Business

සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති අංශයේ සංවර්ධනය සදහා පවතින අවස්ථා සහ එහිදී මුහුණපාන අභියෝග

0

පුනර්ජනනීය බලශක්තීන්වල ඇති තිරසාරත්වය, ආර්ථික ප්‍රතිලාභ සහ විශෙෂයෙන්ම එමගින් පරිසරය මත වන අඩු අයහපත් බලපෑම අවබෝධ කර ගනිමින් පසුගිය දශක කිහිපය පුරා සංවර්ධිත මෙන් ම සංවර්ධනය වෙමින් පවතින රටවල පුනර්ජනීනය බලශක්තීන් භාවිත කිරීම වර්ධනය කිරීමේ ඉහළ නැඹුරුවක් දක්නට විය. මේ නිසා, ලෝකයේ මුΩළු විදුලිබල උත්පාදනයෙන් පුනර්ජනනීය බලශක්තිීන්ගේ දායකත්වය 2005 වසෙර්දී වාර්තා කළ 19.4 ්‍ර ට සාපේක්ෂව 2014 වසරේදී 23.6්‍ර ක් දක්වා ඉහළ ගොස් ඇත.

2015 වසර වන විට ශ්‍රී ලංකාව විසින් සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති අංශයේ පළමු වැදගත් සංධිස්ථානය ලෙස සමස්ථ විදුලිබල උත්පාදනයෙන් 10්‍ර ක් නිපදවීමේ ඉලක්කය අත් කරගෙන ඇත. කෙසේ වෙතත්, සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්තීන්ගේ මු`ඵ ධාරිතාවයෙහි කුඩා ජල විදුලි බලාගාරවල දායකත්වය 66.9්‍ර ක් වන හෙයින් එ හරහා විදුලිබල උත්පාදනය රටේ කාලගුණික තත්ත්වය මත රදාපවතී. එ නිසා, විදුලිබල ඉල්ලුමේ අපේක්ෂිත ඉහළ වර්ධනය මගින් විශාල අභියෝගයක් ඇති වුව ද, සම්ප්‍රදායික නො වන පුනර්ජනනීය බලශක්ති අංශයේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සදහා රටේ ස්වාභාවික උරුමයක් ලෙස පවතින සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති සම්පත් නෙලා ගැනීම අවශ්‍ය වේ. ශ්‍රී ලංකාව විසින් දැනටමත් සියලු ප්‍රධාන ජල සම්පත් උපයෝගී කරගෙන ඇති නමුත්, තවමත් ජලවාහක ව්‍යුහයන්, විශේෂයෙන් කුඩා පරිමාණ ටර්බයින භාවිතයෙන් විදුලි බලය නිපදවීම වැඩි වශයෙන් භාවිත නොකරන අතර වාරි මාර්ග ජාලයේ පවතින ජල විදුලි බලය නිපදවීමේ විභවය උකහා ගැනීමට ද බොහෝ දුරට උත්සාහ ගෙන නොමැත. තව ද, විශේෂයෙන්ම, මන්නාරම, පුත්තලම සහ යාපනය යන ප්‍රදේශවල ගිගාවොට් 1 කට වඩා වැඩි සුළං බල විභවයක් ඇති බව හදුනාගෙන ඇත. විදුලිබල කර්මාන්තය විසින් අති මහත් වූ ජෛව ස්කන්ධ සම්පත් බොහෝ දුරට ප්‍රයෝජනයට ගෙන නොමැති අතර කෘෂිකාර්මික අපද්‍රව්‍ය හා නාගරික ඝන අපද්‍රව්‍ය මගින් සැලකිය යුතු විදුලි බලශක්ති ප්‍රමාණයක් උත්පාදනය කිරීමට විභවයක් ඇත. නිවර්තන කලාපීය රටක් වීම සහ අනෙකුත් විකල්ප පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ට සාපේක්ෂව පරිමාණය හා ප්‍රවේශය අතින් සූර්යය බලශක්තිය ඉහළ මට්ටමක පැවැතීම යන කරුණු සැලකීමේ සූර්යය බලශක්තිය රටට වඩාත් සුදුසු පුනර්ජනනීය බලශක්තියකි.

ශ්‍රී ලංකාව විවිධාකාර පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් අනූන වූවත්, තාක්ෂ◊ක-ආර්ථික විවිධ ගැටලු පැවතීම හේතුවෙන් මෙම සම්පත් කාර්යක්ෂම භාවිතය අභියෝගයක් වේ. පොසිල ඉන්ධන හා අනෙකුත් සීමිත සම්පත් හා සස`දන විට පුනර්ජනනීය බලශක්තීන් අතිවිශාල ප්‍රදේශයක් පුරා විසිර ඇත. එ නිසා, එ වැනි විසිර පවතින සම්පත් එකාබද්ධ කිරීමට විදුලිබල පද්ධතියේ පවතින බාධක පුනර්ජනනීය බලශක්තීන් සංවර්ධනය සදහා දැඩි අවහිරතාවක් ලෙස පවතී.

මෙමගින්, එම සම්පත් සාර්ථක ලෙස භාවිත කිරීම සදහා කාර්යක්ෂම ලෙස සම්පත් එකතු කිරීමේ යාන්ත්‍රණයක අවශ්‍යතාව ගැටලු මතු කරයි. තව ද, සම්ප්‍රේෂණ ජාලයෙහි පවතින සීමාවන් මගින් පද්ධතියට සම්බන්ධ කළ හැකි පුනර්ජනනීය බලශක්ති බලාගාර ප්‍රමාණය සීමා කරයි. බොහෝ පුනර්ජනනීය බලශක්ති ප්‍රභව කාර්මික නොවන ප්‍රදේශවල පිහිටා ඇති හෙයින් පුනර්ජනනීය බලශක්තීන් නිපදවන ස්ථානය හා සැපයුම් පද්ධතිය අතර දිගු සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරීම විශාල ගැටලුවකි. තවද, බලශක්ති ගබඩා කිරීමේ විසදුම් මෙතෙක් වාණි◊ජමය යථාර්ථයන් බවට පත් වී නොමැති බැවින් බොහෝ විට පුනර්ජනනීය බලශක්ති ගබඩා කළ නොහැකි බලශක්ති දාමවලට සීමා වී ඇත. මෙමගින් සැලසුම් නොකළ විලිබල අවශ්‍යතාව සම්බන්ධ සීමා හා යම් අවස්ථාවකදී තනි මූලාශ්‍රයකින් ලබාගත හැකි බලශක්ති ප්‍රමාණය සම්බන්ධ සීමාවන් නිර්ණය කරන පද්ධති මෙහෙයුම් මාර්ගෝපදේශ ඉටු කරගැනීමේ ගැටඵ මතු කරයි.

අධික වියදම් දරා විසදුම් කිරීමට සිදුවන ඉහත සදහන් තාක්ෂණික බාධකයන්ට අමතරව, අනිකුත් විදුලි ප්‍රභවවලට සාපේක්ෂව පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයේ බොහෝ වියදම් එහි ආරම්භයේදීම යෙදවීමට සිදුවන බැවින් පුනර්ජනනීය බලශක්තීන් ඉහළ මූලික වියදම්වලින් යුක්ත වන අතර එනිසා එවායේ මිල ගණන් වෙළෙදපොළ බලශක්තීන්ට වඩා ඉහළ මිලක් ගනී. මෙමගින්, ප්‍රතිපත්ති සම්පාදකයින්හට සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්තීන්ගේ වේගවත් සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සදහා ගැටලු මතු කරයි. සුළං හා සූර්ය වැනි බොහෝ පුනර්ජනනීය බලශක්ති තාක්ෂණයන් තවමත් ඔවුන්ගේ කාර්යක්ෂම පමාණ සදහා සංවර්ධනය වෙමින් පවතී. පොසිල ඉන්ධන සමග තරගකාරී වන ජෛව ස්කන්ධ ඩෙන්ඩ්රෝ බලය සලකා බැලීමේදී, එ සදහා පාරිසරික සීමාවන් මතු කරවන ඉහළ සිසිලන ජල අවශ්‍යතාවක් පවතින අතර ඉන්ධන රැස් කිරීම, ගබඩා කිරීම හා ප්‍රවාහනය කිරීම ද ගැටලු සහගතය.

Sigiriya and around

Previous article

Sabaragamuwa Maha Saman Dewalaya

Next article

Comments

Leave a reply

Your email address will not be published.

You may also like

More in Business