2027 පෙබරවාරි මස 12, 13 සහ 14 යන දිනවල පැවැත්වීමට නියමිත AICONOMY Summit Sri Lanka 2026/27 ජාත්‍යන්තර කෘත්‍රිම බුද්ධි සමුළුව හා ප්‍රදර්ශනයට සමගාමීව, වයඹ විශ්වවිද්‍යාලයේ පරිගණක හා තොරතුරු පද්ධති ශිෂ්‍ය සංගමය (ACISS) සහ AICONOMY Summit සංවිධායක මණ්ඩලය එක්ව සංවිධානය කළ “Beyond Borders 2026 – International Educational and Cultural Exchange” ජාත්‍යන්තර අධ්‍යාපනික හා සංස්කෘතික හුවමාරු වැඩසටහන 2026 නොවැම්බර් මස 18 වැනිදා ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කුලියාපිටිය පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

ශ්‍රී ලංකාව, චීනය සහ දකුණු කොරියාව අතර අධ්‍යාපනික, තාක්ෂණික හා සංස්කෘතික සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් පැවැති මෙම වැඩසටහන සඳහා වයඹ විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් මෙන්ම චීනය සහ දකුණු කොරියාව නියෝජනය කරමින් පැමිණි ජාත්‍යන්තර තරුණ කණ්ඩායම් ද සහභාගි වූහ. දෙරණ මාධ්‍ය ජාලය (Derana) මෙම වැඩසටහනේ ප්‍රධාන මාධ්‍ය සහකරු (Main Media Partner) ලෙස කටයුතු කළේය.
අධ්‍යාපනය, නවෝත්පාදනය, තාක්ෂණය, ව්‍යවසායකත්වය සහ ජාත්‍යන්තර සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන ප්‍රධාන අදියර තුනක් යටතේ සංවිධානය කර තිබිණි.
අධ්‍යාපනික හා දැනුම හුවමාරු වැඩමුළුව
එහි පළමු අදියර ලෙස අධ්‍යාපනික හා දැනුම හුවමාරු වැඩමුළුව පෙරවරුවේ වයඹ විශ්වවිද්‍යාලයේ පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම වැඩමුළුව ඔස්සේ විශ්වවිද්‍යාල සිසුන්ට නව තාක්ෂණික ප්රවණතා, කෘත්‍රිම බුද්ධිය, ව්‍යවසායකත්වය, නායකත්වය සහ වෘත්තීය සංවර්ධනය පිළිබඳ දැනුම හා අත්දැකීම් හුවමාරු කරගැනීමට අවස්ථාව සැලසිණි.
මෙම අධ්‍යාපනික වැඩසටහන සඳහා ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ විද්වතුන්, තාක්ෂණික ක්ෂේත්රයේ වෘත්තිකයන් සහ ව්‍යවසායකයන් රැසක් එක්ව සිටියහ. ඒ අතර එක්සත් රාජධානියේ SmartSaaS ආයතනයේ නිර්මාතෘ, කෘත්‍රිම බුද්ධි හා යන්ත්‍ර ඉගෙනුම් ඉංජිනේරු, පර්යේෂක සහ ව්‍යවසායක ආචාර්ය Saf Hussain, ගෞරව ආචාර්ය උපාධිධාරී ආචාර්ය Rhee Gwangbo, Microsoft ආයතනයේ මෙහෙයුම් කළමනාකාරිනියක සහ Microsoft Elevate Educator Expert වන Nethusha Ravisuthan මහත්මිය, Frella ආයතනයේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්යක්ෂ Sugath Horadagoda මහතා සහ AICONOMY Summit හා House of Marketeer හි අධ්යක්ෂ M.F.M. Roshan මහතා ද වූහ.

ඔවුන්ගේ සහභාගිත්වය තුළින් තාක්ෂණික නවෝත්පාදනය, කෘත්‍රිම බුද්ධිය, ව්‍යවසායකත්වය, වෘත්තීය අවස්ථා සහ ගෝලීය ප්රවණතා පිළිබඳ වටිනා දැනුමක් ලබාගැනීමට සිසුන්ට අවස්ථාව උදා විය.
ජාත්‍යන්තර සංස්කෘතික හුවමාරුව
දෙවන අදියර යටතේ පස්වරුවේ පැවැති ජාත්‍යන්තර සංස්කෘතික හුවමාරු වැඩසටහනේදී චීනය සහ දකුණු කොරියාව නියෝජනය කළ තරුණ කණ්ඩායම් සිය රටවල සම්ප්‍රදායික සංස්කෘතික අංග ඉදිරිපත් කළහ. මෙය විවිධ ජාතීන්ට අයත් තරුණ තරුණියන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, මිත්‍රත්වය සහ සංස්කෘතික සහයෝගීතාව වර්ධනය කිරීමට සුවිශේෂී අවස්ථාවක් විය.
සංගීත හා ප්‍රාසාංගික වැඩසටහන
වැඩසටහනේ තෙවන සහ අවසන් අදියර ලෙස රාත්‍රී කාලයේදී වයඹ විශ්වවිද්‍යාලයේ එළිමහන් රංග පීඨයේදී සංගීත හා ප්‍රාසාංගික වැඩසටහනක් පැවැත්විණි. එහිදී වයඹ විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ගේ සංගීත, නර්තන හා විවිධ කලාත්මක දක්ෂතා ප්‍රදර්ශනය කෙරුණු අතර, එය ජාත්‍යන්තර සහභාගිවන්නන් සහ ශ්‍රී ලාංකික සිසුන් අතර සුහදත්වය තවදුරටත් වර්ධනය කළ අවස්ථාවක් විය.

තෙවන අදියරේ සමාප්තිය සනිටුහන් කරමින් පැවැති විශේෂ පහන් කූඩු සංදර්ශනයකින් වයඹ විශ්වවිද්‍යාලයට ඉහළ අහස ආලෝකමත් වූ අතර, එය වැඩසටහනට එක්වූ සියලු දෙනාට අමතක නොවන සුවිශේෂී අත්දැකීමක් එක් කළ අලංකාර අවස්ථාවක් විය.
තරුණ පරපුරට ගෝලීය අවස්ථා
AICONOMY Summit Sri Lanka 2026/27 සහ වයඹ විශ්වවිද්‍යාලයේ ACISS ශිෂ්‍ය සංගමය අතර පවතින නිල සහයෝගීතාව යටතේ සංවිධානය වූ මෙම වැඩසටහන, විශ්වවිද්‍යාල සිසුන් ජාත්‍යන්තර අධ්‍යාපනික, තාක්ෂණික හා සංස්කෘතික අවස්ථාවන් සමඟ සම්බන්ධ කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය.
එමෙන්ම, AICONOMY Summit Sri Lanka 2026/27 සමුළුවට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන විශ්වවිද්‍යාල සහ තරුණ ප්‍රජාව සවිබල ගැන්වීමේ වැඩසටහන් මාලාවේ සුවිශේෂී අංගයක් වූ “Beyond Borders 2026”, ශ්‍රී ලාංකික තරුණ පරපුරට ගෝලීය දැනුම, නවෝත්පාදන අවස්ථා සහ ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගැනීමට මනා වේදිකාවක් නිර්මාණය කළේය.

මෙවැනි ජාත්‍යන්තර සහයෝගීතා වැඩසටහන් ඔස්සේ ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සිසුන්ට ගෝලීය අත්දැකීම් ලබාගැනීමටත්, විදේශීය විශ්වවිද්‍යාල හා තරුණ ප්‍රජාවන් සමඟ සබඳතා ගොඩනගා ගැනීමටත්, අනාගත අධ්‍යාපනික, වෘත්තීය හා ව්‍යවසායකත්ව අවස්ථා හඳුනාගැනීමටත් නව මංපෙත් විවර වනු ඇත.