Business

“අපි වියමු අපි අදිමු”

0
ඇඟලුම් ක්ෂේත්‍රයට වැඩි වටිනාකමක් එක් කරමින් ලංකාව තුළ පමණක් නොව විදෙස් රටවල ගනුදෙනුකරුවන් සඳහා ද තම පවර්ලුම් නිමි නිෂ්පාදන බිහි කිරීමේ හා බෙදාහැරීමේ කාර්යයෙහි නිරත වී සිටින ව්‍යාපාරික සමන්ත ජානක වීරසිංහ මහතා තම ව්‍යාපාරික කටයුතු පිළිබඳව ඔහුගේ හඬ අවදි කළේ මෙලෙසයි.

 

ඔබගේ ව්‍යාපාරික අදහස් ඇති වූයේ කෙසේද?

මුලින්ම මම ඇගළුම් අංශයේ රැකියාවන් කිහිපයක නිරත වී සිටීයා. එයින් ලබාගත් අත්දැකීම් හා පළපුරුද්ද තුළින් මගේම කියා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සිහිනයක් තිබුණා. ඉතින් 2000 වර්ෂයේ දී මැෂින් දෙකක් පමණක් යොදා ගනිමින් ඉතා කුඩා ලෙස ආරම්භ කළ ව්‍යාපාරය තමයි S. J. Garments නමින් අද වන විට මේ තත්ත්වයට ගෙනවිත් තිබෙන්නේ. වර්තමානය වන විට මාගේ දරුවන්ගේ නොමද සහයෝගයද ව්‍යාපාරයට ලැබෙනවා.

ඔබගේ ව්‍යාපාරය තුළින් බිහි කරන ඇගළුම් වර්ග මොනවාද?

ව්‍යාපාරයේ මුල් අවධියේදී කාන්තාවන්ට සුවිශේෂී ඇදුම් වර්ග, ගැබිනි මවුවරුන් සඳහා ගවුම් හා ළමා ඇදුම් නිෂ්පාදනය කරනු ලැබූවා. නමුත් වර්තමානය වන විට ව්‍යාපාර කටයුතු පුළුල් කරමින් සාරි, සරම්, ලුන්ගි, ඇද ඇතිරිලි සහ පවර්ලුම් බ්ලවුස් ආදී විවිධ නිෂ්පාදන බිහි කිරීමට සමත් වී තිබෙනවා.

දැනටමත් වෙළෙඳපොළෙහි ඇගළුම් නිෂ්පාදන බිහි කරන බොහෝ පිරිස් සිටිනවා. ඔබ ඔබගේ තරගකරුවන්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද?

වර්තමානයේ දී බොහෝ පිරිස් නිමි ඇදුම් බිහි කිරීමට අවශ්‍ය රෙදි පිටරටවල් වලින් ආනයනය කරනවා. ඉතිං අපි පිටරටින් රෙදි ආනයනය කරනවා වෙනුවට දේශීය වශයෙන් රෙදි විවීමට උත්සාහ කළා. දේශීය වශයෙන් බිහි කරන රෙදි සඳහා හොඳ වෙළෙඳපොළක් තිබෙන නිසා නිමි ඇඳුම් විවිධාංගීකරණය කරමින් ඒවාට වටිනාකමක් ලබා දීමටත් ඇඟලුම් සඳහා වෙළෙඳපොළ හිඩස සම්පූර්ණ කිරීමටත් අපිට හැකියාව ලැබුණා. ඒ තුළින් අපි වෙළෙඳපොළ ජය ගත්තා. මීට අමතරව අප විසින් බිහි කරන බහුතර නිෂ්පාදන අතර සියයට සීයක් කොටන් නිෂ්පාදන තිබෙනවා. සෑම විටම ගුණාත්මක නිමි ඇඳුම් බිහිකිරීමට අපි වග බලා ගන්නවා.

 ඔබගේ ව්‍යාපාරයට අපි වියමු අපි අදිමු වැනි තේමා පාඨයක් යොදා ගැනීමට හේතුව කුමක්ද?

අමුද්‍රව්‍ය ලබා ගැනීමේදී වෙනත් රටවල් මත යැපෙනවා වෙනුවට තම රටේම රෙදි නිෂ්පාදනය කර එයින් නිමි ඇඳුම් බිහි කර වෙළඳපොළට ඉදිරිපත් කරන අතළොස්සක් පමණයි ශ්‍රී ලංකාව තුළ සිටින්නේ. ඉතින් අපගේ දැක්ම වුනේ ඉදිරියටත් අප රට තුලම අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනය කර ඒවා ප්‍රයෝජනයට ගැනීමයි.

ඔබගේ ව්‍යාපාරයේ අලෙවිකරණ කටයුතු සිදු කෙරෙන්නේ කෙසේද?

දිවයිනේ ප්‍රසිද්ධ ව්‍යාපාරික නිමි ඇඳුම් අලෙවිකරුවන්හට අපගේ නිෂ්පාදන ලබා දෙනවා. මේ වන විට ලංකාවේ දිස්ත්‍රික්ක හතක් ආවරණය කරමින් අපගේ නිමි ඇඳුම් බෙදාහැරීම සිදු වෙනවා. ඊට අමතරව සමාජ මාධ්‍යය යොදා ගනිමින් ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු සිදු කරනවා. පහසුවෙන්ම අපගේ නිමි ඇඳුම් නිවෙස් තුළට ගෙන්වා ගැනීමේ පහසුකම්ද සලසා තිබෙනවා.

ඔබගේ ව්‍යාපාරය තුළින් ඔබගේ ප්‍රදේශයේ ජනතාවට අත්වන වාසි මොනවාද?

සමාජ දායකත්වය සැලකිල්ලට ගත් විට සේවා වියුක්තිව නිකරුනේ කාලය ගත කරමින් සිටි තරුණයින් තිස් තුන් දෙනෙකුට රැකියා අවස්ථා ලබා දී ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මට හැකියාව ලැබී තිබෙනවා.

ඇඟලුම් ක්ෂේත්‍රය තුළ ඔබ ලබා ඇති විශිෂ්ටතම සම්මානය පිළිබඳව කතා කළොත්

2019 වසරේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ මධ්‍යම පළාත් ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට මට හැකි වුණා. ඒ තුළින් මාගේ කීර්තිනාමය වර්ධනය කර ගැනීමටත්, මාගේ නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම වැඩි කර ගැනීමටත් මට හැකි වුණා. ‍

Covid-19 තත්ත්වය හමුවේ ඔබගේ ව්‍යාපාරයට යම් බලපෑමක් සිදු වුණාද?

2019-2020 වර්ෂ වලදී විවිධ බාධක පැමිණියද වර්ථමානයේදී ව්‍යාපාරය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට හැකියාව ලැබී තිබෙනවා.

 ව්‍යාපාරිකයෙකු වශයෙන් ඔබගේ ව්‍යාපාරික ඉදිරි සැලසුම් මොනවාද?

මගේ ප්‍රධානතම අරමුණ වන්නේ නිවැරදි දැක්මක් සහිතව “අපි වියමු අපි අදිමු” සංකල්පය ඉදිරියට රැගෙන යාමයි. මීට අමතරව රැකියා විරහිත තරුණ තරුණියන් 100-200 කට ආසන්න ප්‍රමාණයකට රැකියා අවස්ථා උදා කරලීම තවත් එක් අරමුණක්.

ඔබව සම්බන්ධ කරගත හැකි ක්‍රම කවරේද?

ලිපිනය: S. J. Garments, නොම්මර 39, බණ්ඩාරපොල B, කයිකාවල, මාතලේ.

දුරකථන අංක: 066-2220877

ජංගම දුරකථන: 0773764668

අපගේ නිෂ්පාදන ඔබගේ නිවසට ගෙන්වා ගැනීමට අපගේ නිල ෆේස්බුක් ගිණුම වෙත පිවිසෙන්න.

https://bit.ly/SJGarment

පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය යුරෝපයේ පොසිල ඉන්ධන පරාජය කරයි

Previous article

අභියෝග මැදින් ජීවිතය ජයගත් මිනිසෙක්

Next article

Comments

Leave a reply

Your email address will not be published. Required fields are marked *

You may also like

More in Business