‍රීඩා සමාජ ගොඩක් දෙනෙක් දැනගෙන ඉඳියට Boca Juniors, River Plate, Santos, Sao Paulo, Palmeiras, Independiente වගේ දකුණු ඇමරිකානු දැවැන්තයෝ ගැන දන්නේ නෑ.
යුරෝපයේ තියෙන UEFA එහෙමත් නැත්තන් Union of European Football Association එකේ Membership එක තියෙන රටවල් 55ක් ඉන්නවා. මේ රටවල් 55 ඇතුළේ ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ 32 කට අවස්ථාව ලැබෙනවා UEFA Champions League එහෙමත් නැත්තන් යුරෝපයේ ක්‍රීඩා සමාජයකට දිනා ගන්න පුලුවන් ලොකුම කුසලානයට තරඟ වදින්න. ඇත්තටම සුදුසුකම් ලැබීමේ වට ගත්තම කණ්ඩායම් 32 කට වඩා එක් වෙනවා. කොහොම වුනත් දැනට තියෙන ආකෘතිය ඇතුළේ අවසන් අදියරට එකතු වෙන්නේ කණ්ඩායම් 32යි. Copa Libertadores කියන්නෙ මේකෙම අනිත් පැත්ත. දකුණු ඇමරිකාව කේන්ද්‍ර කරගෙන ප්‍රධාන වශයෙන් පාපන්දු ක්‍රීඩා කරන රටවල් 10ක් ඉන්නවා. ඒ රටවල් 10 ඇතුළේ ඉන්න ප්‍රභල ක්‍රීඩා සමාජ 32ක් අවසන් අදියර දක්වා එකතු වෙනවා. Champions League එක වගේම මේකත් සෑම අවුරුද්දකටම පාරක් තියෙනවා.
සාමාන්‍යෙන් දකුණු ඇමරිකාවෙන් බිහි වන 99% ක් ම ක්‍රීඩකයෝ එන්නේ දකුණු ඇමරිකානු ක්‍රීඩා සමාජයක ක්‍රීඩා කිරීමෙන් පස්සෙයි. Lionel Messi තමන්ගේ පාපන්දුවට අත්පොත් තියන්නේ ආර්ජන්ටිනා ක්‍රීඩා සමාජයක් වුන Nevell’s Old Boys කණ්ඩායමත් එක්ක. Neymar යුරෝපයට එන්න කලින් බ්‍රසීලයෙ ප්‍රකටම Santos ක්‍රීඩා සමාජයත් එක්ක ක්‍රීඩා කරනවා. මේ වගේ දකුණු ඇමරිකානු පාපන්දු ක්‍රීඩා සමාජ වලට ක්‍රීඩා කරන තරු තමන්ගේ පාපන්දු දිවිය සාර්ථක කරගන්න එන්නේ යුරෝපයට. වැඩිම ගෙවීමක් වගේම විශාල ජනප්‍රියතාවයක් එක්ක තමන්ගේ හැකියාවන් හොඳටම පෙන්නන පුලුවන් යුරෝපයේදී. මේක නිසා දකුණු ඇමරිකාව ඇතුළෙ ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්ගේ සිහිනයක් තමයි යුරෝපීය පාපන්දු ක්‍රීඩා සමාජයක් එක්ක එකතු වෙන එක.
මේ Copa Libertadores කියන කුසලානය ඇත්තටම Champions League එක තරම් ම උණුසුම් අමුතුම Passion එකක් ඇතුළේ ක්‍රියාත්මක වෙන තරඟාවලියක්. දකුණු ඇමරිකානු කලාපය කියන්නෙ සාමාන්‍යෙන් මැරවර, පාතාල කේස් එහෙම සෑහෙන වැඩි කලාපයක්. බ්‍රසීලෙ, චිලී, කොලොම්බියාව ගැන එහෙම අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නෑ නේ. සාමාන්‍යෙන් මේ රටවල් 10ම අපරාධ අතින් ඉහළින්, පාතාල ක්‍රියාකරකම් අතින් ඉහළින් ඉන්න රටවල් කිහිපයක්. ඉතින් මේ හේතුව හින්දම දකුණු ඇමරිකාවේ Football කියන්නෙ වෙනම දෙයක්. Fans ලා මැච් බලන්න එන්නෙ මරාගන්න බලාගෙන. කොටින්ම යුරෝපයේ තියෙන Football Fan සංකල්පය හාත්පසින්ම වෙනස් වෙනවා දකුණු ඇමරිකාවේදී. ක්‍රීඩා කරද්දිත් එහෙමයි. කකුල් වලට කෙලින්ම ගහන ඒවා, මැච් එක මැද වලි, මේ ඔක්කොම යුරෝපෙට වඩා සැලකිය යුතු මට්ටමකින් දකුණු ඇමරිකානු කලාපයේදී දකින්නට පුලුවන්.
ඇත්තටම මේ Copa Libertadores බලද්දි තේරෙන දෙයක් තමයි යුරෝපයේ Football වලට වඩා හාත්පසින්ම වෙනස් Passion එකක් තියෙන වෙනස්ම ලස්සනක් තියෙන Football දකුණු ඇමරිකාව ඇතුළේ ක්‍රියාත්මක වෙනවා කියලා. යුරෝපයේ අපිට දකින්න පුලුවන් වර්තමානයේ අරාබියේ තෙල් සල්ලි බැහැලා Football ක්‍රීඩා සමාජ අරගෙන ඉන්න හැටි. දකුණු ඇමරිකාවෙ මේකට එන්නෙ තෙල් සල්ලි නෙමෙයි කුඩු සල්ලි. ලෝකෙ ඉඳපු දරුණතම කොකේන් ජාවාරම් කාරයෙක් වුණ පබ්ලෝ එස්කොබාර් කියන කොලොම්බියානු ජාතිකයාගේ මෙඩලීන් කාටෙල් එකට අයිති වෙලා තිබ්බ පාපන්දු ක්‍රීඩා සමාජය තමයි Atletico Nacional කියන්නේ. දැනටත් මේ ක්‍රීඩා සමාජය කොලොම්බියාවේ මෙඩලීන් වල ක්‍රියාත්මක වෙනවා. ඔවුන් 1989 සහ 2016 වසර වලදී Copa Libertadores ශූරතාවය පවා දිනා ගත්තා. අදටත් කොකේන් ජාවරම්කාරයෝ, පාතාල ලොක්කෝ දකුණු ඇමරිකානු පාපන්දු ක්‍රීඩා සමාජ වලට අනුග්‍රහය දක්වනවා. මේ සිද්ධි කිහිපයෙන් හිතාගන්න පුලුවන් දකුණු ඇමරිකානු පාපන්දුව වෙනස්ම සංස්කෘතියක් ඇතුළේ දුවනවා කියලා.
දකුණු ඇමරිකානු පාපන්දු සංස්කෘතියයි ප්‍රේක්ෂකයන් ගේ වෙනස් සංස්කෘතික මට්ටමයි ගැන බලන්න ඕනි නම් Copa Libertadores Final එකක්, එහෙමත් නැත්තන් Boca Juniors vs River Plate වගේ මැච් එකක් බලන්න පුලුවන්. කොහොම වුනත් වැඩිම පාරක් Copa Libertadores දිනලා තියෙන්නෙ නම් ආර්ජන්ටිනා ක්‍රීඩා සමාජයක් වුන Independiente ක්‍රීඩා සමාජය. වර්තාමනයේ ශූරයන් විදිහට වැජඹෙන්නේ Palmeiras කියන බ්‍රසීල ක්‍රීඩා සමාජයයි. Independiente මෙකී ශූරතාවය 7 වතාවක් ජයග්‍රහණය කරන්න සමත් වෙලා තියෙනවා. යුරෝපයේ Champions League වගේම ආතල් එකක් එකක් Copa Libertadores ඇතුළේ තියෙනවා. හැබැයි දකුණු ඇමරිකා පාපන්දු බලද්දී යුරෝපීය මානසිකත්වයෙන් මිදිලා අර කියන දකුණු ඇමරිකා සංස්කෘතියට බහින්නම වෙනවා?. මම පහළින් Copa Libertadores ශූරතාවය සහ දකුණු ඇමරිකානු පාපන්දු සංස්කෘතිය ගැබ් වෙලා තියෙන ඡායාරූප කිහිපයක් විස්තරත් එක්කම අමුණන්නම්.
Shaminda Jayarathne
Comments