International

මොකද්ද මේ Electoral College (මැතිවරණ විද්‍යාල) ක්‍රමය ?

0

ශ්‍රී ලංකාවේ මීළග විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමට තියෙන්නෙ තව සතියක වගේ කෙටි කාලයක්. 1977 මහාමැතිවරණයදී පාර්ලිමේන්තු වේ 5/6 ක බලයක් දිනූ ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් මෙරටට දෙවන ජනරජ ව්‍යවස්ථාව හදුන්වා දෙනවා. ඒ තුළින් මෙරට විධායක බලතල ජනාධිපති ධූරයට ලබා දීමට කටයුතු කරනවා. ඉතින් ඒ විදිහට නිර්මාණය වුන මෙරට විධායක ජනාධිපති ධූරයට පුද්ගලයන් ‍තෝරාපත් කරගන්නේ සරල බහුතර ක්‍රමවේදයට අනුව. ඒ කියන්නේ මුලු රටම එකම ජන්ද කොට්ඨාසයක් බවට පත්වී සමස්ත ජන්ද සංඛ්‍යාවෙන් 50% කට වඩා ලබාගන්නා පුද්ගලයා මෙරට විධායක ජනාධිපති ලෙස තේරී පත් වෙනවා. ජේ.ආර්.ජයවර්ධන ජනාධිපති තුමාගේ සිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති දක්වා සියලුම දෙනාව තේරීපත් වෙන්නේ ඔන්න ඔය විදිහට.

ඒ උනත් මේ වෙද්දී රටේ තියෙන මතවාදයට අනුව මේ ක්‍රමය තුල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එය ගොඩනැගී තියෙන්නේ රටේ ජනගහන ඝනත්වය බෙදීයාම තුළ. ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියෙනවානම් අපේ රටට ජනාධිපති කෙනෙක් තෝරාගැනීමේදී අනුගමනය කල හැකි වෙනත් ක්‍රමයක් තියෙනවද ?

ඔව්. ඒ මැතිවරණ විද්‍යාල ක්‍රමය (Electoral College)

මේ ක්‍රමවේදය ලෝකෙට එන්නේ ඉතාමත් පැරණි ජර්මානු සිරිතක් නිසයි. එවකට ජර්මානු රජුව තෝරා පත් කරගත්තේ එරට සිටි රදලවරුන් විසින්. 18,19 වන සියවස් වල තවදුරටත් දියුණු වූ මෙම ක්‍රමවේදය ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණ සමගද මේ වන විට දියුණු වෙලා තියෙනවා

මොකද්ද මේ ක්‍රමවේදය ?
බහුතරයක් සන්ධීය රාජ්‍ය වල ක්‍රියාත්මක වන ක්‍රමයක් ලෙස මේක හදුන්වන්න පුලුවන්. හැබැයි ඒකීය රාජ්‍ය වලත් මේක යොදාගෙන තියෙනවා.
එක් එක දිස්ත්‍රික්ක වලට හො මැතිවරණ කොට්ඨාශ වලට නියමිත නියෝජිතයන් සමූහයක් එම රටවල ව්‍යවස්ථාවෙන් හෝ මැතිවරණ කොමිෂන් සභා වලින් තීරණය කරනවා. යම් කිසි අපේක්ශකයෙක් අදාල පාලන දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමේදී සියලුම නියෝජිතයන් ප්‍රමාණයද ඔහු ජයග්‍රහණය කරනවා.
උදා:- 2016 ඇමරිකානු ජනාධිපතිවරණයේදී ටෙක්සාස් ජනපදයේ තීරණය පහත පරිදි විය.
ඩොනල්ඩ් ට්‍රම්ප් – 4,685,047
හිලරි ක්ලින්ටන් – 3,877,877

මෙහිදී වැඩි ජන්ද සංඛ්‍යාවක් ලබා ගත් ඩොනල්ඩ් ට්‍රම්ප් හට ටෙක්සාස් ජනපදය වෙනුවෙන් වෙන් කල තිබූ Electoral colleges 38 ම ජයග්‍රහණය කිරීමට හැකි විය.

ඒ ඒ පාලන දිස්ත්‍රික්කයට අදාල වන පරිදි නියෝජිතයන් සංඛ්‍යාව වෙන් කරන්නේ කෙසේද ?
ඒ ඒ ජනපදයේ හෝ මැතිවරණ දිස්ත්‍රික්කයට අදාල ජනගහනය අනුව එට අදාල නියෝජිතයන් ගනන තීරණය කරනු ලබයි.

බහුතර ජන්ද සංඛ්‍යාවයක් ලබා ගත්තද මැතිවරණ විද්‍යාල අඩුවීම නිසා පරාජයට පත්විය හැකිද ?
ඔව්. මේ ක්‍රමයේ සුවිශේෂිත්වය එයයි. ඇමරිකානු ඉතිහාසය තුළ එවැනි අවස්ථා තුනක් දකින්නට පුලුවන්.

  • 1888 – බෙන්ජමින් හැරිසන්
  • 2000 – ජෝර්ජ් බුෂ්
  • 2016 – ඩොනල්ඩ් ට්‍රම්ප්

ඩොනල්ඩ් ට්‍රම්ප් – 62,984,828
හිලරි ක්ලින්ටන් – 65,853,514
මේ අනුව රටේ බහුතර කැමැත්ත දිනා නොගත්ත පුද්ගලයෙක්ට උනත් ජනාධිපතිවරයා විය හැකි.

මේ ක්‍රමවේදය භාවිතා කරන රටවල් මොනවාද?

  • ඇමරිකා එක්සත් ජනපදය
  • ප්‍රංශය
  • මියන්මාරය
  • කසකස්තානය
  • ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබෑගෝ

අවසන් වැදගත්ම ප්‍රශ්නය
මෙය ලංකාවට සුදුසු ද ?
සාපේක්ෂව බැලිය යුතු කාරණාවක්. ශ්‍රී ලංකාව තුල පවතින ඒකිය ක්‍රමවේදයෙත් දැඩි අර්බුදකාරී තත්වයක් තියෙන නිසා මගේ උත්තරය මේ වෙලාවේ සුදුසු නෑ කියන එක.
ඒ උත්තරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන එකක්

සේද මාවත දිගේ එන මරණය !

Previous article

කුඩා පරිමාණ කර්මාන්තවල මූල්‍ය කළමනාකරණ අංශය අවිධිමත් වීමට බලපාන සාධක

Next article

Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

You may also like