1977න් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික ක‍්‍රමය තුළ කර්මාන්ත අංශයේ වර්ධනය සිදුවුවත් එහි උප අංශයක් වන කුඩා පරිමාණ කර්මාන්ත අංශය දැඩි අර්බුදයකට ලක්විය. 1977 න් පසු විවෘත ආර්ථික ප‍්‍රතිපත්තියත් සමඟ විදේශ භාණ්ඩ ආනයනය කිරීම සිදුවිය. මේ නිසා කුඩා පරිමාණ කර්මාන්ත අංශයට තුළ එතෙක් පැවති වෙළෙඳපොළ ක‍්‍රමය ඇහිරීමකට ලක්විය. මේ සමගම කුඩා පරිමාණ කර්මාන්ත ඉතා දුර්වල තත්ත්වයට ද පත්විය. කුඩා පරිමාණ කර්මාන්ත අංශය දෙස බැලූ විට එය දේශීය සම්පත් උපයෝගී කර ගෙන දේශීය ආයෝජකයින් විසින් දේශීය වෙළෙඳපොළ සඳහා භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන අංශයකි. මේ නිසා කුඩා පරිමාණ අංශය සම්පත් භාවිතය, විරැුකියාව, සම්පත් සමසේ බෙදී යාම, ඉතුරුම් එ්කරාශි කිරීම වැනි ආර්ථික කටයුතු වල දී ඉතා වැදගත් අංශයක් වශයෙන් සලකනු ලබයි.
කුඩා පරිමාණ කර්මාන්ත යන්න පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඒ සදහා මුළු ලොවම පිළිගත් එක් නිර්වචනයක් නොමැත. යොදා ගන්නා ස්ථානය අනුව එ් විවිධාකාරව විග‍්‍රහ කරනු ලැබේ. එමෙන්ම එම විග‍්‍රහය ද රටින් රටට ද වෙනස් වේ. මේ නිසා කුඩා පරිමාණ කර්මාන්ත හඳුනාගැනීම සඳහා ප‍්‍රමාණාත්මක හා ගුණාත්මක නිර්ණායකයන් කිහිපයක් භාවිතයට ගනු ලැබේ. එහිදී ප‍්‍රමාණාත්මක නිර්ණායකයන් ලෙස ආයෝජිත ප‍්‍රාග්ධනය, සේවක සංඛ්‍යාව, නිෂ්පාදන ධාරිතාවය, ස්ථාවර වත්කම් වටිනාකම, භාවිතයට ගනු ලබන බලශක්ති ප‍්‍රමාණය හැඳින්විය හැකිය. ගුණාත්මක නිර්ණායකයක් ලෙස ව්‍යාපාරයේ ස්වභාවය, ව්‍යාපාරයේ සංවිධාන ක‍්‍රමය, භාවිත කරන තාක්ෂණය, භාවිත කරන කළමනාකරණ ශිල්ප ක‍්‍රම, වෙළෙඳපොළ යනාදිය හැඳින්විය හැකිය. මෙහිදී සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල ද කුඩා පරිමාණ කර්මාන්ත එම රටවලට ඉටුකරන්නේ විශාල මෙහෙවරකි. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ ආසියානු රටවල කර්මාන්ත අංශයෙන් 80% කට වඩා වැඩි ප‍්‍රමාණයක් කුඩා පරිමාණ කර්මාන්ත අංශයට අයත් වෙයි.
ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී මූල්‍ය කළමනාකරණය යන්න පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව මූල්‍ය කළමනාකරණය යනු “අරමුණු ලඟාකරගැනීම සඳහා සම්පත් මෙහෙය වීමේ ක‍්‍රියාවලියයි.”
සරළව ගත් විට මූල්‍ය කළමනාකරණය යනු යම් ආයතනයක හෝ යම් ව්‍යාපාරයක මූල්‍ය කටයුතු කළමනාකරණය කිරීමයි. මූල්‍ය කළමනාකරණය තුලින් යම් ව්‍යාපාරයක ඵලදායිතාවය, කාර්යක්ෂමතාවය මෙන්ම ගුණාත්මක භාවය යන ගුණාංග වර්ධනය වන අතර මේ තුලින් ඔවුන්ට අවම අවදානමක් යටතේ උපරිම ලාභයක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. නිසියාකාරව මූල්‍ය කළමනාකරණය යන්න ක‍්‍රියාත්මක කරන්නේ නම් ඔවුනට වෙළඳපොල තුළ තරගකාරීත්වයක් මෙන්ම මූල්‍යමය වශයෙන් ආකර්ශනයක් ලබා ගැනීමට ද මූල්‍යමය වශයෙන් ශක්තිමත් වීමට ද ඉඩප‍්‍රස්ථාව ලැබෙනු ඇත. මූල්‍ය කළමනාකරණයේ ප‍්‍රධාන අරමුණ වන්නේ ව්‍යාපාර අයිතිකරුවන්ගේ ව්‍යාපාර හා සැබැඳි අගය උපරිම කිරීමයි. මෙහිදී අයිතිකරුවන්ගෙන් මූල්‍යම ස්කන්ධය උපරිම කිරීම සිදු වේ. එසේත් නැත්නම් අයිතිකරුවන්ගේ මූල්‍යමය තත්ත්වය ඉහළ නැංවීමත් එය වර්ධනය කිරීමත්ය. මීට අමතරව ලාභ උපරිම කිරීම හා කොටසක ඉපයුම උපරිම කර ගැනීම මූල්‍ය කළමනාකරණය තුලින් බලාපොරොත්තු වන තවත් අරමුණු කිහිපයකි.
කුඩා පරිමාණ කර්මාන්තවලට වැඩි වැදගත්කමක් පැවතුනත් ශ්‍රී ලංකාව තුළ ග‍්‍රාමීය ක්ෂෙත්‍්‍රයේ මෙම කර්මාන්ත තුළ විධිමත් මූල්‍ය කළමනාකරණයක් කරගත නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. මේ හේතුවෙන් කුඩා පරිමාණ කර්මාන්ත අංශය ග‍්‍රාමීය ක්ෂෙත්‍්‍රය තුළ පුළුල් ව්‍යාප්ත වුවත් එමගින් ග‍්‍රාමීය ආර්ථිකය නගා සිටවීුමට හා වර්ධනයට ලබාදෙන දායකත්වය අල්ප මට්ටමක පවතියි. මෙහිදී නිෂ්පාදන පිරිවැය අධික වීම හේතුවෙන් තරගකාරීත්වය අඩු වී ඇති අතර කුඩා පරිමාණ කර්මාන්තකරුවන් විශාල ප‍්‍රමාණයකට ප‍්‍රමාණවත් තරම් ලාභ ලබා ගැනීමට ඇති හැකියාව ඇහිරී ඇත. එබැවින් ශ්‍රී ලංකාව තුළ කුඩා පරිමාණ කර්මාන්ත ව්‍යාප්ත කිරීම පිළිබඳ අවධානය යොමු කරනවා සේම එම කර්මාන්තවල මූල්‍ය කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ අවධානය යොමු කිරීම ද වැදගත් වේ.
ඒ අනුව ශ‍්‍රී ලංකාවේ කුඩා පරිමාණ කර්මාන්තවල මූල්‍ය කළමනාකරණය විධිමත් නොවීමට පහතින් දැක්වෙන කරුණු බලපාන බව පැහැදිලි වේ.
- ව්‍යාපාරිකයිනගේ අධ්‍යාපන මට්ටම
අධ්‍යාපනය යන්න ග‍්‍රාමීය අංශය තුළ පමණක් නොව ගෝලීය ශ‍්‍රම බලකාය තුළ ම වෘත්තිය හෝ රැුකියාව තීරණය කිරීමේ ප‍්‍රධාන නිර්ණායකයනක් බවට පත්ව ඇත. එම නිසා සේවා නියුක්තිය යන සංකල්පය සමග සෘජුවම සම්බන්ධ වන විචල්‍යයක් ලෙස මෙම අධ්‍යාපනය හඳුනාගත හැකිය. වර්තමානයේ වන විට සෑම අංශයකටම පාහේ අධ්‍යාපනය ප‍්‍රධාන වෘත්තීය සුදුසුකමක් ලෙස සැලකෙන බැවින් බොහෝ තරුණ පිරිස් තම තරුණ කාලය අධ්‍යාපනය වෙනුවෙන් වැය කරනු ලබන නිසාත් මෙහිදී මෙම අධ්‍යාපනය යන විචල්‍ය වැදගත්ය. ඒ අනුව අධ්‍යාපනය සඳහා යොමු යොමුවීම යන්න අංශ කිහිපයකින් දක්වමින් ඔවුන්ගේ ප‍්‍රතිචාර සහිතව දත්ත විශ්ලේෂණය සඳහා යොදාගෙන ඇත.
- නිශ්පාදන සදහා පවතින ඉල්ලූම
ඕනෑම ව්‍යාපාරයක් තුළ කරනු ලබන නිෂ්පාදනයන් සඳහා කිසියම් ඉල්ලුමක්් පවති. කුඩා පරිමාණ අංශය තුළ සේම අනෙකුත් අංශයන් තුල ද අදාළ එකී අංශයන් සඳහා එකිනෙකට වෙනස් වූ ඉල්ලූමක් පවතී. මෙහිදී වෙළඳපොල තුළ දී පාරිභෝගිකයා තමන්ගේ නිෂ්පාදන සඳහා එනම් නිෂ්පාදන භාණ්ඩ සඳහා කරනු ලබන ඉල්ලූම එකිනෙකට වෙනස් වන බව පැහැදිලි කරුණකි. මෙහිදී ඉල්ලූම වැඩි වීම කෙරෙහි නිෂ්පාදනයේ පවතින ගුණාත්මකභාවය ප‍්‍රධාන වශයෙන් බලපානු ලබයි. නිෂ්පාදනවල ගුණාත්මකභාවය නිසියාකාරව පවත්වා ගැනීම තුළින් නිෂ්පාදන සඳහා පවතින ඉල්ලූම වැඩි වී කුඩා පරිමාණ නිෂ්පාදනයෙන් සාර්ථකත්වයට පත්වීම සිදුවිය යුතුය. ඒ අනුව මෙහිදී මේ සඳහා පවතින ඉල්ලූම යන විචල්‍යය වැදගත් විචල්‍යයක් බව පැහැදිලිය.
- සේවක සංඛ්‍යාව
සේවක සංඛ්‍යාව යනු සෑම ආයතනයකට අත්‍යවශ්‍යම මූලික අංගයක් ලෙස පෙන්වා දිය හැකියි. නැතහොත් අත්‍යවශ්‍යම අංගයක් ලෙස දැක්විය හැකිය. මෙහිදී සේවකයින් පිළිබඳ විමසීමේදී ව්‍යාපාරයක් තුළ සිටින සේවකයින් කාර්යක්ෂම හා ඵලදායී ආකාරයට කටයුතු කිරීම වැදගත්ය. සේවකයින් තම තමන්ගේ කාර්යන් සඳහා නිපුණතාවයක් ලබා තිබීම වැදගත්ය. එමෙන්ම මෙහිදී සේවකයින් සඳහා ගෙවනු ලබන වේතන සඳහාත් ඔවුන් වෙනුවෙන් ලබා දෙන දිරිදීමනා පිළිබඳවත් අවධානය යොමු කරමින් එය ව්‍යාපාරවල මූල්‍යමය තත්ත්වය කෙරෙහි බලපාන ආකාරය පිළිබඳව විමසීමට මෙම විචාරය වැදගත් වේ.
- මූල්‍ය කළමනාකරණය පිළිබඳ පවතින දැනුම
ව්‍යාපාරයක් ආරම්භ කරන අවස්ථාවේ සිටම ව්‍යාපාරයක් පවත්වාගෙන යන තත්ත්වයේදීද මූල්‍ය කළමනාකරණ යන සංකල්පය නිවැරැුදිව භාවිත කළ යුත යුතු සංකල්පයක් බව වර්තමානය වන විට පැහැදිළි වනු ඇත. මෙහිදී බොහෝ සෙයින් කුඩා පරිමාණ ව්‍යාපාරවල නිරත වී සිටින පුද්ගලයින්් ග‍්‍රාමීය අංශය තුළ තම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනු ලබනනේ මූල්‍ය කළමනාකරණය පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිවයි. එමෙන්ම ඔවුන් දරන අදහස් මෙන්ම ඔවුන් ලබා තිබෙන දැනුම අල්ප මට්ටමක පවතින බව පැහැදිලි වන කරුණකි. මෙහි දී ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමට කුඩා පරිමාණ ව්‍යාපාර හිමියන් මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුම කෙතරම් දුරට වැදගත් වේද යන්නත් ඒ කෙරෙහි බලපෑම් සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳ විමසීමට මෙම භාවිත කරන ලදී.
- ව්‍යාපාර සම්බන්ධව පවතින අත්දැකීම්
යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී එම ව්‍යාපාරය ආරම්භ කිරීමට ඔවුන් ලබා තිබෙන අත්දැකීම් වැදගත් වනු ඇත. එනම් මෙහිදී ව්‍යාපාර තත්ත්වය පිළිබඳව පවතින අත්දැකීම් හේතුවෙන් ඔවුනට අවශ්‍ය දැනුම, එනම් ව්‍යාපාරය පවත්වාගෙන යාමට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව යම් අවබෝධයක් ලැබෙනු ඇත. ඔවුන් තුළ පවතින මෙකී අත්දැකීම් හේතුවෙන් මූල්‍ය කළමනාකරණය කෙරෙහි කුමන බලපෑමක් ඇති කරන්නේ ද යන්න විමසීම මෙහිදී සිදුකරනු ලබයි.
- ලබාගෙන ඇති ණය ප‍්‍රමාණයන්
ග‍්‍රාමීය අංශය තුළ පවතින ව්‍යාපාර සඳහා පමණක් නොව සමස්තයක් ලෙස ගත් විට බොහෝ ව්‍යාපාර සඳහා ව්‍යාපාරිකයින් ණය ලබාගනී. බොහෝ ග‍්‍රාමීය අංශවල පවතින මූල්‍යමය හිග තත්ත්වය නිසා ව්‍යාපාර හිමියන් බොහෝ සෙයින් ණය අරමුදල් ලබා ගැනීමට පෙලඹී ඇති අතර මෙය දිගින් දිගටම සිදු කරමින් ණය ලබා ගැනීමත් සමඟ ම ඔවුන්ගෙන් බොහෝ පිරිස් ණය අර්බුදයකට එනම් ණය උගුලකට මුහුණ දී ඇති බව පෙනී යය.ි මෙහි දී කුඩා පරිමාණ කර්මාන්තවල මූල්‍ය කළමනාකරණය සඳහා ණය කුමන බලපෑමක් ඇති කරයිද යන්න විමසීමට මෙම විචල්‍යය වැදගත් ය.
- ව්‍යාපාරවල ආදායම
කුඩා පරිමාණ කර්මාන්ත ප‍්‍රධාන වශයෙන් ග‍්‍රාමීය අංශය තුළ ස්ථාපිත වී ඇත. එමෙන්ම බොහෝ කුඩා පරිමාණ ව්‍යාපාරවල ආදායම් මට්ටම් පිළිබඳ අවධානය යොමු කිරීමේදී පෙනී යන කරුණක් වන්නේ එම ව්‍යාපාරවල ආදායම එතරම් ලාභදායී නොවන බවයි. බොහෝ කුඩා පරිමාණ ව්‍යාපාර සැලකිය යුත මට්ටමේ ලාභ නොලබන බව සනාථ වන කරුණකි. තවද ව්‍යාපාරයන් තව තවත් ණය ලබා ගනිමින් හෝ ඔවුන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යන තරම් තත්ත්වයක් ග‍්‍රාමීය අංශය තුළ දැක ගත හැකිය. මෙම තත්ත්වයෙන් මූල්‍ය කළමනාකරණය කිරීමට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව විමසීමට මෙම විචල්‍යය වැදගත් ය.
- තාක්ෂණික දැනුම
යම් ව්‍යාපාරයක් තුළ තාක්ෂණික තත්ත්වය යහපත් මට්ටමක පැවතිය යුතුය. වර්තමානය වන විට නාගරික අංශය තුළ මෙන්ම ග‍්‍රාමීය අංශය තුළ ද තාක්ෂණික තත්වයන් පිළිබදව යම් වර්ධනයක් පවතින බව දැක ගත හැකිය. ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය අංශය තුළ පවතින කුඩා පරිමාණ කර්මාන්තවල මූල්‍ය කළමනාකරණයට මෙකී තාක්ෂණික දැනුම යන විචල්‍යය බලපාන ආකාරය විමසීම වැදගත්ය. මෙහිදී වර්තමානය වන විට දිනෙන් දින දියුණුවන තාක්ෂණයත් සමග අත්වැල් බැඳගනිමින් ඒවා සමඟ සම්බන්ධ වෙමින් එම තාක්ෂණයන් තම ව්‍යාපාරවලට යොදා ගනිමින් කටයුතු කිරීම වැදගත් වේ.
- පවතින අභියෝග සහ බාධාකාරී තත්ත්වයන්
යම් ව්‍යාපාරයක් ආරම්භයේදී මෙන්ම පවත්වාගෙන යාමේදී ද විවිධාකාර ලෙස විවිධ අයුරින් බාධාකාරී තත්ත්වයන් සහ අභියෝගයන් ඉල්ල වේ. එහිදී සමාජයීය වශයෙන්, පාරිසරික වශයෙන් හා දේශපාලනික වශයෙන් විවිධ අභියෝග හා බාධාකාරී තත්ත්වයන් පවතී. මේ තත්ත්වය තුළ ග‍්‍රාමීය අංශයේ කුඩා පරිමාණ ව්‍යාපාරවලට මෙය දැඩිව බලපෑම් එල්ල කරනු ලබයි. එහිදී කුඩා පරිමාණ ව්‍යාපාරවල මූල්‍ය කළමනාකරණ තත්ත්වය කෙරෙහි මෙම විචල්‍යය බලපාන ආකාරය විමසීම වැදගත්ය.
- රජය හෝ පෞද්ගලික අංශ මගින් ලබාදෙන දිරිගැන්වීම්
ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ආර්ථිකය තුළ පවතින කුඩා පරිමාණ කර්මාන්තවල තිබෙන ප‍්‍රධාන අර්බුදයක් ලෙස මූල්‍යමය වශයෙන් ශක්තිමත්භාවයක් නොමැති තත්ත්වය පෙන්වා දිය හැකිය. මෙහිදී මෙම ව්‍යාපාරයන් තුළ පවතින මූල්‍යමය අංශය හිඟතාවයක් පෙළෙන බව පෙනී යයි. ඒ අනුව විශේෂයෙන්ම මේ සඳහා දිරි ගැන්වීමක් වශයෙන් රජයේ හෝ පෞද්ගලික අංශය හෝ වෙනත් කිසියම් සංවිධානයක් විසින් හෝ ලබා දෙනු ලබන දිරිගැන්වීම් වැදගත් වේ. මේ අනුව මෙහිදී මෙකී කර්මාන්තවල සංවර්ධනයට මෙම සාධකය වැදගත් වේ. ඒ අනුව යම් රජයක් හෝ ආයතනයක් විසින් හෝ මෙම ව්‍යාපාර සඳහා දිරිගැන්වීම් මූල්‍ය වශයෙන් හෝ ප‍්‍රායෝගික වශයෙන් හෝ කිසියම් හෝ ආකාරයකින් හෝ ලබාදෙන දිරිගැන්වීම් වැදගත්ය. මෙකී තත්ත්වය තුළ මූල්‍ය කළමනාකරණයට මෙම සාධකය බලපාන්නේ කෙසේ ද යන්න විමසීම ද වැදගත් වේ.
Comments