Business

“නිවැරැදි ආයුර්වේද ඔසුවක් නම් එය සුනර ඔසුවක් විය යුතුය”

0
මේ දවස්වල හැමෝටම තියන ප්‍රශ්ණයක් තමයි කොහොමද ලස්සන වෙන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නේ කියන එක. ඒ තියෙන ප්‍රශ්න වලට විසදුම් විදිහට සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදන පෙළක් අරගෙන ඇවිත් තිබෙනවා ආයුර්වේද වෛද්‍යාචාරිණී නදීකා ගජනායක මහත්මිය. එතුමිය සමග ඇති වූ සොඳුරු කතාබහ තමයි මේ විදියට ඔබ වෙත ගෙන එන්නේ.

ඔබ ආයුර්වේද වෛද්‍යවරියක්. මුලින් ඒ පිළිබඳව කතා කරමු

ඔව්. මම ආයුර්වේද වෛද්‍යවරියක් ලෙස අවුරුදු හතරක් රාජ්‍ය සේවයේ හිටියා. ඉන්පසු දරුවන්ගේ ප්‍රශ්න නිසා රාජ්‍ය සේවයෙන් ඉවත්වුණා.

කොහොමද ඔබ ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසුණේ.?

ඉතින් මම රැකියාවෙන් ඉවත් වුණාට පස්සේ අපේ එක ආදායම් මාර්ගයක් එකවර අහිමි වුණා. ඒ නිසා තමයි මම මගේ දැනුම පාවිච්චි කරලා ආයුර්වේද නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කරන ව්‍යාපාරයක් පටන් ගන්න අදහස් කළේ.

කොහොමද ව්‍යාපාරයට නම හැදුනු.?

මම ජෝතිෂය ටිකක් දන්නවා. මගේ මහත්තයාගේ සහ මගේ නම්වල එකතුවෙන් තමා “සුනර” බිහිවුණේ. සුනර නමේ තේරුම වෙන්නේ ‘යහපත් මිනිස්සු’ කියන එක.

ව්‍යාපාර ආරම්භය පිළිබඳ කතා කළොත්

මම ව්‍යාපාර ලියාපදිංචිය සිද්ද කළේ 2012 දී. මුලින්ම වෙළෙඳපොළට ඉදිරිපත් කලේ ආයුර්වේද දත් බෙහෙත් කුඩු එකක්. ඒ කාලේ අපි එම දත් බෙහෙත් එක නම් කළේ ජීවනී දත් බෙහෙත් විදියට. නමුත් වර්තමානයේ දී දන්ත රක්ෂා කියන නමින් තමයි වෙළෙඳපොළට ඉදිරිපත් කරන්නේ. මේ දක්වා නිෂ්පාදන දියුණු වෙන්න ප්‍රධානම හේතුව දන්ත රක්ෂා දත් බෙහෙත් කුඩු එක. ඒ දත් බෙහෙත් එක හරහා තමයි පළමුවෙන්ම පාරිභෝගිකයෝ සුනර නිෂ්පාදන පිළිබඳ හඳුනා ගත්තේ.

සේවකයින් කීදෙනෙක් ඔබ යටතේ සේවය කරනවාද.?

ව්‍යාපාර පටන් ගෙන අවුරුදු තුනක් විතර වෙනකන් කිසිම සේවකයෙකු හිටියේ නැහැ. මමයි මහත්තයයි තමයි මෙහි වැඩ කළේ. ඉතින් ඒ කාලේ මම ගොඩක් තනියම තමයි වැඩ කළේ. ඊට පස්සේ ගමේ කාන්තාවක් වැඩවල සහයට ගත්තා. මේ වෙනකොට හය දෙනෙක් සේවයේ නිරත වෙලා ඉන්නවා. ව්‍යාපාරය වැඩ වලට තුන් දෙනෙක් දිනපතා එනවා. තෙල් කොටනවා වගේ විශේෂ අවස්ථාවලදී ඉතුරු අය කැදවා ගන්නවා.

කොහොමද ඔබගේ නිෂ්පාදන පාරිභෝගිකයින් වැළඳ ගත්තේ.?

මුලින්ම ගමේ කඩවල්වලට තමා මගෙ නිෂ්පාදන අලෙවි කළේ. ඊට පස්සේ අපි අපේ නිෂ්පාදන ප්‍රමාණය වැඩි කර ගත්තා. ඒ තුළින් තමා අපේ නිෂ්පාදන නගරයට අරන් ගියේ. මුලින් සිංහල කඩවල් වලට තමා නිෂ්පාදන ලබා දුන්නේ.

ඔබගේ නිෂ්පාදන පිළිබඳව කතා කළොත්

මුලින්ම දත් බෙහෙත්, බාම් වර්ග, පස්පංගුව වගේ නිෂ්පාදන ඉදිරිපත් කළා. ඒවා සිල්ලර කඩවලට පමණයි ලබා දුන්නේ. ඊට පසුව අපගේ නිෂ්පාදන වැඩි වීමත් එක්ක හෙයාර් ඔයිල්, අසමෝදගම්, ටූත් පේස්ට් වගේ ලොකු නිෂ්පාදන ආයුර්වේද කඩවල් දක්වා ව්‍යාප්ත වුණා. දැනට ලංකාවේ බොහෝ ප්‍රදේශවල අපේ නිෂ්පාදන තියෙනවා.

 දත් පිළිබඳව බොහෝ දෙනෙකුට ප්‍රශ්න තිබෙනවා. ඉතින් ඒවට විසදුමක් දෙන්න ඔබගේ දන්ත රක්ෂා දත් බෙහෙත් කුඩු එක සමත්වී තිබෙනවා. පිළිබඳව කතා කරමු.

ටූත් පේස්ට් එකකටත් වඩා මේ දත් බෙහෙත් කුඩු එකෙන් හොඳ ප්‍රතිඵල ලබා දෙනවා. මේ දත් බෙහෙත් කුඩු එකේ තිබෙන විශේෂත්වය තමා මේකට යොදල තියෙන අමුද්‍රව්‍ය. අරළු, මුනමල්පොතු, කරාබු කියන සියල්ලම කුඩු කරලා තමයි මේ නිෂ්පාදනය කරල තියෙන්නෙ. ඉතින් ගොඩක් අය දත් රෝගවලින් පීඩා විඳිනවා.  දත් මුල් දියවීම, විදුරුමස්වලින් ලේ ගැලීම, දත් සෙලවීම, දුර්වර්ණ වීම, මුඛ දුර්ගන්ධය වගේ සියලුම දත් ආශ්‍රිත ගැටලු නිසා පීඩා විඳින මේක හොඳ ආරංචියක් වේවි.

මේ නිෂ්පාදන වලට වෙළෙඳපොළ තිබෙන ඉල්ලුම කොයි වගේද.?

දන්ත රක්ෂා කියන නිෂ්පාදනයට මේ වනවිට වෙළෙඳපොළේ බොහෝ ඉල්ලුමක් තිබෙනවා. දියුණු සමාජයක වුනත් දත් බෙහෙත් කුඩු භාවිතා කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම තමයි ගමින් පිටත සුනර නිෂ්පාදන හඳුනා ගත්තේ සුනර බ්‍රාහ්මී තෛලය හරහා.

හිසකෙස් ආශ්‍රිත ගැටලු තිබෙන අයට සුනර බ්‍රාහ්මී තෛලය හොඳ විසඳුමක් වෙයි. ඒ පිළිබඳ මතක් කරමු

සුනර නිෂ්පාදනාගාරය තුළ ප්‍රධාන වශයෙන් බ්‍රාහ්මී කේශ රක්ෂා තෛලය නිෂ්පාදනය සිදු කරනවා. හොඳ ප්‍රතිඵල ලැබීම නිසා ලොකු පාරිභෝගික පිරිසක් මෙම නිෂ්පාදනයත් සමඟ එකතු වෙලා ඉන්නවා. මෙම තෛලය නිෂ්පාදනය කරන්නේ කොළ යුෂ 14 ක් යොදාගෙන. අවුරුද්දකට වැඩි සියලුම දෙනාට සරිලන විදිහට තමා මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඕනම කෙස් රෝගයක් මේ තෛලය හරහා දුරු කරගන්න පුලුවන්. ඔබගේ කෙස් සම්පූර්ණයෙන්ම හානි වෙලා නම් මේ තෛලය පාවිච්චි කිරීම තුළින් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. සැබෑ ආයුර්වේද ගුණය සහ සුවඳ මේ තුළ අඩංගු වෙනවා.

 ඔබගේ නිෂ්පාදන අතර තිබෙන තවත් එක් සුවිශේෂී නිෂ්පාදනයක් තමයි පීනස් තෛලය. පිළිබඳවත් පාරිභෝගිකයින් දැනුවත් කරමු

ආයුර්වේදයේ සඳහන් කරලා තියෙන 18 වැදෑරුම් පිණිස් අවස්ථා සියල්ලටම මේ තෛලය මගින් ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. ඉතිං ඒ සියල්ලම ඉතාමත් නිවැරදි ප්‍රමිතියකට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ.

ඔබගේ අනෙකුත් නිෂ්පාදන පිළිබඳව මතක් කරමු

ඇත්තටම මම බොහෝ කාලයක් ආසාවෙන් ඉඳලා එළිදැක්වූ නිෂ්පාදනයක් තමයි ස්වභාවික අසමෝදගම් ස්ප්‍රීතු කියන්නේ. මොකද අද වෙළඳපොලේ ස්වභාවික ඇටවලින්ම හදන අසමෝදගම් ස්ප්‍රීතු බොහෝම අඩුයි. වෙළෙඳපොළ ගත්තොත් ඇතැම් අය බොහෝ රසායනික ද්‍රව්‍යය ජලය සමඟ මිශ්‍ර කරලා තමයි එවැනි නිෂ්පාදන සිදු කරන්නේ. නමුත් සුනර අපේ නිෂ්පාදන පිළිබඳව මම වගකීමෙන් කියනවා කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු කරල නැහැ මෙම නිෂ්පාදන තුළට. සියයට සීයක් අසමෝදගම් ඇටවලින් ඒවායේ සාරය අරගෙන තමයි මේ නිෂ්පාදනය කරල තිබෙන්නේ. ඉතින් කුඩා දරුවාගේ ඉඳලා වැඩිහිටියා දක්වාම පාවිච්චි කරන්න පුළුවන් කිසිදු හානියක් නැතුව.

සප්ත වාත තරණී තෛලය කියන නිෂ්පාදනය තුළින් සියලු වාත රෝගවලට සහනය ලබා දෙනවා. කැක්කුම්, වේදනා, උළුක් වීම්, දනිස් ඉදිමීම වගේ සියලුම වාත රෝගවලට ඉක්මන් සුවය මේ තුලින් ලබා දෙනවා.

ඒ වගේම තමයි අලුතෙන් වෙළඳපොළට හඳුන්වා දුන්න දන්ත රක්ෂා දත් බෙහෙත් පිළිබඳව කතා කළ යුතුමයි. දන්ත රක්ෂා දත් බෙහෙත් කුඩුම යොදාගෙන තමයි මේ නිෂ්පාදනය කරන්නේ. ඉතින් බලාපොරොත්තු නොවූ තරම් වර්ෂයක් වගේ අඩු කාලයක් තුළ වෙළඳපොළ ජය ගන්නට අපට හැකි වුණා.

තවත් නිෂ්පාදනයක් තමයි හෙඩේක් ඔයිල්. ස්වභාවික ඖෂධ තෙල්වර්ග වල එකතුවකින් තමයි මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඕනෑම දත් කැක්කුම්, හිසේ කැක්කුම්, කන් කැක්කුම් වගේ වේදනාවන් සඳහා බාහිර ආලේපනයක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්. පහසුවෙන් ඕනෑම තැනකට ගෙනියන්න පුළුවන් විදිහට කුඩා ඇසුරුමකින් තමා මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ.

ඕනෑම ඇගපත් රිදීමක් වාත රෝගයක් ඇතිවිටත් යොදාගත හැකි ලෙස නිෂ්පාදනය කරලා තියෙන සුනර ප්‍රතික්ෂා සුවය පිළිබඳව කතා කළොත් ඒක බෙලිමුල්, පාවට්ටා, අරත්ත වගේ දේවල් යොදාගෙන බිහි කළ නිෂ්පාදනයක්.

Covid-19 අර්බුදය හමුවේ අපි අලුතෙන් හෑන්ඩ් සැනිටයිසර් එකක් එළිදැක්වූවා. කෝමාරිකා සාරය සමඟ ආයුර්වේද ගුණය අඩංගු කරලා නියමාකාර ප්‍රමිතියෙන් නිෂ්පාදනය කළ නිෂ්පාදිතයක් තමයි මෙය. ඉතින් අපගේ අනෙකුත් නිෂ්පාදන මත පාරිභෝගිකයා තබා තිබෙන විශ්වාසය නිසා තමයි මේ වගේ හෑන්ඩ් සැනිටයිසර් එකක් එකක් ඉක්මනින් වෙළෙඳපොළ ජය ගත්තේ.

ඉතින් මගේ ව්‍යාපාරයේ සුනර ආයුර්වේද නිෂ්පාදන ලෙස මා ඉහත සඳහන් කළ සියලු නිෂ්පාදන ඉතාමත් නිවැරදි ප්‍රමිතියකට නිෂ්පාදනය වෙනවා. මේ සියලුම නිෂ්පාදන මගේ පූර්ණ අධීක්ෂණය යටතේ තමයි අපේ නිෂ්පාදනාගාරය තුළ නිෂ්පාදනය වෙන්නේ.

ඔබ ආයුර්වේද නිෂ්පාදන බිහි කරනවට අමතරව රූපලාවන්‍ය ඇකඩමියක් පවත්වාගෙන යන බව දැනගන්නට ලැබුණා. පිළිබඳවත් සඳහන් කරමු

ඔව්. සුනර වෙද මැදුර හරහා මට තියෙනවා රූපලාවණ්‍ය ඇකඩමියක්. ඒක නම් කරලා තියෙන්නේ “සුනර සොබා රූ බියුටි ඇකඩමි” ලෙස. ඒක ශ්‍රී ලංකා තෘතීයික හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි කරලා එහි නිර්දේශය යටතේ ඉගැන්වීම් කටයුතු සිදු කරන ආයතනයක්. ඉතින් ඉතාමත් නිවැරදිව ආයුර්වේද ශාස්ත්‍රානුකූලව තමයි සියලුම දේවල් සිදු කරන්නේ. ෆේෂල්, ශරීර සම්භාහනය ආදී සියලුම දේවල් නිවැරදිව සිදු කරන ආකාරය මෙහිදී උගන්නනවා. මේ වනවිටත් මගේ ඇකඩමියෙන් ඉගෙන ගත්ත බොහෝ පිරිස් ඔවුන්ගෙම රූපලාවණ්‍යාගාර පවත්වාගෙන යනවා. විශේෂයෙන්ම කියන්න ඕන දැනට වෙළෙඳපොළේ තිබෙන රසායනික දේවල් ආලේප කරලා සම්පූර්ණයෙන් සම විනාශ වූ පුද්ගලයින් සුනර වෙද මැදුර හරහා සුව වී තිබෙනවා.

ඔබේ ව්‍යාපාරයේ අනාගත ඉලක්ක මොනවාද.?

නිවැරැදි ආයුර්වේද ඔසුවක් නම් එය සුනර ඔසුවක් විය යුතුය යන  ආකල්පය පාරිභෝගිකයා තුළින්ම ගොඩ නංවාලීම තමයි මගේ ලොකුම ප්‍රාර්ථනය. ඒ වගේම තමයි මම කැමැතියි ලංකාවේ සහ විදේශීය ආයුර්වේද ඔසු සදහා ඇති වෙළෙඳපොළ දියුණු කර ගැනීමට.

ඔබව සම්බන්ධ කරගත හැකි ක්‍රම පිළිබඳව මතක් කරමු

ලිපිනය: සුනර වෙදමැදුර, අලකොලමඩ, කයිකාවල, මාතලේ.

නිෂ්පාදනාගාර දුරකථන අංක: 066-2255722

ජංගම දුරකථන: 077-8843966

Facebook: facebook.com/nadeeka.gajanayaka.5

facebook.com/sunaraosu

FDA විසින් ඉබෝලා සඳහා පළමු ප්‍රතිකාරය අනුමත කරයි

Previous article

පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය යුරෝපයේ පොසිල ඉන්ධන පරාජය කරයි

Next article

Comments

Leave a reply

Your email address will not be published.

You may also like

More in Business