යුරෝ කුසලානයට මෙවර සහභාගී වන කණ්ඩායම් අතරින් තවත් ප්‍රභල කණ්ඩායමක් ලෙස ජර්මානු පාපන්දු කණ්ඩායම හදුන්වන පුලුවන්. ලෝක කුසලාන 4 ක් යුරෝ කුසලාන 3ක් මෙන්ම Fifa Confederation කුසලානයක් ජයග්‍රහණය කල ජර්මානු කණ්ඩායම යුරෝපයේ මේ දක්වා බිහිවෙච්ච ප්‍රභලතම පාපන්දු කණ්ඩායම ලෙස හැදින්විය හැකිය. Backenbauer, Gerd Muller, Sepp Maier වැනී බොහෝ පුරාවෘත්ත පාපන්දු ලෝකයට දායාද කල ජර්මානු කණ්ඩායමේ යුරෝ කුසලාන ඉතිහාසය අද අපි බලමු.
ජර්මානු පාපන්දු කණ්ඩායම ප්‍රථම වතාවට යුරෝ කුසලානය සදහා සුදුසුකම් ලැබුවේ 1972 බෙල්ජියමේ පැවැත්වූ තරගාවලියේදී. බටහිර ජර්මනිය ලෙස සුදුසුකම් ලැබූ මෙම කණ්ඩායම Gerd Muller, Backenbauer, Uli Hoenes වැනි දක්ෂයන් රැසක් සිටිය කණ්ඩායමක්. එහිදී සෝවියට් දේශය අවසන් මහා තරගයේ පරාජය කොට තමන් සහභාගී වූ පලමු තරගාවලියම ජයග්‍රහණය කිරීමට ජර්මානු කණ්ඩායමට හැකියාව ලැබෙනවා.
ඉන්පසුව 1976 දී යුගොස්ලෝවියාවේ පැවති යුරෝ කුසලාන තරගාවලියෙදීද පිට පිට දෙවන වතාවටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ජර්මානු කණ්ඩායම සමත් වුවද චෙකොස්ලෝවැකියාවට එරෙහිව පැවති අවසන් මහා තරගය පැනල්ටි ශූට් එකේදී පරාජයට පත් වෙනවා. ලෝක ප්‍රසිද්ධ Panenka පැනල්ටිය Panenka විසින්ම එල්ල කරන්නේ මේ තරගයේ වීම විශේෂයි.
ඉන් පසුව 1980 දී ඉතාලියේ පැවති අවසන් මහා තරගයටද ජර්මනිය සුදුසුකම් ලබන්නේ පිට පිට තුන්වන වතාවටත් එම දස්කම දක්වමින්. 1976 දී අවසන් මහා තරග පරාජයේ වේදනාව අමතක කරමින් බෙල්ජියමට එරෙහිව ගෝල 2-1 ක් ලෙස තරගය ජයගන්නා ජර්මනිය් දෙවන යුරෝ කුසලානයද තම මව් රටට ගෙන යනවා.
1988 දී අවසන් පූර්ව තරගයේදී පරාජයට පත් වුවද 1992 දී හා 1996 දී නැවත වතාවක් ජර්මනිය අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා. ඒ අනුව තරගාවලි 7 ක් තුළ 5 වතාවකදීම අවසන් මහා තරගයට පැමිණීමට ජර්මානි කණ්ඩායමට හැකි වෙනවා. 1992 දී ඩෙන්මාර්කයට එරෙහිව ගෝල 2-0 ක් ලෙස අවසන් මහා තරගය පරාජය වුවත් 1996 දී නැවත වතාවක් යුරෝ කුසලානයේ ජයග්‍රහණය තම රට ඉදිරියේ තැබීමට ජර්මානු කණ්ඩායමට හැකිවෙනවා. මෙම තරගය ගෝල්ඩන් ගෝල් concept එක හදුන්වා දුන්න තරගාවලිය උනා. Bierhoff 95 වන මිනිත්තුවේදී චෙක් දේශයට එරෙහිව එල්ල කරන ගෝලය ජර්මානු කණ්ඩායමේ තෙවන යුරෝ කුසලානය සනිටුහන් කරා.
ඉන් වසර 12 කට පසු 2008 වසරේ ජර්මනිය නැවත වතාවක් අවසන් මහා තරගයට පැමිණියත් ස්පාඤ්ඤ කණ්ඩායම අතින් පරාජයට පත් වෙනවා. ඉන්පසුව 2012 හා 2016 වසර වලදී අවසන් පූර්ව වටයෙන් ඉවත් වීමට සිදු වෙනවා.
යුරෝ ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම ජර්මනිය වුනත් 2018 න් පසු ජර්මානු කණ්ඩායම දැඩි පසුබෑමක සිටින බව නොරහසක්. ජර්මනියට සිව්වන ලෝක කුසලානය ලබා දුන් Joachim low ගේ අවසන් තරගාවලිය මෙය වනවා. Thomas Muller, Hummels වැනි පරිණත ක්‍රීඩකයන් නැවත කණ්ඩායම සමග එකතු වී ඇති අතර Kroos, Kimmich, Kai, Gnabry, Werner, Rudiger වැනි ප්‍රභල ක්‍රීඩකයන් රැසක් සහිත කණ්ඩායමට Manuel Neuer නායකත්වය ලබා දෙනවා.
ජර්මනිය මේ පාර යුරෝ කුසලානයේ ඉන්නේ Group of Death කණ්ඩායමක. ඔවුන්ට ලෝක ශූර ප්‍රංශය මෙන්ම යුරෝ ශූරයන් වූ පෘතුගාලය සමග තරග වදින්න සිදුවෙනවා.
මේ වසරේ ලෝක කුසලාන සුදුසුකම් වටයේදී North Macedonia කණ්ඩායම හමුවේ පවා පරාජයට පත් වූ ජර්මානු කණ්ඩායම Group stage එකෙන්ම ඉවත් වෙයිද ? එසේත් නැතිනම් වසර 25 කින් පසුව යුරෝ කුසලානය නැවත වතාවක් ජය ගනීද කියන එක අපිට ටික දවසකින් බලන්න පුලුවන්
ජර්මානු කණ්ඩායම
ජූනි 15 ප්‍රංශයට එරෙහිව
ජූනි 19 පෘතුගාලයට එරෙහිව
ජූනි 23 හන්ගේරියාවට එරෙහිව තරග වදිනු ඇත.
Comments