Business

මැණික් කර්මාන්තය සහ එහි ආරම්භය

0

මැණික් යනු මෙරට තුළ මෙන්ම විදේශීය රටවල් තුළ ද අධික වශයෙන් ඉල්ලුමක් පවතින සුවිශේෂී ඛනිජ සම්පතකි. එය මෙරට ආර්ථීකය ශක්තිමත් කිරීමට ද මනා ලෙස පිටුවහලක් වී ඇත. ශ්‍රී ලංකාවේ භූමිය පර්යේෂණයට ලක් කළ භූ විද්‍යාඥයන්ගේ මතය වන්නේ මෙම භූමියෙන් 90% ක් පමණ වැසී ඇත්තේ ප්‍රාග් කේම්බි්‍රය විපරීත පාෂාණයන්ගෙන් බවයි. එබැවින් එම කබොල්ල තුළ මැ‚ක් බිහිවීමේ ප්‍රවණතාවය වැඩි බව ද ඔවුන්ගේ අදහසයි. ශ්‍රී ලාංකීය පොළවෙන් විශාල ප්‍රදේශයක මැ‚ක් සම්පත විහිදී ඇති බව ඔවුන් සඳහන් කරයි. ශ්‍රී ලංකාව යනු කෙතරම් අගනා රටක් ද යන්න මින් පිළිබිඹු වේ. ශ්‍රී ලංකාවේ මැ‚ක් කර්මාන්තයේ කේන්ද්‍රස්ථාන වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයයි. මෙහි නගරාසන්නව කළුගං ද්‍රෝණිය ආශ්‍රිතව බහුලවම පතල් කර්මාන්තය ක්‍රියාත්මක වේ. නමුත් රත්නපුර නගරයට පමණක් මැ‚ක් සම්පත සීමා වී නොමැත. රත්නපුර දිස්ත්‍රික්කයෙහි අනෙක් නගර වන පැල්මඩුල්ල, ඇහැලියගොඩ, කුරුවිට, කලවාන, නිවිතිගල, බලංගොඩ, රක්වාන සහ කොලොන්න ආදී ප්‍රදේශවල ද ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි ගණනක විදේශ විනිමය රැගෙන ආ මැ‚ක් සම්පත් හමුවී ඇත.

වසර 3000 ක් තරම් ඈත අතීතයක සිට මෙරට පතල් කර්මාන්ත ආරම්භව විවිධාකාර වෙනස්කම් වලට ලක් වෙමින් වර්තමානය දක්වා එම කර්මාන්තය පවත්වාගෙන යන බව දත්නට ලැබේ. මැණික් කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය ලෙස රත්නපුර නගරය හැඳින්වෙන අතර එහි නිධන්ගතව ඇති වටිනාකම තක්සේරු කළ නොහැක. මෙහි මැ‚ක් සම්පත් ඇති ආකාරය ද විද්‍යාත්මකව පැහැදිලි කළ හැකිය. ඒ අනුව ශ්‍රී ලංකාව වටා ගලා යන ප්‍රධාන ගංගාවන්හි ආරම්භය සිදුවන්නේ සමනල කන්ද ආශ්‍රීත මධ්‍යම කඳුකරයෙනි. එහිදී ඉන් එක් ගංගාවක් සමනල කඳු වැටියෙන් ගමන අරඹා පළමුව හමුවන පහත් බිම් නිම්නය ලෙෂ සැලකෙන රත්නපුර නගරාසන්නයෙන් ගලා බසියි. එහිදී වසර මිලියන ගණනක් තිස්සේ මෙම ගංගාව හරහා පහළට ඇදී එන අවසාදිත ටොන් මිලියන ගණනාවක් ගං`ගා නිම්න පත්ලේ තැන්පත් වීමෙන් රත්නපුරය කේන්ද්‍රස්ථානය කරගත් ඉතා ඉහළ වටිනාකමින් යුක්ත මැ‚ක් නිධි නිර්මාණය වී ඇති බව විද්‍යාඥයින්ගේ මත අනුව පැහැදිලි වේ.

ශ්‍රී ලංකාවේ මැ‚ක් පතල් කර්මාන්තය සඳහා ප්‍රචලිත අනෙක් ප්‍රදේශයන් පිළිබ`දව අවධානය යොමු කිරීමේදී ඇලහැර ප්‍රධාන වශයෙන් හැදින්විය හැකිය. මාතලේ දිස්ත්‍රික්කය හා පොළොන්නරු දිස්ත්‍රික්කයට මැදිව පිහිටි මෙම ප්‍රදේශයේ බහුලවම නිල් මැ‚ක් හමු වී ඇති බව ස`දහන් වේ. 1970-1980 දශකයේ මෙරට මැණික් අපනයනයෙන් වැඩිම ප්‍රතිශතයක් ඇලහැර මැ‚ක් සඳහා ලැබී ඇත. එම ප්‍රදේශයට ආසන්නව පිහිටි ලග්ගල-පල්ලලේගම, මාතලේ යන ප්‍රදේශවල ද මැ‚ක් සම්පත විහිදී ඇත. එමෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ස්ථාන ගණනාවකම පතල් කැනීම් සුළු වශයෙන් මේ වන විටත් ක්‍රියාත්මකව පවතී.

ශ්‍රී ලංකාවේ පතල් කර්මාන්තයයේ තවත් එක් සුවිශේෂී ප්‍රදේශයක් ලෙස මොණරාගල දිස්ත්‍රික්කය හැදින්විය හැකිය. ඔක්කම්පිටිය යනු මැ‚ක්් කර්මාන්තය ස`දහා වෙන් වූ තවත් භූමියකි. දශක ගණනාවක පටන් මෙම ප්‍රදේශයයෙන් ද වටිනා මැණික් වර්ගයන් මතුවී ඇත. ඔක්කම්පිටියට ආසන්නව පිහිටි අනෙකුත් පතල් කැනීම් කටයුතු සිදු වන ප්‍රදේශයන් ලෙස මොණරාගල, බිබිල, ලූණුවිල ප්‍රදේශ නම් කළ හැක. මීට අමතරව මධ්‍යම කඳුකරය ආශ්‍රිත කුඩා හා මහා පරිමාණ වශයෙන් මැ‚ක් කර්මාන්තය සිදු කරනු ලබන්නේ බගවන්තලාව හෝර්ටන් තැන්න අවට ප්‍රදේශය, බෝපත්තලාව සහ නුවරඑළිය ආදී ප්‍රදේශයන් වල දී ය.

ඉහත කී ප්‍රදේශයන්ට අමතරව දකුණු ප්‍රදේශයේ ද මැණික් සම්පත නිදන්ගතව ඇත. එහිදී ගාල්ල දිස්ත්‍රික්කයේ මීටියාගොඩ යනු සඳකැන් පාෂාණය සඳහාම වෙන්වූ බිමකි. එමෙන්ම උනාපූරුව, රිදියාගම, කතරගම සහ තිස්සමහාරාමය ආශ්‍රිතව ද වලවේ ගංගා ද්‍රෝණිය ආශ්‍රිත ව ද මෙම මැණික් සම්පත මූලික කරගත් පතල් කර්මාන්තය යම්තාක් දුරට සිදු වෙමින් පවතී.

මැණික් නිධියක් හටගන්නා ආකාරය පිළිබදව කරුණු විමසා බලන විට පැහැදිලි වන්නේ එය දීර්ඝ ක්‍රියාවලියක් බවයි. ඒ අනුව මැණිකක් පොළොව මතුපිටට පැමිණීමට වසර මිලියන ගණනාවක් ගත වේ. ස්වභාවික ගල් තට්ටු ලෙස නිර්මාණය වන මෙම මැණික් රසායනික භෞතික භූ විද්‍යාත්මක ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් මත එසේ පෘථීවි පෘෂ්ඨය ආසන්නයට පැමිණේ. පොළොව මතුපිටට පැමිණ වසර මිලියන ගණනාවක් තිස්සේ පෘථීවි අභ්‍යන්තරයේ සහ බාහිරව සිදු වන උෂ්ණත්ව ඉහළ යාම්, පීඩනය ආදී දේශගුණික විපර්යාස තුළින් ජෛව හා භෞතික ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම ගල් තට්ටු ජීර්ණයට ලක්වන අතර එයින් සෑදෙන අවසාදිත විවිධ ස්ථානවල තැන්පත්වීම සිදු වේ. ක`දුකර බිම්වල ඉහළ කොටස් තුළ පිහිටි පාෂාණ කොටස් ජීර්ණය වී සෑදෙන අවසාදිත වැසි, සුළං ආදී වාහකයන් ම`ගින පහත බිම් කලාපයේ නිම්න වෙත ළ`ගා වේ. මෙසේ ළඟා වී පැමිණෙන විවිධාකාර ඛනිජ කොටස් අතුරින් ඝනත්වයෙන් වැඩි හා බරින් වැඩි කොටස් ක්‍රමිකව පොළොවේ පතුළට ගමන් කරය.ි එසේ ගමන් කරන බරින් වැඩි මැ‚ක් වැනි ඛනිජ කොටස් අවසාදිත තට්ටුවක් ලෙස එක්තරා සීමාවක දී තැන්පත් වේ. එයට අවසාදිත තට්ටුව ලෙස ද සාමාන්‍ය ව්‍යවහාරයේදී ඉල්ලම ලෙසද හඳුන්වනු ලබයි. සමහර ප්‍රදේශවල විවිධ ගැඹුරු මට්ටම් වල මෙන්ම ඉල්ලම් තට්ටු කිහිපයක් හමුවන අවස්ථාද ඇති අතර මේවා විවිධ කාලවල තැන්පත් වූ ඒවා ලෙස සැලකිය හැකිය.

මෙම මැණික් නිධි පැර‚ ගංගා නිම්නවල තැන්පත් වූ අවසාධිත නිධි වශයෙන් ද නායයෑම් නිසා කඳුකරයේ සිට පහත් බිම් සහ නියමයෙන් වෙත ප්‍රවාහනය වූ අවසාධිත නිධි වශයෙන්ද මව් පාෂාණය ජීර්ණය වීමෙන් එම ස්ථානයේම ඇති වූ අවසාධිත නිධි වශයෙන් ද පිහිටයි.

ඇෆ්ගනිස්ථානය කෙරෙහි ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රතිපත්තිමය වෙනසක්

Previous article

prettiest Cotswolds villages to visit

Next article

Comments

Leave a reply

Your email address will not be published.

You may also like

More in Business