NewsSocial

ගීතා ගෝපිනාත් සහ කොරෝනා වයිරසය

0

ගීතා 1971 දෙසැම්බර් 8 වැනි දින ඉන්දියාවේ කොල්කටා හි උපත ලැබීය. ඇය ටී.වී. ගෝපිනාත් සහ වී.සී. විජයලක්ෂ්මි ගේ දියණියන් දෙදෙනකුගේ බාලයාය. ගීතා පාසල් අධ්‍යාපනය ලැබුවේ මයිසූර්හි නිර්මාලා කන්‍යාරාම පාසලේය. ඇයට ඕ.ඒ. උපාධිය 1992දී දිල්ලි විශ්වවිද්‍යාලයේ කාන්තා ශ්‍රී රාම් විද්‍යාලයෙන් ලබා ගත් අතර 1994දී දිල්ලි විශ්වවිද්‍යාලයේ දිල්ලි ආර්ථික විද්‍යා පාසලෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ M.A. උපාධිය ලබා තිබේ. ඇය 1996 දී වොෂිංටන් විශ්වවිද්‍යාලයේදී තවත් එම්.ඒ. උපාධියක් සම්පූර්ණ කළාය. 2001දී ඇය ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලබා ගත්තාය. ඇගේ නිබන්ධන උපදේශකයන් අතර මහාචාර්ය බෙන් බර්නාන්කේ (එක්සත් ජනපදයේ ෆෙඩරල් සංචිතයේ හිටපු පාලක මණ්ඩලයේ සභාපති) සහ මහාචාර්ය කෙන් රොගොෆ් (හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ)ද විය.

ගෝපිනාත්ගේ සැමියා වන ඉක්බාල් සිං ධලිවාල්, මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ (Massachusetts Institute of Technology) ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ අබ්දුල් ලතීෆ් ජමීල් දරිද්‍රතා ක්‍රියාකාරී විද්‍යාගාරයේ ගෝලීය විධායක අධ්‍යක්ෂවරයා වේ.

ගීතා ගෝපිනාත් යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥවරියයි. ඇය හාවඩ් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන හා ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියකි. ඇය ජාතික ආර්ථික පර්යේෂණ කාර්යාංශයේ ජාත්‍යන්තර මූල්‍ය හා සාර්ව ආර්ථික විද්‍යා වැඩසටහනේ සම අධ්‍යක්ෂවරියක වන අතර කේරළ මහ ඇමැතිවරයාගේ ආර්ථික උපදේශක ලෙස කටයුතු කර ඇත.

ඇය 2018 ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා ලෙස පත්කරන ලදී.

2018 ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටීන් ලගාඩ් විසින් ගීතා ගෝපිනාත්ව ආර්ථික උපදේශක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත් කරන ලදී. 2018 දී ඇය ඇමෙරිකානු කලා හා විද්‍යා ඇකඩමියේ සහ ආර්ථිකමිතික සංගමයේ සාමාජිකාවක් ලෙස තේරීපත් වූවාය.

විදේශ ප්‍රතිපත්ති ඔස්සේ ඇයව 2019දී ඉහළම ගෝලීය චින්තකයකු ලෙස නම් කළාය. 2017දී ඇය වොෂිංටන් විශ්වවිද්‍යාලයෙන් විශිෂ්ට ආදි ශිෂ්‍ය සම්මානය ලබා ගත්තාය. 2014දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් වයස 45ට අඩු ඉහළම ආර්ථික විද්‍යාඥයන් 25 දෙනාගෙන් කෙනකු ලෙස ඇය නම් කරන ලද අතර 2011දී ලෝක ආර්ථික සංසදය විසින් තරුණ ගෝලීය නායකයකු ලෙස තෝරා ගන්නා ලදී.

2019දී ඇය ඉන්දීය සම්භවයක් ඇති පුද්ගලයකුට ලැබෙන ඉහළම ගෞරවය වන ඉන්දියානු ජනාධිපති විසින් ප්‍රවාසි භාරතීය සම්මානයෙන් පිදුම් ලැබූවාය.

මාරාන්තික කොරෝනා වයිරසය ලොව පුරා ව්‍යාප්ත වී යෑමෙන් පසු ගෝලීය ප්‍රතිපත්ති සම්පාදකයන් හානිපූර්ණය කිරීමේ ප්‍රතිපත්ති ක්‍රමයට එළඹීමත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ගීතා ගෝපිනාත්, අර්බුදය මඟහරවා ගැනීම සඳහා “සැලකිය යුතු ඉලක්කගත ප්‍රතිපත්ති” ක්‍රියාත්මක කරන ලෙස ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් ඉල්ලා සිටී.

මාර්තු 9 වැනි දින බ්ලොග් සටහනක ගෝපිනාත් සඳහන් කළේ කොරෝනා වයිරස් ව්‍යාප්ත වීමත් සමඟ (COVID -19) නව අර්බුදයක් ඇති වී ඇති අතර ඒ හේතුවෙන් සැලකිය යුතු ආර්ථික පසුබෑමකට ලක්වන බවයි.

වයිරසය හේතුවෙන් මිනිස් පිරිවැය “තැතිගන්වන වේගයකින්” ඉහළ ගොස් ඇති බව සඳහන් කළ ඇය කියා සිටියේ මිනිසුන්ගේ සෞඛ්‍ය සම්පන්න බව හා සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම මෙම කාලයේ අවශ්‍යතාව බවයි. මේ සඳහා රටවල් ඔවුන්ගේ සෞඛ්‍ය පද්ධතිය ඉහළ නැංවීම සඳහා ඔවුන්ගේ සෞඛ්‍ය පිරිවැය වැඩි කළ යුතු බවයි.

වසංගතය හේතුවෙන් ව්‍යාපාර කඩා වැටී ඉල්ලුමට සරිලන සැපැයුමක් නිර්මාණය නොවන බව ඇය පැහැදිලි කළාය. මුදල් හුවමාරුවල වැටුප් සහනාධාර සහ බදු සහන වැනි බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ කුටුම්භ සඳහා ආධාර ලබා දීමෙන් එය කළ හැකි බව ඇය පෙන්වා දුන්නාය. “මෙම සමාගම්වල ආසන්න කාලීන ද්‍රවශීලතා අවශ්‍යතා සඳහා රජයන්ට තාවකාලික හා ඉලක්කගත ණය ඇපකර ලබා දිය හැකිය.” ඇය තවදුරටත් කියා සිටියාය.

ස්ටීව් ජොබ්ස් සහ ඇපල්

Previous article

ඇමසන් හි පළමු ස්වයංක්‍රීයව ධාවනය කරන රොබෝටැක්සිය

Next article

Comments

Leave a reply

Your email address will not be published.

You may also like

More in News